පානම සංචාරය....

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    UUcyFOO.jpg


    කොළඹ සිට නැඟෙනහිර වෙරළබඩ පිහිටි පොතුවිල් හරහා පානමට ඇති දුර කිලෝ මීටර 339ක්. එය නැඟෙනහිර අන්තයේ පිහිටි අවසන් ගම්මානය යි. ඒ ගමේ සිට ඇරඹෙන්නේ යාල වනය හා බැඳුණු වනාන්තර යි. පොතුවිල් සිට සිට මුහුද අද්දරින් කළපු අතරින් පානම ගම වෙත මහා මාර්ගය ඇදී යනවා.


    DCkFEeH.jpg


    පානම් පත්තුව සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් තුන ම ජීවත්වන පළාතක්. පුරාණයේ සැහැදැවත් බෞද්ධ ජනතාවක් ජීවත් වූ බවට සාධක හෙළිකරන නටබුන් විහාර රැසක් ද පානම අවට හමුවෙනවා. මෑතක සිට දේශීය විදේශීය සංචාරක ගමනාන්තයක් වශයෙන් ද පානම අවට වෙරළ තීරය ප්‍රකට ව පවතිනවා. මේ නිසා සංචාරක හෝටල් රාශියක් ද පානම අවට ඉදි වී තිබෙනවා.



    පානම ගම්මානය​

    nUtg8a0.png



    1818 දී ඉංග්‍රීසින්ට එරෙහි ව පැවති ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී ඌවේ සිංහල කැරලිකරුවන් කුඹුක්කන් ඔය ඔස්සේ පැමිණ මහ වන මැද පිහිටි පානම හා කුමන ගම්මානවල පදිංචි වූ බව පැවසෙනවා. එසේ පැමිණි පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කොට්ටගහවෙල නිලමේ යි. ඔවුන් පදිංචි වීමට පෙර මේ අවට සිට ඇත්තේ දඩයමෙන් දිවි ගෙවූ ආදිවාසී පිරිස්. ජනප්‍රවාදයට අනුව ආදි මානව කොටසක් ලෙස සැලෙකන නිට්ටෑවන් හා කන්පොත්තන් නමැති මානව පිරිස් ද පානම අවට වනාන්තරවල වාසය කර තිබෙනවා.


    Pmg1XhT.jpg

    පානම ගොං කරත්තයක්- tripadvisor.com

    ඉංග්‍රීසීන්ගෙන් දිවි බේරා ගැනීමට පැමිණි උඩරට සහ ඌවේ සිංහල ජනතාව අසල ගම්වල ජීවත් වූ දෙමළ හා මුස්ලිම් ජනතාව හා ආවාහ විවාහ කර ගනිමින් වාසය කළා. ඒ වගේ ම ඔවුන්ගේ නම් හා වාසගම් තමන්ගේ වාසගම්වලට ගනිමින් ඔවුන්ගේ සංස්කෘතීන් හා මිශ්‍ර ව ජීවත් වීම ආරම්භ කළා. පානම ගම්මානය ග්‍රාම නිලධාරී වසම් 05 කින් සමන්විත යි. පවුල් 3500 ක් පමණ එහි ජීවත් වෙනවා. එක් පැත්තකින් කළපුවෙන් ද, තවත් පැත්තකින් මුහුදින් ද, තවත් පැත්තකින් යාල කුමන වනෝද්‍යානයට අයත් මහා ගන වනාන්තරයෙන් ද පානම වටවී තිබෙනවා. ගම ගොඩබිමට සම්බන්ධ වන්නේ එක් පැත්තකින් පමණ යි.




    වනාන්තරවලින් වටවුණු පානම​

    0NQvElx.jpg

    ගමේ කුඹුරු යායක් – timeout.com


    වැසි සමයට පානමට ළඟාවන මාර්ග මෙන් ම අවට සියලුම බිම් යට වන අතර එම කාලයට පානම දූපතක් බඳු ය. එසේ යට වූ අවස්ථාවල ජනතාව තම අවශ්‍යතා සඳහා ගමනාගමන කටයුතු සිදු කරන්නේ බෝට්ටු මගින්.

    OGBED7o.jpg


    වනාන්තරවලින් වටවුණු පානම ගම්මානය අවට කොටින් ගැවසීම සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ අසන්නට ලැබුණා. කොටින්ගේ පහර දීම නිසා කිහිප දෙනෙක් මරණයට පත් වූ බවත් තොරතුරු වාර්තා වුණා.

