ආයෙත් රස දැනෙනවා සිංහලූ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    3,224
    3,328
    113
    කොරොනා හැදිලා හතරවෙනි දවසේ විතර ඉදන් ගද සුවද රස දැනෙන් නැතුව යනවා..මේ දවස් ටිකේම එහෙම තමා..කිබුලා මැටි ගිලිනවා වගේ තමා..මෙලෝ රහක් කියලා නාමයක් නෑ..පට්ට තිත්ත කොත්තමල්ලී කෝප්පයක් උනත් කටේ තියන් එක දිගට ගහන්න පුලුවන් වෙන තරමට රස නහර වැඩ කරන්නේ නැතිව යනවා..ගද සුවදත් එහෙම්ම තමා .. අද උදෙත් ෆුල් අවුලෙන් තමා කෑම එක අතට ගත්තේ මෙන්න යකෝ ලාවට රස දැනුනා පට්ට හැපි ඉතිම්..ගද සුවද තාම නෑ හෙට විතර ඒකත් හරියයි කිය්ලා හිතෙන්වා.. ෆුල් එක්ස්පීරියනස් එකක් යටින් දාන්නම්..එක තමා හරිම සීන් එක..කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා ඒකත් ..

    ------------------------------------------------------
    Covid 19 අසාදනය වී සිටි මාගේ පෞද්ගලික අත්දැකීම:

    රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා mask ගැලවීම
    රෝගය සෑදුන වයස් කාණ්ඩ :මාස 6 , අවුරුදු 7 , 9yrs ,15yrs ,24yrs ,31yrs ,35yrs ,59yrs ,67yrs , 95yrs

    නිදන්ගත රෝග: තාත්තාට දියවැඩියාව සහ හෘද රෝග

    වෙනත් : ආච්චි ඇදට සීමා වූ අයෙක්..අම්මා පෙර සිටම ස්වසන අපහසුතා තිබූ අයෙක්...අක්කා කිරිදෙන මවක්...

    රෝගය වැළඳී ඇතැයි සැක ඇති වූ වහාම:
    GS, PHI මහත්වරුන් දැනුවත් කර rapid antigen පරීක්ෂණය සදහා දිනයක් ලබා ගත්තා...
    එතකන් ස්වයං නිරෝධායනය වුනා..ගෙදර හැමෝම වෙන වෙනම හිටියා...දන්නේ නෑනේ කාට තියෙද ,වාසනාවට තාම කවුරු හරි negative අය ඉන්නවද කියලා...ඇසුරු කල අයව දැනුවත් කලා..එවිට පොකුරු නිර්මාණය වීම වලක්වා ගත හැකි නිසා

    රෝගය පැතිරීමේ වේගය: අම්මාට උත්සවයෙන් දින තුනකට පසුත් ගෙදර අන් අයට සතියක් ඇතුලත ලෙඩේ හැදුනා..පැතිරුන වේගේ හැටියට delta varient එක වෙන්න ඇති කියල guess කලේ..ඒත් හරියටම varient එක දැනගන්න වෙනම test එකක් කරන්න ඕනලු....ඒවා සමීක්ෂණ කරන අය තමා කරන්නේ ...අපේ කරන්නේ නෑ..

    Vaccine එක ලබාගැනීම/නොගැනීම : මම ( දින දෙකකට පෙර) ,තාත්තා (සති දෙකකට පෙර) , අම්මා (සති දෙකකට පෙර) sinopharm 1st dose එක අරගෙන හිටියේ.. අක්කල දෙන්නා,දරුවන් සහ ආච්චි vaccine එක ඒ වෙද්දි අරගෙන හිටියේ නෑ

    රෝග ලක්ෂණ

    Day 1 - 3/4- මුලින්ම උගුර රිදුනා...වියලි ගතියක් දැනුණා..හෙම්බිරිස්සාව හැදෙන්න වගේ...ඇඟපත රිදෙන්න ගත්තා...විශේශෙන් තුනටිය,කෙණ්ඩ, කොදු නාරටිය,දණහිස්...ටික දවසකින් බෙල්ලේ දකුණු පැත්තත්..නැගිට ගන්න බැරි උනා..කන්න බැරි උනා...පැය 6න් හයට උණ ගත්තා...vaccine එක ගත්තේ නැති මගේ අක්කල දෙන්නට නම් හිසරදය හොදටම ඇවිත් දරා ගන්න බැරි තැන වමනෙත් ගියා..

