මේ කියන්න යන ගෝනවල සුනිල්ගේ ඥාතියෙක්ගේ පුතෙක් අදටත් මගේ හොදම යාලුවෙක්.
ගෝනවල සුනිල්
ගෝනවල සුනිල් යනු ශ්‍රී ලංකාවේ නම ගිය පාතාල රජෙකි.එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කටයතු වලදී ඔහුට නිතර සහය දැක්වු අයෙකි.වරක් ඔහු අවුරුදු 14 ක් වයසැති තරුණියක් දූෂණය කල වරදට වරදකරු ලෙස ඔප්පු වූ අතර ජේ.ආර්.ජයවර්ධන මහතාගේ අණ පරිදි ඔහු නිදහස් කරන ලදී.මේ පිලිබද විමසන ලද අවස්තාවේ ඒ මහතා පැවසුවේ
" මම කලේ මට එහෙම කරන්න බලය තියෙන හින්දා " ලෙසය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ඔහුව සාමවිනිසුරුවරයෙක් ලෙසත් පත් කලේය.
රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිධූරය දරන සමයේ ඔහු පිටුපස සිටි අදිසි හස්තය ගෝනවල සුනිල්ය. එම කාලයේ ලමයකු පාසලකට ඇතුලත් කිරීමේදී ගෝනවල සුනිල්ගේ ලියුමක් ඇත්නම් ලමයාගේ සුදුසුකම් පිලිබද කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම ඔහුව ඇතුලත් කරගනී.ටික කලක් ගත වත්ම රනිල් වික්‍රමසිංහ මහතාට ගෝනවල සුනිල් තමා ලග තබා ගැනීම තම දේශපාලන ජීවිතයේ ඉදිරි ගමනට කැළැලක් ඇති වේයයි බියක් ඇති විය. ගෝනවල සුනිල් ඝාතනය වන්නේ ඉන් පසුවය.
1983 දී දෙමළ සිරකරුවන් සමුලඝාතනය කිරීමේදීත් මුලිකත්වය ගෙන කටයතු කලේ ගෝනවෙල සුනිල්ය.මෙය පිලිබද තොරතුරු මාධ්‍ය වල පලවීම වැලැක්වීමටත් රජයට ගත හැකි උත්සාහයක් නොතිබුනි.2000 මැයි 20 වන දින පුවත්පත් වල,පොලිසියෙන් පලා යාමට තැත් කිරීමේදී වෙඩි පහරවල් වැදී ගෝනවල සුනිල් මිය ගිය බව වාර්තා වී තිබුනි.එම මසම 3 වනදා කැලණී පොලිසිය ඔහු පසු පස හඹා ගියත් ගෝනවල සුනිල් ඉන් පැන ගත්තේ සිය සගයන් 4 දෙනෙකුම පොලිස් වෙඩි පහරින් මිය යන අතරතුරය.ඔවුන් නමින් පූගොඩ ගාල්ලෙගේ රොහාන් චමිත් පෙරේරා, ඩබ්.ඩී චමින්ද තිලක්, එච්.දොන් සුමිත් සුජීව හා කේ.පී.ප්‍රියදර්ශන වේ.
ගෝනවල සුනිල්ගේ කෝට්ටේ පිහිටි නිවස වැටලීමේදී පොලිසියට අත් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට තැත් කල නිසා ඔහුට වෙඩි තැබීමට සිදු වූ බව එදින වැටලීම සිදු කල නුගේගොඩ විශේෂ පොලිස් කණ්ඩායම පවසා තිබුනී.කෙසේ වුවත් ගෝනවල සුනිල්ගෙන් සහය ලැබූ බලවතුන් අදටත් ජීවත් වේ.
