දුකට හේතුව තණ්හාව කියලා බුදුරජාණන්වහන්සේ දුක්ඛ සූත්‍රයෙදි දේශනා කරනවා. ඇත්ත. දුක් වෙන අවස්ථාවක් දිහා ආපහු හැරිලා බැලුවම ඕන කෙනෙක්ට තේරෙනවා තණ්හාව නිසා නැත්නම් අල්ලගැනීම නිසා තමයි ඒ දුක් වුනේ කියලා. ප්‍රශ්නය තියෙන්නෙ ඒක දැන ගෙනත් ආපහු දුක් විඳින එක. එහෙම බලද්දි පුදුම වෙන්න දෙයකුත් නැහැ. බුදුරජාණන්වහන්සේට ඔය ඇත්ත අවබෝධ වෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගියා. සැරියුත් මුගලන් අග්‍රශාවක උත්තමයන් දෙපලට එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඒ වෙනුවෙන් ගත වුනා. එහෙව් එකේ අපිට තණ්හාව එක මොහොතෙන් තේරුම් ගන්න බැරි වීම සාමාන්‍යයි. ධම්මචක්කපවත්තන සූත්‍රයෙදි පටිච්චසමුප්පාදය විස්තර කරන බුදුරජාණන්වහන්සේ පටිච්චසමුප්පාදය ආරම්භ කරන්නේ අවිද්‍යාවෙන්. සමහරු කියනවා මේක චක්‍රයක් වගේ නිසා කොහෙන් පටන් ගත්තත් එකයි කියලා. ඒ කියන්නේ එයාලා කියන්නේ පටිච්චසමුප්පාදය කොතනින් පටන් අරන් පුහුණු වුනත් වරදින්නෙ නැහැ කියලා. මන් හිතන විදියට නම් බුදුරජාණන්වහන්සේ හේතුවක් ඇතිවයි අවිද්‍යාවෙන් පටන් අරන් තියෙන්නෙ. ඒකට හේතුව තමයි මුලින් ම සඳහන් කලේ. තණ්හාව කොච්චර විද්‍යාමානව තිබ්බත් පේන්නෙ නැහැ, නැත්නම් අවබෝධ වෙන්නෙ නැහැ. ඒකට හේතුව තණ්හාව නොවේ, ඒකට හේතුව අවිද්‍යාව. දැන් අපි බැලුවම තණ්හාව ඇති වෙන්නත් හේතු තියෙනවානෙ. එක්කො ප්‍රිය බව. එක්කො අප්‍රිය බව. ප්‍රිය කරන දේවල් වලට තියෙන තණ්හාව හරි පහසුවෙන් තේරුම් ගතෑකි. මන් කැමැති දේ මට ඕනා, එච්චරයි. එතකොට මන් අකමැති දේ? ඒක මට එපා. මෙතැනදි තණ්හාව තේරුම් ගන්නෙ කොහොම ද? මෙතැනදි තණ්හාව වැඩ කරන්නෙ අකමැත්ත මුල් කරන්. අකමැත්ත තමයි එතැන අල්ලන් ඉන්නෙ. ඒක නිසා අප්‍රිය දේ ප්‍රතික්ෂේප කරනවා. යම් දෙයකට ප්‍රිය හෝ අප්‍රිය වෙන්නෙ ඇයි? ඒ දේ, දෙයක් විදියට දකින නිසා. මෙහෙම දකින්නෙ ඇයි? එහෙම දකින්නෙ අවිද්‍යාව නිසා. ඉතින් මෙහෙම බැලුවම පටිච්චසමුප්පාදය අවිද්‍යාවෙන් පටන් ගැනීම සාධාරණයි. අවිද්‍යාව, විද්‍යාවට පෙරලන කන් තණ්හාව නැති කරනවා බොරු.