THIS NEWS IS FROM PAKISTAN
මාස දහයක් වයසැති සවේරා නැමති දැරිය ඇගේ නිවස තුලදීම, ඇගේපියා විසින්ම අමානුෂික ලෙස පොළවේ ගසා ඝාතනය කර දැමූ පුවතක් 2014 ජනවාරි 06 වන දින පාකිස්ථානයේ බින් ක්වාසිම් පොලිස් ප්‍රෙද්ශයෙන් අසන්නට ලැබිණ. මේ දැරිය පොළවේ ගසා මරා දමා ඇත්තේ ඇය පුතෙකු නොවූ වරදටය.මරණාසන්නව සිටින දැරිය බින් ක්වාසිම් නාගරික රෝහලට ඇතුලත් කළ අවස්ථාවේ ඇගේ මව වන 16 වියැති සායිමා ගේ කට උත්තරය පොලිසිය විසින් සටහන්කොට ගෙන ඇත.
“දුවක් ඉපදීම ගැන මගේ සැමියා හිටියේ තරහින්. එයාට ඕන වෙලා තිබුණේ පුතෙක්. පිරිමි දරුවෙකු නොදීම ගැන එයා නිතරම මට පහර දුන්නා..“
ඇය කියා ඇත. සායිමාව මෙම අපරාධකරු වන සාහිඩ් ඉක්බාල්ට විවාහ කර දී ඇත්තේ 14 වන වියෙහිදී වන අතර ඒ පවුලේ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙසය
THIS NEWS IS FROM SRI LANKA
මාතර - වළස්මුල්ල - මිද්දෙණිය ප‍්‍රදේශයේදී පියෙකු විසින් සිය නව මස් හැවිරිදි සිඟිති දියණියගේ ගෙළ කපා අද අලූයම ඝාතනය කර තිබෙනවා. මොහු මාස කිහිපයක සිට බිරිඳ සහ දරුවා අතහැර දමා ගොස් සිටි බවයි වාර්තාවන්නේ. අනතුරුව දික්කසාදය සඳහා දෙදෙනාම එකඟතාවය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා සිඟිති දියණියගේ සැපදුක් විමසීමට බව පවසමින් විටින් විට නිවසට පැමිණ තිබෙනවා. ඊයේ (16) මෙලෙස නිවසට පැමිණි මොහු දියණිය කිසිවෙකුටත් නොදන්වා රැුගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මෙම පුද්ගලයාගේ මව විසින් අදාළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී දැනුම්දී ඇත්තේ කුඩා දියණිය නැවත රැුගෙන විත් භාරදෙන ලෙසයි. එහිදී සැකකරු දියණිය භාරදීමට නම් මිද්දෙණිය ප‍්‍රදේශයේ ඇති තේක්ක කැලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීමට අනුවයි කුඩා දියණියගේ මවගේ ඥාති සහෝදරයෙකු වන පුද්ගලයෙකු අද උදෑසන තේක්ක කැලය වෙත පිටත්ව ගොස් ඇත්තේ. එහිදී ගෙළ තියුණු ආයුධයකින් කපා අමානුෂික ලෙස ඝාතනය කළ නව මස් හැවිරිදි කුඩා දියණියගේ සිරුර තේක්ක කැලය තුළ දමාගොස් තිබියදී හමුවුණා. ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ මව මේ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කෙසේ වෙතත් සැකකාර පියා ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි මිද්දෙනිය පොලීසිය ප‍්‍රකාශ කළේ.
Last edited:

