ප්‍රියා සූරියසේන මහත්තයට වෙලා තියෙන දේ

san**

Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    වෙනමම voice එකක් එක .. අමුතු ජවයක් තියනවා ප්‍රියා මහත්මයාගේ සින්දු වල .. අපිව කොච්චර මනෝ පාරවල් වලට අරන් යන්න ඇත්ද මේ සින්දු ..
    නීරෝගී අනාගතයක් වේවා .
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    You are right! I don't. I believe it's an overreaction to an innocent post. :)
    You must be quite young. I'm not overreacting. Just trying to show the error... You never enjoyed Priya's music did you? You don't understand how much he, his family and his fans are suffering to see him like that do you? If you had the slightest idea, you wouldn't point out his daughter here and start a thread about her and post a link to that thread here :) Not cool bro. I'm not blaming you as you are young, just have some empathy about other's sufferings... that's all :)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    බොහොම කෙටි කාලෙකදි මේ තත්වෙට පත්වෙලා තියෙන්නෙ...
    ඩෙල් ස්ටුඩියෝ එකෙත් හොඳට සිංදු කිවුවනෙ.. ඒත් මේ මෑතකාලයෙ..

    මනුස්සයට කතාකරන්න අවස්ථාව නොදීපු එකනං මහ පල් වැඩේ... හරි ආසාවෙන් මයික් එක අරගෙන දෙයක් කියන්න හැදුවෙ....😥
     
    • Sad
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,748
    31,096
    113
    අපායෙ දොරකඩ
    You must be quite young. I'm not overreacting. Just trying to show the error... You never enjoyed Priya's music did you? You don't understand how much he, his family and his fans are suffering to see him like that do you? If you had the slightest idea, you wouldn't point out his daughter here and start a thread about her and post a link to that thread here :) Not cool bro. I'm not blaming you as you are young, just have some empathy about other's sufferings... that's all :)

    As I said in my 1st post, my dad is a huge fan. I practically grew up listening to his songs. I greatly respect him as an artist and his family for caring for him during this challenging period. Having said that, I still don't see anything wrong in commenting on how I felt about his daughter. She is a beautiful woman and a caring daughter worthy of admiration. It's only today I found out about the daughter in question and what a terrific singer she is. Have you listened to her song? I did. The real issue is the dirty minds of some people who think everyone's the same in viewing beauty. I merely posted the link to her thread here as a response to the poor attitude I received. :) Not cool, indeed.
     
    • Like
    Reactions: NRTG

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Amme apitath oya wage age ekak enawane.appaaaa ita kalin rahat wenna one
    පෙති බිල මැරෙන එකත් පට්ට අවුල් බං
    මැරුණෙ නැත්තං ටික දවසක් ට්‍රැක් අවුට් ඉන්න වෙන්නෙ
    මෙදා සැරේ සතියක් විතර
    ඊට කලින් සැරේ මාස දෙක තුනක්
    මට කරන්ට් එකත් ඇල්ලුව 😅

    හැබැයි 2001 දි බීපු එකටනං ට්‍රැක් අවුට් වුණේ නෑ :shocked: හැබැයි මැරෙන්නම ගියා
     
    • Haha
    Reactions: Emios

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    As I said in my 1st post, my dad is a huge fan. I practically grew up listening to his songs. I greatly respect him as an artist and his family for caring for him during this challenging period. Having said that, I still don't see anything wrong in commenting on how I felt about his daughter. She is a beautiful woman and a caring daughter worthy of admiration. It's only today I found out about the daughter in question and what a terrific singer she is. Have you listened to her song? I did. The real issue is the dirty minds of some people who think everyone's the same in viewing beauty. I merely posted the link to her thread here as a response to the poor attitude I received. :) Not cool, indeed.
    :lol: Ok. At least you accepted what you did was not cool.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Mokadda bn api me karana boruwa.metanata ennane me okoma.ada ada marenna wenne :baffled:
     
