පාකිස්ථානyeඅලූත්ම දූපත

krishan78

Member
Apr 27, 2012
469
118
0
පාකිස්ථානyeඅලූත්ම දූපත

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

article-0-1875559B00000578-678_634x418.jpg
මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

මේ පින්තූර නාසා ආයතනයේ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා - 1 හා ලැන්ඞ් සැට් 8 චන්ද්‍රිකාවලින් ඒ දූපත මතු වුණු දවස්වල ගත්තු ඒවායි.

දූපත වටේට ඇති ළා කොළ හා තඹ පැහැති කොටස්වලින් පෙනෙන්නේ මුහුදේ නොගැඹුරු බව හෝ අවට ඇති අවසාදිත තට්ටුවයි.

මේ අලූත් දූපත මතු වූ හරියේ ගැඹුර මීටර් 15ත් 20ත් අතර වෙනවා. මෙහෙම කියන්නේ පාකිස්ථානයේ ජාතික සාගර විද්‍යායතනයේ සාගර භූවිද්‍යාඥ අසීෆ් ඉනාම්. ‘ඒ හරියේ සාගර පතුළ සමතලාවටයි පිහිටා තියෙන්නේ.

ගුවන් ඡායාරූපයෙන් පෙනෙන විධියට මේ දූපත පළලින් මීටර 75ත් 90ත් අතර ඇති. ජලරේඛාවෙන් ඉහළට උස මීටර 15ත් 20ත් අතර ඇති.

article-0-1875557300000578-332_634x422.jpg
පසුගිය සැප්තැම්බර් 24 වැනිදා සිදු වූ භූමිකම්පාවෙන් පසු ග්වාඩාර් අසල මුහුදෙන් මතු වූ දූපත. මේ ඡායාරූපය නාසා ආයතනයේ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා - 1 ඇති භූතල ඡුායාරූප ගැනීම සඳහා විශේෂ වූ කැමරාවෙන් ගන්නා ලද්දකි.

මුහුදු පත්ලේ ලිහිල්ව ඇති අවසාදිත තට්ටුවක් භූකම්පාව නිසා යට ඇති පාෂාණත් සාගරය මතුපිටට තල්ලූ වීමක් තමා මෙහිදී සිදුවී ඇත්තේ. භූකම්පන තරංග නිසා සාගර පත්ල යට සිරවී ඇති වායුව වේගයෙන් පිට වීම නිසයි, මේ මඬ හා පස් තට්ටුව වායුවත් සමග වේගයෙන් ඉහළට තල්ලූ වී ආවේ.

මෙවැනි හදිසි දූපත් මතුවීම් ඇති වන්නේ 7 හෝ 8 හෝ තරම් ප‍්‍රබල භූකම්පනයක් සිදු වූ විටයි.

‘මේ කලාපයේ මෙවැනි භූකම්පන නිතර ම සිදු වෙනවා. මෙහි භූ පිහිටීම නිසයි එවැනි දෑ ඇති වන්නේ. ඇත්තෙන් ම මෙය දූපතක්ම නෙමෙයි, මුහුදු පත්ලේ ඇති මඬ ගොඩක් ඉහළට තල්ලූ වීමක්.’ ඇමරිකන් භූවිද්‍යාඥයකු වූ බිල් බාන්හාට් කියනවා. ඔහු එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පාකිස්ථානයේ හා ඉරානයේ භූමිකම්පා ගැන හදාරන්නෙක්.

