ප්‍රොටීන සපිරි පළතුරු වර්ග..

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ප්‍රොටීන සපිරි පළතුරු වර්ග..

    ප්‍රෝටීන යනු සිරුරේ වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂකයකි. පළතුරු යනු ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආකාරයකි. එමෙන්ම එලවළු හා මස් මාංශ ද මෙලෙස සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් සැපයුම සිදු කරයි.

    මේ ලිපියෙන් ගෙන එන්නේ ප්‍රෝටීන සපිරි පළතුරු වර්ග කීපයකි.

    01. පේර

    අනෙකුත් පළතුරු වලට වඩා වැඩියෙන් ප්‍රෝටීන අන්තර්ගත වේ. එමෙන්ම මෙහි lycopene අඩංගු වන බැවින් පිළිකා නාශක ගුණයන් සපිරි වේ. මෙහි ඇති vitamin C නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතියට ද වැදගත් වේ.

    1-5.jpg


    02. රටඉඳි

    රටඉඳි ප්‍රෝටීන ලබාගැනීමට හොඳම ක්‍රමයකි. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය ද වැඩි කරවයි. සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය ද ලබා දේ. කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩු කර, සිරුරේ ග්ලූකෝස් පුමාණය පාලනය කරයි.

    2-7.jpg


    03. වරකා

    වරකා වල ප්‍රෝටීන අඩංගු වේ. එමෙන්ම මෙහි vitamin C හා තන්තු ද අඩංගු වේ. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය වැඩි කරවයි. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා පිළිකා නාශනය කරයි.

    3-7.jpg


    04. මිදි

    මේවායේ ප්‍රෝටීන ඇතුවාක් මෙන්ම බර අඩු කරගැනීමට ද දායක වේ. සිරුරට තන්තු සැපයීම ද සිදු කරයි. මේවායේ කැලරි අඩුවෙන් අන්තර්ගත වන අතර, දෛනික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ශක්තිය ලබා දේ.

    grapes-06.jpg


    05. කෙසෙල්

    කෙසෙල් වල සිරුරට අවශ්‍ය ප්‍රෝටීන, තන්තු අඩංගු වන අතර, බර අඩු කරගැනීමට, රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීමට හා ජීර්ණ පද්ධතිය පවත්වාගැනීමට ද දායක වේ.

    5-5.jpg




     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    කෙසෙල් වල නම් වැඩියෙන්ම තියෙන්නේ පොටෑසියම්.අවුරුදු ගාණක් ළමයි නැතිව හිටපු ගෑණු කෙනෙක් කෙසෙල් විතරක්ම සතියක් කාලා අම්මා කෙනෙක් උනා කියලා නිව්ස් එකක් දැක්කා..පලතුරු නම් කෝකත් ගුණයි.තමන්ගේ වත්තේම හදාගන්න පුලුවන්නම් තවත් හොදයි.:)
     
    • Like
    Reactions: Black Puma

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කනව නම් මෙන්න බඩු - ලාවුලු

    4830048654_26e9c5e297.jpg


    Nutritional value per 100 g

    Energy 138.8 kcal (581 kJ)
    Carbohydrates 36.69 g
    Dietary fiber 10 g
    Fat 13 g
    Protein 1.68 g

    Vitamins

    Thiamine (B1) (15%) .17 mg
    Riboflavin (B2) (1%) .01 mg
    Niacin (B3) (25%) 3.72 mg
    Vitamin C (70%) 58.1 mg

    Minerals
    Calcium (3%) 26.5 mg
    Iron (7%) .92 mg
    Phosphorus (5%) 37.3 mg
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    4830048654_26e9c5e297.jpg


    Nutritional value per 100 g

    Energy 138.8 kcal (581 kJ)
    Carbohydrates 36.69 g
    Dietary fiber 10 g
    Fat 13 g
    Protein 1.68 g

    Vitamins

    Thiamine (B1) (15%) .17 mg
    Riboflavin (B2) (1%) .01 mg
    Niacin (B3) (25%) 3.72 mg
    Vitamin C (70%) 58.1 mg

    Minerals
    Calcium (3%) 26.5 mg
    Iron (7%) .92 mg
    Phosphorus (5%) 37.3 mg

    kewama kate hema tenama yanawa ban.hariya kakka wage.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උබලට අනිත් එව නම් හොදට කන්න පුලුවන් . මෙව කනකොට කක්ක වගේ

    ඔව් බන් මල අප්පිරියය් .දත් වලත් බැඳෙනවා