පානදුරත් ඉවරයි. 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අද පානදුරෙන් කොරොනා ආසාදිතයන් 16ක් සොයාගැනේ.
    Screenshot_2020-10-27-18-08-03-325_lk.bhasha.helakuru.jpg

    අද පන්සලේ බනත් කැන්සල් කලා.කෙසෙල්වත්තේ මාලු කාරයෙක් ට හැදිලා.මුස්ලිම් උන්ට බොවෙලා මෙහේ.මාකට් එක සිල් කලා.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළෙඳ සංකීර්ණය හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

    කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ අද (27) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ප්‍රදේශය හුදකලා කිරීමට පියවර ගත් බවය.

    පානදුර කෙසෙල්වත්ත පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙන්ඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගෙන තිබුණි.

    පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී පානදුර උතුර සහ දකුණ යන ප්‍රදේශවල නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    මේ අතර, රත්නපුර පලාබැද්දල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 09 ක් මේවන විට හුදකලා කර තිබේ.

    මෙලෙස හුදකලා කර ඇත්තේ ගිලීමලේ ,උතුරුගිලීමලේ , දකුණු ගිලීමලේ, කැටවල, ශ්‍රී පලාබද්දල, මල්වල, සිරිපාගම, ඇඹුල්දෙණිය සහා මාතලාන යන ග්‍රාමසේ වසම් නවයයි.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙකු ඇතුළු ඔහුගේ පවුලේ 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ප්‍රදේශ හුදකලා කර තිබේ.

    එම අසාදිතයින් අතර 09 ක බිළිඳෙකු ද සිටින බව වාර්තා වේ.