‘මේ වගේ දෙයක් 2001 දිත් සිදු වුණා. මඬ යමහලකින් ඉහළට තල්ලූ වී ආ ඒ දූපත කල්යාමේ දී දිය වී ගියා.’ නාසා ආයතනයේ විශෙෂඥයන් කියනවා.

article-2431913-1840800B00000578-141_634x388.jpg


article-0-1840802E00000578-617_634x343.jpg
කොච්චර එපා කීවත් සෙනඟ බෝට්ටුවලින් එහි යනවා. ඒ ගිය අය කියනවා, දූපත වටේට මළ මසුන් පා වෙනවා කියලා. එහි පස් අතරින් ගෑස් නිකුත් වෙන හඬ ඇහෙනවා ඔවුන් කියනවා.

article-2431913-1842022E00000578-191_634x412.jpg
දූපත බිහිවූ මොහොතේ එය අහසට පෙනුනු හැටි. නාසා ආයතනය කියන විදියට මේ දූපතට ගොඩක් ආයුෂ නැහැ. කල් යද්දී මෙහි සිර වී ඇති ගෑස් ඉවත් වී මඬ දිය වී සාගර පත්ලට බසීවි.

article-0-183F526100000578-770_634x402.jpg
දූපතේ සැරිසරණ පිරිසක්.

article-2431913-1840FAAB00000578-7_634x365.jpg
කල්යාමේදී අරාබි මුහුදේ සාගර රැලි, උදම් හා කුණාටු නිසා මේ දූපත හෙමින් දිය වී යාවි.

article-2431913-18415A6D00000578-501_634x823.jpg
පාකිස්ථානයේ සිදු වූ භූකම්පනය 7.8ක් තරම් ප‍්‍රබල එකක්. ඊතලයෙන් දැක්වෙන්නේ ඒ භූකම්පනය වැඩියෙන් ම දැනුනු තැනයි.

8.jpg
ඒ දූපත මතුවන අයුරු ගොඩ බිම වැසියන්ට පෙනුන හැටි.


විෂ වායුවෙන් විය හැකි අනතුරු ගැන නොසලකා කීප දෙනෙක් දූපතට ගියා.
ඒ භූමිකම්පාව පාකිස්ථාන වැසියන් භීතියටත් ව්‍යසනයටත් පත් කළ අයුරු.




මල් කැකුළු..
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මේ ගැන ෆුල් විස්තරයක් ටීවී එකෙත් පෙන්නුවා
    භුමි කම්පාව නිසා ඔය වගේ දේවල් වෙන්න පුළුවන්
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උන් sure එකට කියනවා ඇති මේක අල්ලහ්ගේ වැඩක් කියලා.
     

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    "මේ අලූත් දූපත මතු වූ හරියේ ගැඹුර මීටර් 15ත් 20ත් අතර වෙනවා. මෙහෙම කියන්නේ පාකිස්ථානයේ ජාතික සාගර විද්‍යායතනයේ සාගර භූවිද්‍යාඥ අසීෆ් ඉනාම්. ‘ඒ හරියේ සාගර පතුළ සමතලාවටයි පිහිටා තියෙන්නේ."



    මෙන්න මේ කියමන නම් එක පාරට පිලිගන්න එපා. හේතුව,
    මේ පොන්න සක්කිලි ජාතිය විද්‍යාව ඉගෙන ගන්නෙ උන්ගෙ කොමික් බුක් එකෙන්. :lol:
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    "මේ අලූත් දූපත මතු වූ හරියේ ගැඹුර මීටර් 15ත් 20ත් අතර වෙනවා. මෙහෙම කියන්නේ පාකිස්ථානයේ ජාතික සාගර විද්‍යායතනයේ සාගර භූවිද්‍යාඥ අසීෆ් ඉනාම්. ‘ඒ හරියේ සාගර පතුළ සමතලාවටයි පිහිටා තියෙන්නේ."



    මෙන්න මේ කියමන නම් එක පාරට පිලිගන්න එපා. හේතුව,
    මේ පොන්න සක්කිලි ජාතිය විද්‍යාව ඉගෙන ගන්නෙ උන්ගෙ කොමික් බුක් එකෙන්. :lol:

    harine machan,,sagara pathula witharada mulu lokema samathalaa wagene unta penne.:lol::lol:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    කිසිම දෙයක් නොදැන මුන් එන gas ගිනිතියන හැටි ...:dull::dull:.. මීතේන් ද කොහේදෝ එන්නේ :nerd::nerd:
     

    Similar threads