මේ පාර දැනට පවුල් 6ක් විතර පාවිච්චි කරනවා. හිස් ඉඩම් තියෙනවා තව 4ක් වගේ. වෙන්දේසි ඉඩමක් තමයි බෙදලා තියෙන්නේ කෑලි වලට. වෙන්දේසි කරපු එවුන් පට්ට සවුත්තු විදිහට මේ අඩි 12 පාරට තාර දාලා තියෙන්නෙ. දැන් කැඩිලා ගිහිල්ලා bike එකකටවත් යන්න අමාරු විදිහට. කට්ටිය ගිහින් ප්රාදේශීය සභාවට ලියුමක් දුන්න අත්සන් කරලා. සෑහෙන්න කාලයක් ගිහින් මුන් පාරවල් ටිකක් හදාගෙන ආවා. නමුත් අපේ පාර හැදුවේ නෑ මුන් කලේ අලුත් තාර දාලා නැති වෙන අතුරු පාරවල් හදපු එක. අපේ පාර හදන්න බෑලු කලින් තාර දාලා නිසා. පට්ට අසාධාරනයි බන්. මේකට කරන්න වෙන දෙයක් නැද්ද? කරන්න වගේ හෝ මීට වඩා ඉහල තැනකට ලියුමක් දීලා වගේ?


