ෆ්‍රැන්සිස් පාප්තුමන් ගැන බිදක්
කතෝලික සභාවේ දෙසිය හැට හය වැනි සභා නායකයාණන් ලෙස 2013 මාර්තු 13දා තේරීපත් වුණු ෆ්‍රැන්සිස් පාප්තුමන් කිතුණු සභා ඉතිහාසයෙන් වාර්තා වන සුවිශේෂීම සුදතුම් පියාණන් බව පැවැසීමේ වරදක් නැත. ආකාර කිහිපයකින්ම එතුමන් සුදතුම් පිය ඉතිහාසයේ වාර්තා පිහිටුවූයේ නායකත්වයට තේරීපත්වූ දිනමය. ඒ එතුමන් ඇමෙරිකානු කලාපයෙන් මෙන්ම ලතින් ඇමෙරිකාවෙන් තේරීපත්වූ පළමු පාප්තුමන් වන නිසාත්, පළමු ජේසු නිකායික පාප්තුමන් වන නිසාත් පමණක් නොව ෆ්‍රැන්සිස් යන්න සිය සුදතුම් නාමය ලෙස තෝරා ගත් පළමු පාප්තුමන්ද වන බැවිනි. ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් පාප් පදවියට පත්වීම කතෝලික සභා ඉතිහාසයේ සන්ධිස්ථානාත්මක අවස්ථාවක් වන්නේ මූලික වශයෙන් මෙම හේතු නිසා වුවද ෆ්‍රැන්සිස් පාප්තුමන් සිය සුවිශේෂී ඇවතුම් පැවතුම්, විශේෂයෙන්ම නිරහංකාර බැගෑපත් ස්වභාවය නිසාද කතෝලික ප්‍රජාව අතර පමණක් නොව සමස්ත ලෝක වාසීින් අතරම ගෞරවාදරයට පාත්‍ර වූ සුවිශේෂී චරිතයක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
1939 සීතල උඳුවප් මස 17දා සාමාන්‍ය වැඩ කරන පන්තියේ දෙමව්පිය යුවළක් වූ මාරියෝ බෙගෝලියෝ හා රෙජිනා බෙගෝලියෝ යුවළගේ වැඩිමහලු දරුවා ලෙස හොගේ මාරියෝ බෙගෝලියෝ උපත ලබන්නේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරය. ඔහුගේ දෙමව්පියන් ඉතාලි ජාතික සංක්‍රමණිකයින්ය. දිළිඳු නොවූවත් දැඩි අරපිරිමැස්මට ළැදි දෙමව්පියන්ගේ ගුරුහරුකම් මැද දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක වැඩිමහලු දරුවා ලෙස හැඳී වැඩුණූ හොගේ කුඩා කල සිටම ඉතා නිරහංකාර, පුහු ආටෝපය පිළිකුල් කරන, දිළිඳුකම උසස් කොට සලකන අයෙකු බවට පත්වීමට ප්‍රධාන කොටම බලපෑවේ ඔහුගේ පවුල් පසුබිමය. කලාවටත්, සිනමාවටත්, ආර්ජන්ටිනානු සංස්කෘතියේ අනන්‍යතාව කියාපාන මිලාග්නෝ සංගීතයට හා ටැංගෝ නර්තනයටත් එකසේ ඇළුම් කළ තරුණ හොගේ සිය මවගේ අඩි පාරේ යමින් ඉතාලි කෑම පිළියෙළ කිරීමේ අද්විතීය දක්ෂතා දක්වන සූපවේදියෙකු බව දන්නේ ටික දෙනෙකි. රසායන විද්‍යාවට දැක්වූ ළැදියාව නිසාම රසායන විද්‍යා පශ්චාත් උපාධියක්ද හිමි කර ගත් හොගේ එකල සිය මිතුරන් අතරද ජනප්‍රිය චරිතයක් විය. නමුත් දේව කැඳවීම අවබෝධ කර ගැනීමත් සමග එතෙක් ගත කළ විනෝදකාමී ජීවිතයට ඉත සිතින් සමුදුන් හොගේ වයස අවුරුදු විසි එකේදී ජේසු නිකායට ඇතුළු වූයේ පැවිදි දිවියට එළැඹීමේ අපේක්ෂාවෙනි. එතුමන් නිව්මෝනියාවට ගොදුරුව බරපතළ ලෙස රෝගී වන්නේද මේ අවධියේදීයි. හොගේ පියතුමන්ට පෙණහල්ලකින් කොටසක් අහිමි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 1969 දී ජේසු නිකායික පූජකතුමෙකු ලෙස පැවිදි දිවිය අරඹන හොගේ පියතුමන් කෙටි කලකින්ම ආර්ජන්ටිනාවේ ජේසු නිකායික පූජකයන්ගේ ප්‍රධානියා ලෙස පත් වන්නේද එතුමන් දැක්වූ දක්ෂතා නිසාය. පසුව බුවනෝස් අයර්ස්හි අගරදගුරු ධුරයට පත් වන හොගේ පියතුමන්ගේ ජීවිතයේ වැදගත්ම කාල පරිච්ජේදයක් ලෙස හැඳින්විය හැක්කේ එතුමන් අගරදගුරුතුමෙකු ලෙස සේවයේ යෙදුනූ එම කාලයයි.
