පාම් ඔයිල් ආනයනය තහනම් කරන්නැයි ජනපති නියෝග කරයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    167975624_1882262218605751_6435462035537846884_n.jpg




    වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබෙනවා.

    දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ. මේ සමගම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

    මේ අතර කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටජනාධිපතිතුමා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇත.

    මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරය.

    දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී ඇත.

    මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටු පොල් වගාව සහ ෆාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණයි.

    Neth news
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    අශ්වයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලේ වාහන කයිවාරු නන්දෙ.
    මේ වගේ ෆේල් වෙච්ච පාලකයෙක් ලංකා ඉතිහාසේම ඉදලා නෑ.
    හිටන් වුනත් මෙච්චර බෙලහීන වුනේ නෑ ඌ අඩු ගානේ මයිලෝ වල සීනි තියෙනවා කියලා හරි කිව්වා.
    මේ නන්දෙ පබයා දන්නේ අපි තමයි හොදටම කරේ කියලා හිකි හිකිය දාන්න. 🤣🤣

    නන්දෙගේ හොර ෂොට් එකකින් හම්බුන එකෙක්ට රිදිලා ඔන්න අන්ලයික් හලාගෙන ගිහිල්ලා.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නවත්තන එකනම් ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ, ඒ වෙනුවට මොනවද මිනිස්සුන්ට දෙන්නෙ? පොල්තෙල් නිශ්පාධනය වැඩි කරන්න හරි වස නැති පොල්තෙල් ගේන්න හරි ක්‍රමයක් හදලද තියෙන්නෙ? නැත්නම් කහ තහනම් කරා වගේ අද ඉඳන් පොල් ගස් හිටවන්න කියලද?
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    පාම් ඔයිල් ආනයනය සහ භාවිතය දෙකම තහනම් නැද්ද?
    එසේ නොවුනොත් දේශීයව නිෂ්පාදනය කරන්න වේවි.. එතකොට කටුපොල් වගා තහනම ඉවත් වේවී..
    මේවා Complex ප්‍රශ්න