    පානම ගොවිතැන​

    අතීතයේ සිට පානම ජනතාවගේ ප්‍රධාන ජීවිකාව වුණේ කුඹුරු ගොවිතැන යි. ඔවුන් එතෙක් පැවති වනාන්තර එළි කර කුඹුරු අස්වද්දා තිබෙනවා. හැලව වෙල්යාය, පැලදිවුලාන වෙල්යාය, මහවෙල වෙල්යාය, පානකඩ වෙල්යාය, බල්ලම්දිගන වෙල්යාය වගේ යායවල් කිහිපයක් පානම ගම අවට පිහිටා තියෙනවා. අහස් දියෙන් මෙන් ම වැව්වලින් ද මේවාට ජලය ලබා ගන්නවා.

    වසර කිහිපයකට පෙර අසන්නට ලැබුණේ කුඹුරුවලට ජලය ලබා ගන්නා ඇළ මාර්ග අබලන්වීම නිසා ගොවිතැන නිසි ලෙස කරගැනීමට නොහැකි බව යි. පානම වැසියන්ගේ ජීවනෝපාය මාර්ගය වී ගොවිතැන නිසා එහි රජරට වැව්බැඳි සංස්කෘතියේ ලක්ෂණ දකින්න ලැබෙනවා. මුහුදට ආසන්නව පිහිටීම නිසා දකුණු මුහුදුබඩ සංස්කෘතියේ ඇතැම් ලක්ෂණ ද ගමේ දී අත්විඳින්න පුළුවන්. වනාන්තරයෙන් පලු, වීර, දිවුල් වැනි පලතුරු වර්ග නෙළා ගැනීම සහ මීපැණි එකතු කර ගැනීමත් ගම්වැසියන්ගේ අමතර ආදායම් මාර්ගයක්.



    P22bIfK.jpg

    ගමේ අංඇදීමේ උත්සවයක්- ejournalist.lk


    දෙමළ ජනයා විවාහ සම්බන්ධතා මඟින් පානමට සම්බන්ධ වී ඇති බැවින් හින්දු සංස්කෘතියේ ලක්ෂණ ද ගමේ තිබෙනවා. පානම ගමට විවාහයක් මඟින් සම්බන්ධ වන දෙමළ අයෙක් විවාහයෙන් පසු ව පදිංචියට පැමිණිය හොත් ඔහු හෝ ඇය සිංහල වන අතර පානමින් දෙමළ ගමකට විවාහ වී යන අයෙක් ඉන්පසු දෙමළ බවට පත්වීමත් අපූරු ලක්ෂණයක්. පානම වැසියන් බෞද්ධයන් වුවත් දේව ඇදහිල්ල ද ඔවුන්ගේ ආගමික ඇදහිලි අතර දක්නට ලැබෙයි. පත්තිනි හා අලුත් බණ්ඩාර දේව ඇදහිල්ල එයින් ප්‍රධාන තැන ගන්නවා.


    uIF70GC.jpg

    සුන්දර මුහුදු වෙරළ



    පානම කළපුව​

    3GpZr7Y.jpg


    පානම ගම මැදින් තරමක් ඉදිරියට ගමන් කරන විට පානම කළපුව නෙත ගැටෙනවා. දර්ශනීය වැලි තලාව හා රෝස වැලි කඳු පානම වෙරළ තීරයට අපූරු අලංකාරත්වයක් එක්කරනවා. පානම කළපුව හෙක්ටයාර් 250ක විශාලත්වයකින් යුක්ත යි. කඩොලාන ශාක මෙහි බහුල ව පැතිර තිබෙනවා. මොනරාගල කොටියාගලින් පටන් ගන්නා විල ඔය පානම හරහා පැමිණ පානම මෝය කටින් මුහුදට වැටෙන දසුනත් මෙහි දී දැකගත හැකි යි. මෙහි ධිවර කර්මාන්තය ද යහමින් සිදු කෙරෙනවා.


    dzZn2Hr.jpg


    පානම සිට කුමන පාරේ කිලෝ මීටර 6 ක් පමණ යනවිට හමුවන පානකල කළපුව අතීතයේ ස්වාභාවික ලුණු ලේවායක් ලෙස පැවතුණු තැනක්. පානමට අවශ්‍ය ප්‍රමාණයට වඩා එහි ලුණු තිබූ අතර පානම ජනතාව පරිභෝජනය කළේ එම ලුණු බවයි පැවසෙන්නේ. එයට අමතර ව ආසන්නව පිහිටි හැලව කළපුවත් සොබා සුන්දරත්වයෙන් පිරි ස්ථානයක්. එයට ආසන්න ව හැලව ආර නම් ඔය ගලා බසිනවා. එහි තාවකාලික ධීවර වාඩිත් දකින්න ලැබෙනවා. කුණුකල කළපුවත් පානමට නුදුරු තවත් කළපුවක්.