කුඩා වියේ පටන් දිළින්දන්ට හා පීඩිතයන්ට සරණ වීමට දැක්වූ නොසිඳුණු ආශාව ඉටු කර ගැනීමට අගරදගුරු ධුරයේ පූර්ණ බලතල භාවිත කළ හොගේ පියතුමන්ට කෙටි කලකින්ම මුඩුක්කුවේ අගරදගුරුතුමන් ලෙස ගෞරව නාමයක් පට බැඳෙන්නේ බුවනෝස් අයර්ස්හි මුඩුක්කුවාසීින් වෙනුවෙන් දැඩි කැපවීමෙන් යුතුව එතුමන් කළ අසමසම සේවය නිසාමය. මහ බ්‍රහස්පතින්දා දිනයේදී ක්‍රිස්තුන් වහන්සේ සිය ගෝලයන්ගේ පාද සේදූ අයුරු සිහිපත් කරමින්, අද වන විට ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තවත් එක් අනන්‍යතා ලකුණක් බවට පත්ව තිබෙන සිරකරුවන්ගේ, හා රෝගීන්ගේ පාද සේදීමේ සිරිත එතුමන් අරඹන්නේ මෙකලය. පාප් පදවියට පත් වීමෙන් පසු වුවද මෙම සිරිත අත්නොහැරී ෆ්‍රැන්සිස් පාප්තුමන් ඒඩ්ස් රෝගීන් වැනි සමාජයෙන් කොන් වූවන්ගේද පාද සෝදමින් තවදුරටත් ලෝකය මවිත කළ සේක. දහසය වන බෙනඩික්ට් පාප්තුමන් විශ්‍රාම ගැනීමෙන් පසු වතිකානුවේ පැවැති කාදිනල්වරුන් එකසිය පහළොස් දෙනෙකුගේ පාර්ශද සාකච්ඡාවකින් පසු කතෝලික සභාවේ නව සුදතුම් නායකයාණන් ලෙස තේරී පත්වූ ෆ්‍රැන්සිස් පාප්තුමන් එම ධුරයට පත් වූ මොහොතේ සිටම තමා සෙසු පාප් වහන්සේලාට වඩා බෙහෙවින් වෙනස් චරිතයක් බව ක්‍රියාවෙන් පෙන්වා සිටියහ. පාප් පදවියේ අර්ථ ශුන්‍ය සම්මතයන් බැහැර කිරීමට මැලි නොවූ එතුමන් පාප් ධුරයට පත් වීමත් සමග කළ පළමු දෙය වූයේ නව පාප්තුමෙකු පත් වීමත් සමග සිරිතක් ලෙස වතිකානු නිලධාරීන්ට ලබා දෙන ප්‍රසාද මුදල් දිළින්දන්ට පරිත්‍යාග කිරීමට පියවර ගැනීමයි. පාප් වහන්සේලා පළඳින රතු සපත්තු වෙනුවට සාමාන්‍ය කළු සපත්තුත්, රත්රන් කුරුසිය වෙනුවට තමා එතෙක් කලක් පැළඳි ආටෝපයෙන් තොර යකඩ කුරුසියම පැළඳීමටත්, සියලු සුඛෝපභෝගීි සැප සම්පත්වලින් යුත් පාප් නිල මන්දිරයේ විසීම ප්‍රතික්ෂේප කොට සාමාන්‍ය ලැගුම්හලක විසීමටත් පියවර ගත් ෆ්‍රැන්සිස් පාප්තුමන් පොදු ජනතාවගේ වීරයෙකු බවට පත් වීමට වැඩි කලක් ගත වූයේ නැත.
ආගම්, ජාති, කුල, වර්ග බේදයකින් තොරව පීඩිතයන්ගේ වේදනාවට සංවේදී වූ, ඔවුන්ගේ දුක හඳුනන නිරහංකාරත්වයේ ප්‍රතිමූර්තියක් වූ ෆ්‍රැන්සිස් පාප්තුමන් කිතුනු සංඝයේ නායකත්වයට පත්වීම කිතුනුවන්ගේ පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවගේම භාග්‍යයකි. සිය ප්‍රේමණීය නායකත්වයෙන් තවත් චිරාත් කාලයක් ලොව මෙහෙයවීමට එතුමන්ට දේවාශිර්වාද ලැබේවා යන්න අපගේ පැතුමයි.

Last edited: