ප්‍රීති කසානා.......
රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල ගැන . කසන්න කසන්න ආස හිතෙන , ඊට පස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ ප්‍රීති කසානා ගැනයි අද කතාව .
බොහෝ පිරිසක් විඳවන මේ කැසිල්ල , ඉකිළිය , කිහිල්ල වගේ තෙතමනය රැඳන හැංගිච්ච තැන් වල බහුලව ඇති වෙන ඒතැනින් නොනැවතී නියපොතු , යටි පතුල වගේ තැන්වලටත් පහර දෙන දිලීර රෝගයක් . තව විදියකින් කීවොත් “පුස් බැඳීමක්“ ..
එතකොට මුලින් කීවේ රිංග්වර්ම් Rigworm කියලා ? ඒ කියන්නේ මේක පණු රෝගයක් නොවෙයිද ?
පොදුවේ මේ තත්ත්වයට රිංග්වර්ම කිව්වට ඇත්තටම මේක දිලීර රෝගයක් , රිංග් කියල කියන්නේ මේ “පුස් “ නිසා ඇතිවන කැසිල්ලත් එක්ක හමේ පාට වෙනස් වෙලා කැඩිලා සම මතු පිට රවුම් හැඩයට කළාප හැදෙන නිසා . මේ තත්ත්වයට වෛද්‍යවිද්‍යාත්මකව කියන්නේ ඩර්මැටොෆයිටෝසිස් Dermatophytosis කියලා . ලෙඩේ හදන අර පුස් වර්ගයට , කියන්නේ Dermatophytes එහෙම නැත්නම් Tinea කියල.
මේ ටීනියාල අපේ ඇඟේ විවිධ තැන්වල හැදෙන්න පැතිරෙන්න පුළුවන් . විශේෂයෙන්ම පාසල් යන වයසේ , නැත්නම දවසේ වැඩි වෙලාවක් රැකියාවේ ඉන්න වයසේ හුඟ දෙනෙක් විඳවන “ඉකිළි “ කැසිල්ල , නැත්නම් කළව ප්‍රෙද්ශයේ ඉහළ ඇතිවන කැසිල්ල නම් කරන්නේ Tinea cruris කියලා . මේ කැසිල්ල ඔළුවේ , හිස් කබලේ ආවොත් , කෙස් ගස් හරිහ පහසුවෙන් ගැලවිලා ගිහින් “තට්ට් රවුම්“ හැදෙනවා , මේ ලෙඩේදි දෙන නම තමයි Tinea capitis . ඔය විදියට කකුලේ යටිපතුලේදි pedis , නියපොතු වලදි unguium හෝ onychomycosis මුහුණෙදි පුස් බැඳිලා රවුම් හැදුනොත් faciei ..ඔන්න ඔය වගේ නම් කෑල්ලක් අර ටීනියාට එකතු කළාම දොස්තර මහත්තය මේ ලෙඩේට කියන නමම හොයා ගන්න පුළුවන් . තව වර්ග ගනනාවක් තිබුණත් මේ හැම එකක් ගැනම පොදුවේ කතා කරන්න ඕන කාරණා ටික කතා කරළ ඉමුකෝ මුලින්ම . නැහැ මුලින්ම අපි පිංතූර ටිකක් බලල ඉමු එතාකොට වැඩේ ලේසියි .
තට්ට රවුම් - Tinea capitis
කකුළ පතුලෙ රවුම් Tinea pedis
ඉකිළි රවුම් Tinea cruris
Tinea corporis ඇඟේ , කඳේ , පිටේ හැදෙන රවුම්
දැන් මේ පිංතූර ටික දැක්කම මේ කියන ලෙඩේ ගැන පොඩ්ඩක් මතක් වෙන්න ඇති කියල හිතෙනවා . දන්නවද මේ පුස් කෑම හරිම ඉක්මණට බෝවෙන්න පුළුවන් ලෙඩක් , යාළුවගෙන් විතරක් නොවෙයි , ගෙදර ඉන්න පූසන් , බල්ලන් වගේ අයගෙනුත් මේ ලෙඩේ අපට එන්න පුළුවන් .