    Day 3/4- Day 6/7- අමාරුකම් ටික ටික අඩු උනා...ඒත් තෙහෙට්ටුව තිබුනා..Day 3 වල වගේ ඉදන් ගද සුවද සම්පූර්නෙන් නොදැනී ගියා...සැරම scent එක ගැහුවත් දැනුනෙ නෑ...කන බොන දේවල් වල රස දැනුනේ නෑ..ඒත් කොහොම හරි කෑවා...පහු වෙනකොට නම් ළඟ ඉන්න කෙනත් ගිලින්න පුලුවන් තරම් බඩගිනි වැඩි උනා...කටහඩ වෙනස් වුනා day 3 වල වගේ ඉදන්..පොඩ්ඩක් හුස්ම ගන්නත් අමාරු ගතියක් දැනුණා....වහිකොට , රෑ ට ඒක වැඩියි...කන් අඩි තද වෙලා තිබ්බේ..මැදක් හරියෙදී ආසාවට හොටු කදුලක් නෑ😂 නහය ,උගුර වේලිලා ගිහින්..

    Day 6/7- Day 10 - මේ වෙනකොට නම් අමාරු හරිය ඉවරයි...ඒත් තෙහෙට්ටුව නම් එහෙම්මමයි...අඩි දහයක් ගියත් හති..එක දිගට කතා කලත් හති...ඒ වගේමයි ආතතියත් වැඩි උනා ..ඒ කියන්නේ මල පනිනවා හරියට ගෙදර හැමෝටම....ආච්චි නම් දිගටම කෑම වර්ජනේ කරා...sustagen ,biscuit ,කැද බලෙන් තමා එයා හිටියේ...ඒත් අනිත් අයට නම් දැනුනෙව් සෝමාලියාවට land කරල වගේ බඩගින්නක්...පුලුවන් තරම් කෑවා...ඉක්මනට recover වෙන්න ඕන නිසා...day 9/10 වගේ වෙද්දී වියලි කැස්ස ආවා...ඊට පස්සේ ඒක ටික ටික සෙම කැස්ස බවට පත් උනා...කොච්චර කැස්සද කියනව නම් six packs එන්න ඒ හොදටම ඇති...සෙම පැසවන්න ගත්තා...ඒකට antibiotics ගත්තා..ඒත් කන්දක් විලිලාලා මී පැටියෙක් වැදුවා සේ කොච්චර කැස්සත් සෙම ගියේ චුට්ටයි...ඒ නිසා syrup එකක් use කලා..cosome කියලා expectorant syrup එකක්...ඒකට සෙම ගොඩක් පිට වුනා...

    Day 10-14- ගද සුවද ආයේ ටික ටික දැනෙන්න ගත්තා...ඊට පස්සේ කෑම කනකොට මට හිතුනේ ජීවිතේට කන රසම කෑම කියලා...සති දෙකක් මොකුත් නොදැනි ඉදල දැනුන නිසා.. අච්චිගේ තත්වේ නම් හොද උනේ නෑ...සෙම වැඩි උන තරමට කතා කර ගන්නවත් බැරි උනා...වයසත් එක්ක බය හිතුනා..ඊට පස්සේ ආච්චිට සෙම ගතිය අඩු වෙන්න use කල බෙහෙතට වඩා ටිකක් සැර බෙහෙත් course එකක් පටන් ගත්තා...කන්න බැරි උනත් දියර වගේ හදලා පෙව්වා...
    අද අපේ නිරෝධායනයේ 14 වෙනි දවස...ලෙඩේ හැදිලා දවස් 19යි මට...ඒත් තාමත් තෙහෙට්ටු ගතිය තියෙනවා..හිටි ගමන් හුස්ම ගැනීමේ අපහසුතා එනවා...concentrate කරන්න අමාරුයි ටිකක්...ඒත් අපි බොහොම පරිස්සම් වුන නිසා complications අඩුවෙන් මේ කාලය පහු කරගන්න පුලුවන් උනා...ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේකේ සමහර රෝග ලක්ෂණ මාස තුනත් නමයත් අතර තියෙන්න පුලුවන්ලු..දවස් 14 කියන්නේ නිකන් procedure එකේ ඉලක්කමක් විතරයි...ඒත් අවදානම තවමත් තියෙනවා කියල මම කතා බහ කරපු ,දැකපු දේවල් වලින් තේරුම් ගත්තා...ඕන තරම් එහෙම අය මැරිලත් තියෙනවා කියල දැන ගත්තා...හැබැයි දින 14කට පස්සෙ අපෙන් කාටවත් බෝවෙන්නේ නෑ..ඒත් අපේ ඇගේ virus එක ඉන්නවා...pcr කරනකොට ඒකේ අගයන් වැටෙනවා....ඒවයින් තමා රෝගියා රෝග වාහක තත්වයේ තවම ඉන්නවද නැද්ද කියල බලන්නේ...මමත් ඒක දැනගත්තේ PHI මහත්තයගෙන්

