වෛද්‍ය සංගමය ඇයි රට ගිහිල්ලා මෙඩිකල් degree එකට විරුද්ධ නැත්තේ.
මම නම් හිතන්නේ රට ගිහිල්ලා මෙඩිකල් degree එක ගන්න කෝටි 3 ක් 4 ක් වියදම් වෙනවනේ. ඒක කරන්න පුලුවන් අම්මා තාත්තා doctors ලා, සුපිරි ව්‍යාපාරික වගේ සුපිරි පැලැන්තියේ අයට විතරයිනේ.
ලංකාවේ Medical degree එක දෙන්න ගත්තාම
ඔය පැලැන්තිවලට අමතරව මධ්‍යම මට්ටම් වල මිනිස්සුන්ටත් අවස්ථාව උදාවෙනවා තමන්ගේ ලමයින්ව වෛද්‍යවරු කරන්න. හරියට Private medical faculty නීතිගත උනොත් බැංකු වලින් අනිවා ණය දෙනවා.
වෛද්‍ය සංගමය හරියට කෑ ගහන්නේ අණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වහලා ප්‍රයිවෙට් ඒවා දානවා වගේනේ. අනික වෛද්‍ය සංගමය කවදාවත් කිව්වද ලංකාවේ වෛද්‍ය විද්‍යාල තව ඇති කරන්න කියලා.
දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශයෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.
නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.