හරි කොහොම වුනත් මේ කැසිල්ල තමන්ට තිබෙන බව දැන ගත්තොත් ඉක්මණින්ම කරන්න ඕන දේ මොකක්ද දන්නවද ? .... ඔව් ඉක්මණින්ම කසන්න තමා වෙන්නෙ , හැබැයි ඊට පස්සේ දොස්තර මහත්තයට පෙන්නල බෙහෙත් ටිකක් ගන්න ඕන , විශේෂයෙන්ම මේ වෙලාවෙ දෙන ගාන ක්‍රීම් වර්ගය හරි විදියට ආලේප කරගන්න හැටි අහගෙන නිවැරදි උපදෙස් පිළිනොපැද්දොත් , ටික කළක් යත්දි කැසිල්ල වැඩිවෙලා , තුවාල මතුවෙලා කරදර ගොඩක් එන්න පුළුවන් .
මොකද අපි කරන්න ඕන , මුලින්ම මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න නම් , ශාරීරික පවිත්‍රතාව හොඳින් පවත්වා ගන්න ඕන , මෙතනදි නාන ඇඟ හෝඳන එක ගැන විතරක් නොවෙයි කියන්නේ , ඊටපස්සේ හොඳට තෙත මාත්තු කරල වියළා ගන්න එක ගැනත් කියැවෙනවා. ඒ විතරද ඇඟ පිස්නා , පනාව වගේ දේවල් තවත් අයත් එක්ක බෙදා හදා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි . මොකද මේ දිලීර වර්ගය බෝවෙන්නේ ස්පර්ශය මඟින් ප්‍රධානවම. ඊළඟ වැදගත් දේ තමන්ට මේ රෝග තත්ත්වය ඇත්නම් ඉක්මණින්ම නිසි ප්‍රතිකාර ගන්න එක. ප්‍රතිකාර ගන්න දවස් ටිකේ තමන්ගේ ඇඟළුම් , පිස්නා, ඇඳ රෙදි තවත් අය එක්ක හුවමාරු නොවෙන්න වෙනම තබා ගැනීම හුඟක් වැදගත් . ගෙදර සුරතලයට ඇති කරන සත්තු ගැනත් අවධානයෙන් ඉන්න , මේ වගේ සැකයක් ඇත්නම් ඉක්මණින් නිසි ෂැම්පු වර්ගයක් මඟින් ප්‍රතිකාරය පටන් ගන්න එක වැදගත් .
මේ තත්ත්වයදැයි කියල සැක නම් ලැජ්ජ නොවී දොස්තර මහත්තයට කියන්න , සමහර හිතනවා ඉකිළි වල , සමහර විට වෘෂණ ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවුනාම “මහ භයානක සමාජ රෝගයක් , කාටවත් කියන්න බැහැනේ කියල“ .. නැහැ කළබල වෙන්න එපා මේක එහෙම තත්ත්වයක් නොවයි , මේ තවත් අළුහම් වර්ගයක් විතරයි , අනෙක ලොකු පරික්ෂණ කරන්න වෙන එකකුත් නැහැ , මොකද අපේ වෛද්‍යවරුන්ට මේක බලපු ගමන් කියන්න පුළුවන් , හැබැයි ඕන නම් culture එකක් කරල වැඩි දුර හොයන්නත් පුළුවන්.
හඳුනගත්තට පස්සේ ප්‍රතිකාරය විදියට ප්‍රතිදිලීරක ආලේපයක් anti fungal cream එකක් දේවි හිසේ නම් ගැටළුව ෂැම්පු වර්ගයකුත් එක්කම , අඩුම තරමේ සති දෙකක් විතර දිගටම ආලේප කරන්න වෙනවා මෙය , සති හයක් විතර වෙනකම් වැඩි කරන්නත් පුළුවන් . ඊට අමතරව සමහර විට මුඛයෙන් ගන්නට ගිලින පෙති විදියට ඖෂධ දෙන්නත් පුළුවන් . මෙහෙම දුන්නොත් ඒ බෙහෙත පල - අපල ගැන හරියට අහගන්න , ඒ වගේම බෙහෙත ගන්න කාළෙතුල සමේ පාට වෙනස් වීමක් , කහ පාට ගතියක් , කෑම අප්පිරියාවක් , බඩේ අපහසුතාවක් ආවොත් සැළකිළිමත් වෙන්න , මොකද හුඟක් ප්‍රති දිලීර පෙති වලින් අක්මාවට යම් තරමක ආපදාවක් ඇති කරන්න පුළුවන් , ඒ නිසා බෙහෙතත් එක්ක ඊට අදාල වෛද්‍ය උපදෙස් හරියට ඉල්ල ගන්න එකත් , ඒ උපදෙස් හරියටම පිළිපදින එකත් තවත් ආපදාවකට ලක්වීම වලක්වා ගන්නට මග.
උපුටා ගැනීම - සොඳුරු සුව අසපුව....