    පොඩි අයට නම් අඩුවෙන් අමාරුකම් ආවේ...ඒත් මම news වලට කියනවා දැක්කා.මේ රෝගය සුව වෙනකොට post covid symptoms විදියට ඇගේ රතු පාට rashes දැම්මොත් වහාම වෛද්‍ය සහය පතන්න කියල...

    සුව කරගැනීමට කල දේවල්

    ආහාර: නිරෝධායන මධ්යස්ථාන වල දුන්න menu එක යාලුවන්ගෙන් අහල දැන ගත්තා

    කන්න බැරි උනත් පුලුවන් උනත් හොදට කෑවා. Doctor කිව්වේ කාල බීලා ඉන්න ඕන කියලා නිතරම මේ ලෙඩේදී..කන්න ්බැරි කාලේ කැද, තැම්බුම් හොදි වගේ දේවල් බිව්වා..බිත්තර,මස් ,මාලු කන්න ඕනලු protein ගන්න....ඒ නිසා බිත්තරයක් කෑවා දවසකට..
    තක්කලි සම්බල්,බල මාලු වගේ දේවල් දීල තිබුනා නිරෝධායන මධ්යස්ථාන වල.. කොටින්ම මේකට හීතල කෑම වලින් වැලකිලා උෂ්ණ කෑම කන එක තමා හොද
    පලතුරු: දෙහි,දොඩම් බීම හදන් බිව්වා...අන්නාසි හොදයි කිව්වා.
    අම්මට කෙණ්ඩ පෙරලෙන්න ගත්තා ලෙඩ උනාම නිතරම...එතකොටත් දෙහි බීම දුන්නම හරි ගියා...fluid ගොඩක් දෙන්න ඕනි...එතකොට ඒක හරි යනවා...vit E දුන්නමත් හරියනවා ..
    පාන : සුවධරණි ,කොත්තමල්ලි,බාම්වැල්ගැට මොනව හරි දවසට දෙපාරක් බිව්වා උණුවෙන්...ඊට අමතරව දෙහි බීම වගේ දේවල් ගත්තා

    බෙහෙත් : vitamins :දවසට vitamin C 500mg පෙත්තක්, zincovit multivitamin පෙත්තක් ගත්තා...දවස් දෙකකට හෝ තුනකට සැරයක් vit E කරලක් ගත්තා.. ( මේ විටමින් බීලා උනුවට දේවල් බොන්න හොද නෑ...තේ බොන්න හොදත් නෑ...) අක්කා කිරිදෙන මවක් නිසා එයාට නම් vit C පෙති දෙකක් ගත්තට කමක් නෑ කිව්වා දවසකට...හැබැයි දෙපාරකට..
    සෙමට zeos loratadine 10mg පෙත්තක් රෑට ගත්තා..(දවසකට)
    සෙම පැසෙව්වම ලෙඩාගේ තත්වේ අනුව doctor ට කියලා අදාල antibiotic එකක් ගත්තා...antibiotics නම් හරියට වෙලාවට නොකඩවා ගන්න ඕන...අතරින් පතර කැඩි කැඩි බිව්වොත් වැඩක් නෑ..දවස් 7ක් කිව්වා ඒක උපරිම බොන්න දෙන්නේ...
    උණ ඇඟපත අමාරු වලට panadol ගත්තා..
    කැස්සට cosome expectorant syrup එක ගත්තා
    ආච්චිට නම් loratadine උදේටයි රෑටයි දුන්නා...සෙම ගතිය හොදටම වැඩි නිසා..
    මොකද සෙම පිට වෙන තරමට හොදයි..නැත්නම් නිව්මෝනියාවට වගේ එන නිසා...

