ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...

    බෙල්ලෙකුගෙ හදවතේ රහසේම කථාවක්
    රළු මුහුදු සුදු වැල්ල කවා ඇත ඉනාවක්
    රෑ පුරා ලුණු රසින් කැවෙන වේදනාවක්
    මුතු වෙන්නෙ සංසාරෙ පදම් වෙන ප්‍රේමයක්...

    කොරල් පරයක් අස්සෙ හැංගිලා විඳවන්ට
    දුකක් උහුලනු බැරිව පතුලේම වැලලෙන්ට
    හැකි උනත් බෙල්ලෙකුට කටුව සිඳ බිඳ ලන්ට
    මුතු හදන්නට ඇහැකි ඉවසන්ට හැකි උන්ට...

    ඉස්කෝලෙ පන්තියේ මාරු වෙන පේළියක්
    රිසි ලෙසට ගයනු හැකි සප්ත ස්වර යාගයක්
    තැනක උස් පහත් වෙන කඳු නිම්න තීරයක්
    ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...


    W.A.w.k.W
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    6586766.gif


    පදම් වෙන ප්‍රේමයක්...
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Me mosam wesi nethi weegenath awith
    Oba kawadaa eida? Kiyanna
    Balaporoththu nethi weegenath awith
    Oba kawadaa eida? Kiyanna
    Himidiriye piyeebu wihagun apasuth awith
    Oba Kawadaa eida? Kiyanna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පමණ දැන විදිය යුතු මධු ඔඩම පුරවාන
    බොහෝ කල් මග බලා සිටිමි ඔබ එන සේම
    ජීවිතය මධු විතේ ගිලී කිමිදී නැසින
    නමුත් දොස් නොකියමිය, සොදුරුමය ඒ විදුම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙදහස් වන පෝස්ට් එකත් හද පෙලන කවක් වීම ගැන මාගේ ප්‍රණාමය සහ ප්‍රහර්ෂය.........
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    බෙල්ලෙකුගෙ හදවතේ රහසේම කථාවක්
    රළු මුහුදු සුදු වැල්ල කවා ඇත ඉනාවක්
    රෑ පුරා ලුණු රසින් කැවෙන වේදනාවක්
    මුතු වෙන්නෙ සංසාරෙ පදම් වෙන ප්‍රේමයක්...

    ඉතා කදිම උපමා රූපක භාවිතාවක්..මට නම් හිතෙන්නෙ දෙවෙනි කොටස වෙද්දි කවිය සමාප්ත උනා නම් හොඳයි..මුල් කොටස් දෙකේ ආකෘතිය කඩාගෙන තුන් වෙනි කොටස මතු වෙද්දි රහ ටිකක් අඩුයි වගේ .හැඟීම් දැනවෙන විදියට කවි ලියන්න හැමෝට බෑ ..අගෙයි.

    බම්ප් වේවා