ප්ලේන් එකක්ද? නෑ බස් එකක්
2012 ජූනි 26 වෙනි අඟහරුවාදා ලක්බිම...
අද ලක්බිම පත්තරේ තමයි තිබුනෙ. බලන්නකො කොහොමද කියල....
මෙම ඡායාරූප දකින ඔබට මේ මොහොතේ සිතෙන්නේ කුමක්දැයි අපි දන්නෙමු. එනම් මෙය කුමන රටක කුමන ගුවන් සේවය දැයි ඔබ සිතනවා ඇත. ඔබ එසේ සිතන්නේ නම් ඔබ පූර්ණ වශයෙන්ම වැරදි බව අකමැත්තෙන් වුවද අපට කියන්නට සිදු වේ. මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ ගුවන් සේවයක් හෝ ගුවන් යානයක ඇතුළත දර්ශන නොවේ. මෙය මහා මාර්ගයේ ධාවනය වන බස් රථ සේවයකි. මේ ඔබ දකින්නේ එම සේවයට අයත් බස් රථයක ඇතුළත දර්ශනයි.
මෙම ඔලිවේරා ප්රවාහන සේවයට අයත් මෙම බස් රථය ධාවනය වන්නේ ඉන්දියාවේය. නවදිල්ලි නගරයේ සිට ජායිපූර් දක්වා මෙම සේවය දිනපතා ක්රියාත්මක වේ. චන්දිගාර්, අම්රිස්තා, අග්රා යන නගර ද මෙම සේවය මගින් ආවරණය වේ. 2011 වසරේ නොවැම්බර් පළමු වන දින ප්රවාහනය ඇරඹුණු ඔලිවේරා ප්රවාහන සේවය මගී ජනතාවට ගෙන එන්නේ ගුවන් යානයක අත්දැකීමකි. හැකිලිය හැකි හා දිගහැරිය හැකි ආසන, ආහාර පාන, තනි තනිව භාවිත කළ හැකි සෙට්අප් සහ ප්ලාස්මා රූපවාහිනී, අති සුඛෝපභෝගී විවේකාගාර, වයිෆයි තාක්ෂණය සහිත අන්තර්ජාල පහසුකම්, ලැප්ටොප් පරිගණක ආදී මෙකී නොකී සියලුම පහසුකම් ඔලිවේරා බස් රථයක් තුළින් ලබාගත හැකි වේ.
මගීන් 21 දෙනකුට එකවර ගමන් කළ හැකි මෙම බස් රථයක, දිල්ලි නගරයේ සිට ජායිපූර් දක්වා එක් ගමන් වාරයක් සඳහා ගෙවිය යුතු මුදල ඉන්දියානු රුපියල් 1500/-කි. රු. 1500/- ක් ගෙවා ආසනයක් වෙන් කරවා ගැනීමෙන් පසු ඔබට දකුණු ආසියාවේ හොඳම මාර්ග ප්රවාහන සේවයෙන් ගුවන් සවාරියක ආශ්චර්යය විඳගත හැකි වනවා ඇත.