ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...
බෙල්ලෙකුගෙ හදවතේ රහසේම කථාවක්
රළු මුහුදු සුදු වැල්ල කවා ඇත ඉනාවක්
රෑ පුරා ලුණු රසින් කැවෙන වේදනාවක්
මුතු වෙන්නෙ සංසාරෙ පදම් වෙන ප්‍රේමයක්...
කොරල් පරයක් අස්සෙ හැංගිලා විඳවන්ට
දුකක් උහුලනු බැරිව පතුලේම වැලලෙන්ට
හැකි උනත් බෙල්ලෙකුට කටුව සිඳ බිඳ ලන්ට
මුතු හදන්නට ඇහැකි ඉවසන්ට හැකි උන්ට...
ඉස්කෝලෙ පන්තියේ මාරු වෙන පේළියක්
රිසි ලෙසට ගයනු හැකි සප්ත ස්වර යාගයක්
තැනක උස් පහත් වෙන කඳු නිම්න තීරයක්
ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...
W.A.w.k.W
බෙල්ලෙකුගෙ හදවතේ රහසේම කථාවක්
රළු මුහුදු සුදු වැල්ල කවා ඇත ඉනාවක්
රෑ පුරා ලුණු රසින් කැවෙන වේදනාවක්
මුතු වෙන්නෙ සංසාරෙ පදම් වෙන ප්‍රේමයක්...
කොරල් පරයක් අස්සෙ හැංගිලා විඳවන්ට
දුකක් උහුලනු බැරිව පතුලේම වැලලෙන්ට
හැකි උනත් බෙල්ලෙකුට කටුව සිඳ බිඳ ලන්ට
මුතු හදන්නට ඇහැකි ඉවසන්ට හැකි උන්ට...
ඉස්කෝලෙ පන්තියේ මාරු වෙන පේළියක්
රිසි ලෙසට ගයනු හැකි සප්ත ස්වර යාගයක්
තැනක උස් පහත් වෙන කඳු නිම්න තීරයක්
ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...
W.A.w.k.W

+