    ක්රියාකාරකම්:
    දවසට අවම තුන්පාරක් හුමාලෙ ඇල්ලුවා...දෙහි කොල,කුරුදු කොල,යකිනාරං කොල,ආඩතෝඩ කොල වගේ දේවල් දාල ඇල්ලුවේ..ඒක අල්ලනකොට නහය පිච්චිලා යන්න අල්ලන්න හොද නැහැ...සියුම් ස්නායු වලට හානි වෙන්න පුලුවන් නිසා...
    හැමෝටම බැලුමක් ගානෙ දීලා දවසට දෙපාරක් විනාඩි 5ක් ඒක හොද හුස්මක් අරන් පුම්බලා ,අපාහු හුළං යවලා ,ආපහු ඒ විදියටම කරන්න කිව්වා...පොඩි ළමයින්ටත් ඒක විනෝදයක් උනා...ඒකේ අරමුණ lung exercise කරන එක

    Pulse oximeter එකක් ගෙන්නගෙන (Rs. 5500ක් උනා) හැමෝගෙම ඔක්සිජන් ප්රමාණය, heart rate එක උදේ 8ට සහ රෑ 8ට මැනලා දවස් 14 record එකක් වගේ තියා ගත්තා..ඒකම තමා නිරෝධායන මධ්‍යස්ථාන වලත් කරන්නේ...මම නම් doctor කෙනෙක්ගෙන් උපදෙස් අවවාද ගත්තා ඒ වැඩේ පටන් ගන්න කලින්...ඒකට ලොකු දැනුමක් ඕන නෑ..අරමුණ: කෙනෙක්ට lungs දෙකේ අවුලක් නිසා අමාරු වෙන්න යනව නම් කල් තියා දැනගෙන hospital admit කරන්න පුලුවන්..මොකද අපිට ගෙදර නිරෝධායනය වෙන්න උනේ...ඒ වගේම තමන්ගේ අමාරුකම් කියන්න තේරෙන්නේ නැති වයස් වල ළමයි, වයසක අය හිටි නිසා එහෙම කරන්න උනා... O2 saturation 94 ට වඩා අඩු වෙලා heart rate 100 ට වඩා වැඩි උනොත් අවදානම්..ඒ නිසා නිතරම ඒ ගැන අවධානයෙන් හිටියා.respiratory rate එකත් බැලුවා...ඒ කියන්නේ විනාඩියකදි අපි කී වරක් ආශ්වාස කරනවද කියන එක..ඒක සාමාන්‍යයෙන් rest කරන වෙලාවට 12-15 අතර තියෙනවා...මේ ලෙඩේදි ටිකක් වැඩි වෙනවා..ඒක 25 ට වඩා වැඩි උනොත් චුට්ටක් හොද මදි..ගැබුරු හුස්ම ගන්න අභ්‍යාස කරන්න ඕන..balloon පුම්බනවා වගේ..වයසක අයට නම් බෑ ඉතින්..එයාලව නිතරම monitor කරන්න වෙනෝ..හදිසියක් උනොත් කතා කරන්න MOH ,PHI ගේ numbers ,සුවසැරිය 1990 numbers තියාගෙන හිටියේ...දන්න වෛද්යවරුන්ගෙන් උපදෙස් ගත්තා...ඔවුන්ට හැමදාටම ණයගැතියි..
    නිදාගන්නකොට හුස්ම ගැනීම පහසු වෙන්න මුනින් අතට හෝ ඇලයට තමා නිදා ගත්තේ..උඩුබැලි අතට ඉන්න අමාරුයි...ඒ වගේම හුස්ම ගැනීමේ වේදනාවල්,joint pain එනකොට declofenac gel (වේදනා නාශකයක්) ගාල ඒ වේදනාව තාවකාලිකව සමනය කර ගත්තා ...
    දවස් 14 නාන්න නම් ගියේ නෑ..ගෙදර කාටවත් ගද සුවද දැනෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් උනෙත් නෑ නාන්නේ නැති එක😂.ඒත් උණු වතුරෙන් දවල් 12 ට විතර පපුව සහ පිට නොතෙමා ඇග සෝද ගත්තා...උණු වතුරෙන් පෙගවූ රෙදි කෑල්ලකින් පපුව සහ පිට ඉක්මනින් පිරිසිදු කලා..එහෙම කලේ වතුරට නිරාවරණය වන කාලය අවම කර ගන්න...
    ඇල් වතුර අල්ලන වැඩ වලින් හැකිතාක් වැළකුණා...එහෙම කල දන්න කීප දෙනෙක්ටම අමාරු උන නිසා...
    අමාරුකමක් දැනෙන අය වැඩිපුර විවේකීව තිබ්බා...ඒ වගේම හැමදෙනාම mask දාගෙන හිටියේ ගෙදරටත්...පිඟන් කෝප්ප,tooth brush පවා වෙනම වෙන තැනක තියාගෙන තිබ්බේ..හැම වෙලේම සබන් දාලා අත් සේදුවා..
