පාන් රුපියල් 3කින් නගී
පාන් රුපියල් 3කින් නගී!
විදුලිය ගාස්තු ඉහල දැමීමෙන් පාන් මිලද අනිවාර්යෙන්ම වැඞී කිරීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 3.00 කින් පමණ වැඩි විය හැකි බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.සංගමය පෙන්වා දේ. ගෑස් හා ඩිසල් මිල වැඩිවීමෙන් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙන බේකරි කර්මාන්තය විදුලි ගාස්තු වැඩිකිරීමෙන් කබලෙන් ලිපට වැටෙන බව ද එම සංගමය අවධාරණය කළා.
ගෑස් සහ ඩිසල් මිල වැඩිවීමට අමතරව විශේෂයෙන් පාන් නිෂ්පාදනයට යොදගනු ලබන මාගරින් ඇතුලූ ද්‍රව්‍යවල මිල ද සියයට 10-15 අතර ප්‍රමාණයකින් වැඞීවී තිබිම හේතුවෙන් බේකරි කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසා සිටියේ.තිරිඟු පිටි මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේදී පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් වැඩි කෙරුණු අතර දැනට පාන් ගෙඩියක මිල රුපියල් 50 -60 ත් අතර මිලක පවතියි.