    • Like
    Reactions: NRTG

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සොබාදහමේ නියමයන්ට කොතරම් පටහැනි වුණත් සමහර මිනිසුන් කවදාවත් වයසට යන්නේ නැහැයි කියලා අපි හිතාගෙන ඉන්නවා.. ඒ අය ගැන සදාකාලයට ම පවතින සදාහරිත ( Evergreen) මුද්‍රාවක් අපේ හදවතේ තැන්පත් වෙලා තියෙනවා.
    ප්‍රියා සූරියසේන කියන්නේ එහෙම කවදාවත් වයසට යන්නේ නැහැයි කියලා මං හිතාගෙන හිටපු මනුස්සයෙක්. මට මතක ඇති කාලයේ ඉඳලා මට ප්‍රියා සූරියසේන ගැන තිබුණේ වෙනස් නොවන, නිශ්චිත රූපයකුයි.
    60, 70,80,90 දශකවල ඉපැදුණු කෙනෙකුට කොතරම් වයසට ගියත් තමන් ගේ පැරණි මතකවලට බද්ධ වුණු බාලිකා පාසලක් ළඟින් යනකොට ප්‍රියා සූරියසේන ගේ කටහඬින් "සුදු පරෙවි රෑන සේ" සිංදුව ඇහෙනවා.. තමන් ඉස්කෝලේ යන කාලයේ හිතින් හරි ආදරය කරපු කවුරුන් හෝ නව යොවුන් ගැහැනු ළමයකු ගේ රූපය ප්‍රියා සූරියසේන ගේ කටහඬ පසුතලයේ තිබියදී ඇහෙනවා. කොතරම් කාලයක් ගත වුණත් ඒ නවයොවුන් ගැහැනු රූපය වයසට යන්නේ නැහැ. ඒ වගේ ම ප්‍රියා සූරියසේන ගේ කටහඬ වයසට යන්නේත් නැහැ.
    ඒ වගේ ම 60, 70,80, 90 දශකවල ඉපදුණු කෙනෙකුට රට යන්න ප්ලේන් එකට නැගලා, ප්ලේන් එක ගුවන්ගත වෙන්න මොහොතකට කලින් දැනෙන මෙලන්කොලික හැඟීම එක්ක "රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ" සින්දුව තමන් ගේ හිත ඇතුළෙන් ම ඇහෙන්න ගන්නවා. ලංකාවේ තමන් ආදරය කරන හෝ දාලා යන්න හිත හදාගන්න අමාරු කවුරුන් හෝ කෙනෙකු ඒ ගීතය පසුතලයේ තිබියදී මනසේ මැවෙනවා.
    ආදරයේ ළඳ බොළඳ මිහිරි හැඟීම් එක්ක තනිවෙන රාත්‍රියක, ගණන් කරන්න බැරි තරම් විශාල තාරකා එළි ගොන්නක් යට කොහේ හෝ මුහුදු වෙරළක තනි වුණු රැයක ප්‍රියා ගේ කටහඬින් "රෑට තරු දහස් ගණන් ඈත සුරපුරෙන් මිදී" ගීතය ඇහෙනවා. ආදරෙයේ සීනි තැවරුණු හැඟීම් හෙවත් sweet nothings සමග මනෝ ගහන්නට එයට වඩා හොඳ ගීතයක් මට මතක් වෙන්නේ නැහැ. ජීවිතයේ කුමන වයසක, කුමන අවදියක හිටියත් ඒ ගීතය විසින් ඇති කරන මනෝභාවය එකයි.
    මගේ ජීවිතයේ මම ඉතා ම ළඟින් ඇසුරු කරපු, ආදරය කරපු හුඟක් ගැහැනු ළමයින්ට නුවරට කුමක් හෝ සම්බන්ධයක් තියෙනවා. එක්කෝ ඔවුන් නුවර ඉපදුණු අයයි. එහෙම නැත්නන් නුවර හැදී වැඩුණු හෝ නුවර කාලයක් ජීවත් වුණු අයයි. මේ නිසා ම නුවර කෙල්ලන් ගේ බොරු අහංකාරය, බොරු ලොකුකම මෙන් ම ඉසියුම් ඇවතුම් පැවතුම් ගැනත් මට කිසියම් අවබෝධයක් තියෙනවා. ඒවායින් කිසියම් 'ප්‍රහේලිකාමය' (enigmatic) චමත්කාරයක් මා විඳ තියෙනවා. ප්‍රියා සූරියසේන "ගෙල වට බැන්දා වූ මුතු පොටේ" ග‍යන විට මේ ප්‍රහේලිකාමය චමත්කාරය නැවත නැවතත් මා ඉදිරියේ මැවී පෙනෙනවා.
    අපි දන්න හුඟක් ගායකයන් ගේ ගීතවලට ඉතා ම සාර්ථක කවර් වර්ෂන්ස් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඇතැම් වෙලාවට මුල් ගීතයට වඩා කවර් වර්ෂන් එක සාර්ථක වුණු අවස්ථා, ජනප්‍රිය වුණු අවස්ථා අප දැක තියෙනවා. ඒත් කවදාවත් ප්‍රියා සූරියසේන ගේ මුල් ගීතයට වඩා සාර්ථක හෝ ජනප්‍රිය කවර් වර්ෂන් එකක් කවදාවත් හැදෙයි කියලා මං හිතන්නේ නැහැ. ඒ ප්‍රියා සූරියසේන ගේ ඔහුට ම අනන්‍ය සදාහරිත, යොවුන් කටහඬ ඒ ගීතයේ වෙන් කරන්න බැරි කොටසක් වශයෙන් පවතින නිසයි.
    ඉතින් ප්‍රියා සූරියසේන කොතරම් වයසට ගිහිල්ලා ඉන්නවා දුටුවත්, අසනීප වෙලා ඉන්නවා දුටුවත්, දුබල වෙලා ඉන්නවා දුටුවත් මගේ මනස තුළ ඔහු හැමදාමත් මතක ඇති කාලයේ ඉඳන් ජීවත් වන සදාහරිත ගායකයාමයි..
    අප ජීවිතයේ කොතැන, කොහොම, කොයි විදියට හැරිසරලා අන්තිමේ දී නික්ම යන්න වුණත් මේ "සදාහරිත බව" තවත් කල්ප කාලයක් යන තුරු ජීවත් වන බව මට ප්‍රත්‍යක්ෂයි.
    -
    රසික ජයකොඩි
    21 - 02 - 2024