    පානම වැව​

    pyHX2F5.jpg


    ඕලු, නෙලුම්, මානෙල්වලින් පිරුණු පානම වැව අවට කුඹුරුවලට ජලය සපයනවා. මිරිදිය ධීවර කර්මාන්තයත් එහි සිදුවෙනවා. පානම වැවේ ඔරු පැදීමත් සංචාරකයන් ප්‍රිය කරන කටයුත්තක්. වැව අවට වනපෙත, විවිධ ඖෂධ වර්ග මෙන් ම පලු, වීර, සියඹලා වැනි වටිනා ශාකාවලින් ගහන වී තිබෙනවා.


    SJq4mRK.jpg


    මේ වැව කිඹුලන්ගේ පාරාදීසයක් සේ සැලකෙනවා. දිග අඩි 10 – 12 ත් අතර විශාල කිඹුලන් වැව් බැම්ම අසලට වී වී සිටින දර්ශනය මෙහි යන සංචාරකයන්ට දැකගත හැකි යි.

    kFVptiv.jpg




    සුන්දර වෙරළ​

    g6YexYl.jpg


    පොතුවිල් සිට පැමිණ පානම කඩමණ්ඩිය පසුකොට මීටර් 500 ක් පමණ නැඟෙනහිර දෙසට යනවිට දිස් වන්නේ පානම මුහුදු වෙරළ යි. ඉතාමත් පිරිසුදු එමෙන් ම ඉතාමත් අලංකාර මුහුදු වෙරළේ ස්වාභාවික ව ගොඩනැඟී ඇති වැලි කඳු මෙන් ම ගල්පර්වත ද ඉතා සොඳුරු දසුන් මවා පානවා.


    H3LifEq.jpg


    නුදුරින් පිහිටි ආරුගම්බේ ප්‍රකට රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට යි. මෑතක සිට පානම වෙරළත් මෙම ක්‍රීඩාවට සුදුසු වෙරළක් සේ සංචාරකයන් අතර ප්‍රචලිත වී තිබෙනවා. ඉඳහිට දේශීය හා විදේශීය සංචාරකයන් පානම වෙරළ තීරයේ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ යෙදී සිටින අයුරු එහි යන එන කාටත් දැකගත හැකි යි.




    වෙහෙරකෙම​

    පානම සිට කිලෝ මීටර 8.5ක් දුරින් පිහිටි පැරණි විහාර නටබුන් බිමක් තමයි වෙහෙරකෙම. ගල්පර්වතය මත පැරණි දාගබක නටබුන් සහ දිය පිරි කෙමක් තිබෙන නිසා වෙහෙරකෙම නම ලැබී තිබෙනවා.


    HwWZZ0v.jpg


    මෙහි මෑත අතීතයේ දී කුඩා ගණ දෙවි කෝවිලක් ද තනා තිබෙනවා. අවට හින්දු බැතිමතුන් එයට පුදපූජා පවත්වනවා. පැරණි ගොඩනැඟිලි, පොකුණු, පියගැට පෙළ සහ සෙල්ලිපියක් ද මෙහි හමුවෙනවා. මේ ස්ථානය 2014 ඔක්තොබර් 10 වැනිදා පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශිත යි.




    සීක්‍රට් පොයින්ට්​

    මේ කලාපය පානම වෙරළ තීරයේ පානකල කලපුව අසල පිහිටි සංවේදී පාරිසරික කලාපයකි. පානකල කලපුව, සාගරය සහ එක්වන්නේ සීක්‍රට් පොයින්ට්වලට නුදුරුවය. වෙරළාසන්න වනාන්තර සහ පානකල කලපුව ආසන්නව පිහිටි කඩොලාන වනාන්තර පද්ධතිය සහ සමීපව පිහිටි වැලි වැටි නිසා මේ ප්‍රදේශය ඉතා අලංකාර පාරිසරික සුන්දරත්වයකින් යුක්තය. පානම කළපුව අවට ඇති කඩොලාන පරිසරයද ඉහළ විවිධත්වයක් දරන ශාක ප්‍රජාවකින් යුක්තය.


    tWhCq6m.jpg


    පානම ප්‍රදේශයේ මුහුදුබඩ පිහිටි ගල්පර්වත හා වනාන්තර සහිත රජයේ වන බිමක් තමයි මේ නමින් හඳුන්වන්නේ. මෙම ප්‍රදේශය කැබලි කර අල්ලා ගැනීමේ ක්‍රමන්ත්‍රණයක් ඇරඹී ඇති බවට පසුගිය දිනවල විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වුණා. මෙහි අක්කර 8ක බිම්කඩක් ඉඩම් කොමසාරිස්වරයා මේ වනවිටත් ව්‍යාපාරිකයන් දෙදෙනකුට බදුදී ඇති බවයි පැවසෙන්නේ.


