පාකිස්ථානයේ

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0


THIS NEWS IS FROM PAKISTAN
මාස දහයක් වයසැති සවේරා නැමති දැරිය ඇගේ නිවස තුලදීම, ඇගේපියා විසින්ම අමානුෂික ලෙස පොළවේ ගසා ඝාතනය කර දැමූ පුවතක් 2014 ජනවාරි 06 වන දින පාකිස්ථානයේ බින් ක්වාසිම් පොලිස් ප්‍රෙද්ශයෙන් අසන්නට ලැබිණ. මේ දැරිය පොළවේ ගසා මරා දමා ඇත්තේ ඇය පුතෙකු නොවූ වරදටය.මරණාසන්නව සිටින දැරිය බින් ක්වාසිම් නාගරික රෝහලට ඇතුලත් කළ අවස්ථාවේ ඇගේ මව වන 16 වියැති සායිමා ගේ කට උත්තරය පොලිසිය විසින් සටහන්කොට ගෙන ඇත.

“දුවක් ඉපදීම ගැන මගේ සැමියා හිටියේ තරහින්. එයාට ඕන වෙලා තිබුණේ පුතෙක්. පිරිමි දරුවෙකු නොදීම ගැන එයා නිතරම මට පහර දුන්නා..“

ඇය කියා ඇත. සායිමාව මෙම අපරාධකරු වන සාහිඩ් ඉක්බාල්ට විවාහ කර දී ඇත්තේ 14 වන වියෙහිදී වන අතර ඒ පවුලේ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙසය


484815_705804012793506_1267069944_n.png





THIS NEWS IS FROM SRI LANKA


මාතර - වළස්මුල්ල - මිද්දෙණිය ප‍්‍රදේශයේදී පියෙකු විසින් සිය නව මස් හැවිරිදි සිඟිති දියණියගේ ගෙළ කපා අද අලූයම ඝාතනය කර තිබෙනවා. මොහු මාස කිහිපයක සිට බිරිඳ සහ දරුවා අතහැර දමා ගොස් සිටි බවයි වාර්තාවන්නේ. අනතුරුව දික්කසාදය සඳහා දෙදෙනාම එකඟතාවය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සිඟිති දියණියගේ සැපදුක් විමසීමට බව පවසමින් විටින් විට නිවසට පැමිණ තිබෙනවා. ඊයේ (16) මෙලෙස නිවසට පැමිණි මොහු දියණිය කිසිවෙකුටත් නොදන්වා රැුගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මෙම පුද්ගලයාගේ මව විසින් අදාළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී දැනුම්දී ඇත්තේ කුඩා දියණිය නැවත රැුගෙන විත් භාරදෙන ලෙසයි. එහිදී සැකකරු දියණිය භාරදීමට නම් මිද්දෙණිය ප‍්‍රදේශයේ ඇති තේක්ක කැලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීමට අනුවයි කුඩා දියණියගේ මවගේ ඥාති සහෝදරයෙකු වන පුද්ගලයෙකු අද උදෑසන තේක්ක කැලය වෙත පිටත්ව ගොස් ඇත්තේ. එහිදී ගෙළ තියුණු ආයුධයකින් කපා අමානුෂික ලෙස ඝාතනය කළ නව මස් හැවිරිදි කුඩා දියණියගේ සිරුර තේක්ක කැලය තුළ දමාගොස් තිබියදී හමුවුණා. ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ මව මේ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කෙසේ වෙතත් සැකකාර පියා ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි මිද්දෙනිය පොලීසිය ප‍්‍රකාශ කළේ.

1389867011_1269785_hirunews_baby-deth.jpg
 
Last edited:

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඒකට හේතුව දෑවැද්ද මම හිතන්නේ. මේවගේ රටවල දෑවදි ප්‍රශ්ණ තියෙනවා බදින්න යනකොට, දුප්පත් මිනිස්සුන්ට මේවා දෙන්න බැරි නිසා ගෑණු ළමයි ඉපදෙන එකට කැමති නෑ.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    ඔය වගේම සීන් එකක් ඉන්දියාවෙත් වෙලා තිබ්බා..ඒක නම් මිනිහා ගෑණිට උණු වතුර ගහපු සීන් එකක්..ළමයා මරලා නැහැ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sahenna paw karala set ekama...miniha paw karala mini maranna...geni paw karala lamaya pole gahnawa balanna...lamaya paw karala ipadithca gaman polawe gehila marenna....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    මාස ගානක් ළමයෙක් බඩේ තියන් විදින දුක දන්නේ අම්මා කෙනෙක් විතරයි..මුල්ම මාස තුනේ කිසිම දෙයක් කන්න බැහැ වමනේ යනවා..එහෙම දුක් විදලා ඒ ළමයව ලොකු වේදනාවකින් බිහිකෙරුවහම අමන තිරිසනා ඒ ළමයව පොලේ ගහලා මරලා..ඌට නම් යන්න අපායක් නැහැ..
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    dawadi ewage seen thama bn hugak balapanne. but normally islam anuwa kollage pathen thama dwadi denda ona. dan hugak than wala udu yatikuru karagena. anika gaanu lamayek hamba weawa kiyanne wasanawak bn