
මෙන්න මේක තමයි ගොඩක් අය තේරුම් ගන්නේ නැත්තේ. ඒ විතරක් නෙවෙයි ආරක්ෂාවට (තනියම ඉන්නවට වඩා දෙන්නෙක් එක්ක ඉන්නකොට හොදයිනේ, සමහර පවුල් වල ගෑණු තමයි මිනිහට උපදෙස් දෙන්නේ , එතකොට ගෑණියෙක් වළීයකට ආවොත් පිරිමියට ගිහින් ගහන්න බෑ නේ? එතකොට ගෑණිව දැම්මම හරි වළියට), ආර්ථිකයට (දෙන්නම සල්ලි හොයනවා නම් ඒක දෙන්නටම හොදයි), පරම්පරාව ගෙනියන්න (කවුරුත් කැමතියි නේ තමන්ගේම කියලා ළමයි හදන්න), sex එකට , ආදරයට (අපිට ආදරය ඕනේ,ආදරය නැති වුනාම මිනිස්සු සත්තු වෙනවා), තනිකමට (තමන්ගේම කියලා කෙනෙක් ලගින් ඉන්නකොට කොච්චර හොදද) , විනෝදයට (එක එක ක්රීඩා අරවා මේවා කොච්චර නම් කරන්න පුලුවන්, ළමයි හම්බ වුනාම මේ විනෝදය දෙගුණ තෙගුණ වෙනවා) , ජීවිතයට හයියක් වෙන්න (හිතන්න මුළු ලෝකයම උබට කැමති නෑ කියලා ,අන්න ඒ වෙලාවේදි තමන් බැදපු කෙනා තමයි තමන්ගේ පැත්තේ ඉන්නේ, අන්න එහෙම කෙනෙක් තමන්ගේ පැත්තේ ඉන්නකොට ඕනම කෙනෙක්ට ලොකු සතුටක් එනවා) ,උදව්වට (කෑම හදන්න, ලෙඩ වුනාම බලගන්න, ගේ අස්කරන්න). මේක ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම පොදුයි. ගෑණුන්ට පිරිමි ඕනේ, පිරිමින්ට ගෑණු ඕනේ.