    සතෙක්ටවත් අපෙන් බෝ නොවෙන්න අපි කාල ඉතුරු වෙන කෑම වල දැම්මා...මොකද මම internet එකේ දැක්කා බළල් කුලේ සත්තුන්ට ලේසියෙන් මේක අපෙන් හැදෙන වග..
    මේ ටික අපි දැනටත් කරනවා...දවස් 14 සම්පූරණ කරනවා කියන්නේ procedure එක විතරයි...ඒත් අවදානම පහව යන්නේ නෑ...ඊට පස්සෙත් සමහර අය මැරෙනවා...පරිස්සම් නොවුනොත්..මේකේ සමහර රෝග ලක්ෂණ මාස 3-9ක් තියෙනවා කියලා WHO එකෙන් කියල තිබ්බා...ඒ කියන්නේ අවම අපි මාස 3ක් පරිස්සම් වෙන්න ඕන..
    අද අපෙ නිරෝධායනයේ 14 වෙනි දවස...ලෙඩේ හැදිලා දවස් 17යි...ඒත් තාම තෙහෙට්ටුයි...සමහර වෙලාවල් වලට හුස්ම ගන්න අමාරු වෙනවා...විශේශයෙන් රෑට...ඒත් සාපේක්ෂව ගොඩක් දුරට සුවයි...මම මේ දේවල් මෙහෙම ලියන්න හිතුවේ තව කෙනෙක්ට මේක උපකාරී වෙයි කියලා...අපට ගොඩක් අය දෙවිවරු වගේ උදව් කලා...හිත හැදුවා...ඒ හැමෝටම පිං...පුලුවන් තරම් ලෙඩ උන කෙනෙක් එක්ක හිත හැදෙන්න කතා කරන්න...මොකද මම නම් ගොඩක් මානසිකව වැටුණා මේක නිසා...මොකද ගෙදර අය වේදනාවෙන් ඉන්කොට එන බය කියල නිම කරන්න බෑ..ඒ නිසා පුලුවන් තරම් පරිස්සම් වෙන්න..ගෙදර එක්කෙනෙක් හදන් ආවම ඇති මුලු පව්ලටම ඒක හැදෙන්න....
    මේ ලෙඩෙන් මිනිස්සු මැරෙනවා ගොඩක්...ඇත්ත..ඒත් ගොඩ දෙනෙක්ට එහෙම වෙන්නේ නොදනුවත්කම නිසා...හරියට පරිස්සම් වුනොත් බේරෙන්න පුලුවන් වෙයි...
    සියලු දෙනා සුවපත් වේවා!!
    Saumya senevirathne
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,720
    10,981
    113
    රෝගය පැතිරීමේ වේගය: අම්මාට උත්සවයෙන් දින තුනකට පසුත් ගෙදර අන් අයට සතියක් ඇතුලත ලෙඩේ හැදුනා..පැතිරුන වේගේ හැටියට delta varient එක වෙන්න ඇති කියල guess කලේ..ඒත් හරියටම varient එක දැනගන්න වෙනම test එකක් කරන්න ඕනලු....ඒවා සමීක්ෂණ කරන අය තමා කරන්නේ ...අපේ කරන්නේ නෑ..
    ඔය මොන ඩෙල්ටා ද "මෙන්න යාලුවෙක් කිව්ව එක , දවස් තුනෙන් බඩු
    My father showed symptoms. Within 3 days my mother got it. Same evening my sister had high fever. Same night my 1yr old daughter developed high fever. Following night my other son developed it..
    It is very infectious with symptoms.

    Unfortunately very difficult to find a bed due to overcrowding of hospitals. I was asked to go to a quarantine centre in North East with my baby, since LRH is full. I had to refuse it and opted to manage her at home.
    Father had AstraZeneca 1st dose only. Mother had both doses of Sinopharm 1m back. Sister not vaccinated.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,634
    6,440
    113
    Heaven :p
    තෑන්ක්ස් මචන් :love:

    බෙහෙත් ගත්තෙ කොහොමද ගෙදර කොරන්ටයින් වෙනකොට?
    ඩොකාලගෙන් ෆෝන් එකෙන් අහල කාටහරි කියල ගෙදරට ගෙන්නගත්තද ෆාමසියකින්?