    24NnRKH.jpg


    එය නීතිවිරෝධී බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පවසනවා. මේ ඉඩම් ලබා ගැනීම පසුපස ප්‍රබල ඇමැතිවරුන් සිටින බව පෙන්වා දෙන පරිසරවේදීන් මෙම පිරිස් අධිකරණ නියෝග හෝ ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇති බව ද පවසනවා.


    Wcf2X0k.jpg


    මෑතක සිට ව්‍යාපාරිකයන් පැමිණ පානම අවට හෝටල් ඉදිකිරීමට විවිධ කූට උපක්‍රමවලින් රජයේ ඉඩම් ලබාගැනීම නිසා ගමේ ජන ජීවිතයට දැඩි පීඩාවක් එල්ල වී තිබෙනවා.
    පානම සීක්‍රට් පොයින්ට් වනබිම කොල්ලකෑමද වන සංරක්ෂක සතුව තිබූ අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ තක්කඩි තීන්දුවට අනුව සිදුකළත් පසුගිය සැප්තැම්බර් නඩු තීන්දුවෙන් එම චක්‍රෙල්ඛය අත්හිටුවා ඇති බව කොල්ලකරුවන් නොදැන සිටින්නට විදිහක් නැත. මෙය මහ දවල් ඉඩම් මංකොල්ලයකි.



    මූලාශ්‍ර:
    බ්ලොගර් - කුසුම්සිරි විජයවර්දන
    රෝර්මිඩියා
    Inscriptions.lk
    Amazinglanka.com
    Dinamina.lk
    යාල නැඟෙනහිර අහිමි වනමං- ගාමිණී විජිත් සමරකෝන්
    චායාරුප අන්තර්ජාලයෙන්
     
    Last edited:

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    @NRTG තවත් සුපිරි පෝස්ටුවක්.. බොහොම ස්තූතියි සහෝදරයා.. :love2: 👍

    ඇත්තටම හිත හිතා ඉන්නෙ ජීටී ලොක්කට යෝජනා කරන්න උඹ, @Solo Rider, @Stimulus mind මලය ඇතුළු මේකේ හොඳ පෝස්ට් දාන කට්ටියගෙ ත්‍රෙඩ් වලට ලකුණු දෙන / ඇගයීමක් කෙරෙන සිස්ටම් එකක් හඳුන්වලා දෙන්න කියල ඉල්ලන්න.. @2osama ගේ උනත් දේශපාලනේ ගැන ඇරුනම හොඳ ත්‍රෙඩ් මම දැකල තියෙනවා :giggle:

    උඹල වගේ උන් තාමත් මේකෙ ඉතුරු වෙලා ඉන්න නිසයි අදටත් දවස ගානෙ කිරියට ගොඩ වදින්නෙ... 👍
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @NRTG තවත් සුපිරි පෝස්ටුවක්.. බොහොම ස්තූතියි සහෝදරයා.. :love2: 👍

    ඇත්තටම හිත හිතා ඉන්නෙ ජීටී ලොක්කට යෝජනා කරන්න උඹ, @Solo Rider, @Stimulus mind මලය ඇතුළු මේකේ හොඳ පෝස්ට් දාන කට්ටියගෙ ත්‍රෙඩ් වලට ලකුණු දෙන / ඇගයීමක් කෙරෙන සිස්ටම් එකක් හඳුන්වලා දෙන්න කියල ඉල්ලන්න.. @2osama ගේ උනත් දේශපාලනේ ගැන ඇරුනම හොඳ ත්‍රෙඩ් මම දැකල තියෙනවා :giggle:

    උඹල වගේ උන් තාමත් මේකෙ ඉතුරු වෙලා ඉන්න නිසයි අදටත් දවස ගානෙ කිරියට ගොඩ වදින්නෙ... 👍
    තැන්ක්ස් මචෝ අදහස් ටික ගොඩක් වටිනවා... 🙏
    අපි ඕකට @Walter White වත් එකතු කරමු. අපි කවුරුත් නොදන්නා පැත්තක් ගැන හොඳ පොස්ට් දානවා එයත්...:love2:👌