    ඔය බෙහෙත් ලිස්ට් එක වෙනම දාහන්කො පුලුවන්නම් ලොකු උදව්වක් මචන්
    ඕන වෙන හේතුවත් ලියල, වයසත් එක්ක එක පුද්ගලයෙකුට දවස් ගාණකට ඇතිවෙන ප්‍රමාණය, මිල ගණන් එක්ක දාල.

    ගෙදර ගෙනත් තියාගත්ත නම් කෝකටත් හොඳයි.

    දැන් ගෙදර තියෙන්නෙ විටමින් සී අර රුපියලටද කොහෙද දෙන පෙත්ත. ඒක 500mg නෙවේ නේද්
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    685
    264
    63
    Gampaha
    Ade matath gadai suwadai nethuwa giya bn.. Apahu awama mara feeling ekak enne aka.. Dum alladdi unat nahaya pichchenne nethi ganata awa.. den nan deiyange pihiten hodai..
     
    • Love
    Reactions: Aluth Eka

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    6,087
    804
    113
    Kurunegala

    bump. ikman suwa machan
     
    • Love
    Reactions: Aluth Eka

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,554
    2,853
    113
    click here
    තෑන්ක්ස් මචන් :love:

    බෙහෙත් ගත්තෙ කොහොමද ගෙදර කොරන්ටයින් වෙනකොට?
    ඩොකාලගෙන් ෆෝන් එකෙන් අහල කාටහරි කියල ගෙදරට ගෙන්නගත්තද ෆාමසියකින්?

    ඔය බෙහෙත් ලිස්ට් එක වෙනම දාහන්කො පුලුවන්නම් ලොකු උදව්වක් මචන්
    ඕන වෙන හේතුවත් ලියල, වයසත් එක්ක එක පුද්ගලයෙකුට දවස් ගාණකට ඇතිවෙන ප්‍රමාණය, මිල ගණන් එක්ක දාල.

    ගෙදර ගෙනත් තියාගත්ත නම් කෝකටත් හොඳයි.

    දැන් ගෙදර තියෙන්නෙ විටමින් සී අර රුපියලටද කොහෙද දෙන පෙත්ත. ඒක 500mg නෙවේ නේද්
    ටිටමින් සී 500mg එක ලොකු එකක.ෆාමසියේ ඒක රු 15 ක් වෙනවා....
     
    • Like
    Reactions: Aluth Eka

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    697
    1,607
    93
    අනේ මන්දා
    මචං.. කතාවට කියනවා දවස් 14න් පස්සෙලු පරිස්සම් වෙන්න ඕනි කියලා.. මොකද දවස් 14 පැනපු ගමන් කට්ටිය සාමාන්‍ය ජීවිතේ පටන් ගන්නවා.. සමහරුන්ට අමාරු උනේ පස්සෙ ලු.. ඒ නිසා තව ටික දවසක් යනකම් මහන්සි නොවී, ඇඟ තලාගන්නෙ නැතුව ඉන්න..

    බුදු සරණයි!!
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    3,224
    3,328
    113
    මචං.. කතාවට කියනවා දවස් 14න් පස්සෙලු පරිස්සම් වෙන්න ඕනි කියලා.. මොකද දවස් 14 පැනපු ගමන් කට්ටිය සාමාන්‍ය ජීවිතේ පටන් ගන්නවා.. සමහරුන්ට අමාරු උනේ පස්සෙ ලු.. ඒ නිසා තව ටික දවසක් යනකම් මහන්සි නොවී, ඇඟ තලාගන්නෙ නැතුව ඉන්න..

    බුදු සරණයි!!
    ow mcn aniwa..sellmak name..hamoma parisam wemu :love:
     
    • Like
    Reactions: Sword_Fish

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    3,224
    3,328
    113
    උබලාව හොස්පිටල් අරන් ගියෙ නැද්ද
    hospital wala ida na mcn..quarantine centers ehma full pack..me kala hdenwa kiynne itn full anatai

    Ade matath gadai suwadai nethuwa giya bn.. Apahu awama mara feeling ekak enne aka.. Dum alladdi unat nahaya pichchenne nethi ganata awa.. den nan deiyange pihiten hodai..
    ammo ow bn:love:
    ------ Post added on Aug 8, 2021 at 7:40 PM