පාරක ගැටළුවක් (Law Solution Needed)

Ridgeway_95

Member
Mar 24, 2016
16
4
0
Colombo
පාරක ගැටළුවක් (Law Solution Needed)

මචන්ලා අපේ වත්තක් තියනවා,එ වත්තෙ තමා ලොකු අයියා ගෙදර හදන්න ඉන්නෙ,නමුත් අලුතෙන් ආපු කෙනෙක් (පවර්ෆුල් කෙනෙක්) එයාගේ surname එක දාගන,එත් කවුරුත් කැමති නැ එ නමට,කොහොමද මචන් මෙක වෙනස් කරන්නෙ,නීති පැත්තෙන් කොහොමද වෙන්න ඔනේ,එයා එයාගේ නම දාගන දැන් ලොර්ඩ් වගේ ඉන්නෙ එ පැත්තෙ.පාර කැපුවේ වෙන අය,අළුතෙන් ඇවිත් එහෙම පෞද්ගලික නම් දාගන්න බැ නේ :no:
 
ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ප්‍රාදේශීය සභාව පැත්තෙන් විමසීමක් කරලා බලන්න එකේ අනුමැතිය අරගෙනද කියලා.
    ගමේ අනිත් මිනිස්සු නම දැම්මට කැමති නැත්නම් පෙත්සමක් අත්සන් කරලා ප්‍රාදේශීය සභාවට දෙන්න.
     
    Ridgeway_95

    Member
    Mar 24, 2016
    16
    4
    0
    Colombo
    ප්‍රාදේශීය සභාව පැත්තෙන් විමසීමක් කරලා බලන්න එකේ අනුමැතිය අරගෙනද කියලා.
    ගමේ අනිත් මිනිස්සු නම දැම්මට කැමති නැත්නම් පෙත්සමක් අත්සන් කරලා ප්‍රාදේශීය සභාවට දෙන්න.

    ඔව් මචන් අරගන නේ :dull: එත් මචන් පරේ ඉන්න අනික් පවුල් කැමති නැ 70% විතර.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔව් මචන් අරගන නේ :dull: එත් මචන් පරේ ඉන්න අනික් පවුල් කැමති නැ 70% විතර.

    එහෙම පුද්ගලික නමක් අනිත් මිනිස්සුන්ගේ කැමැත්ත නැතිව දාන්න බැහැ මං දන්නා තරමින්.
    ඕකට පෙත්සමක් යවන්න කරුණු කියලා අනිත් කට්ටියත් අත්සන් කරලා, පළාත් සභාවටත් කොපි කරන්න පුළුවන්.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය පාර ප්‍රාදේශීය සබාවට අයිති පාරක්ද. එහෙම නම් එයාට නෙමෙයි ඕන කෙනෙක්ට පුළුවන් ප්‍රා.ස. මුදලක් ගෙවල පාරට නමක් දාන්න. එක ඔයාලටත් කරන්න නිබුන. නමුත් ඔයාලගේ නොදැනුවත් කම එයා ප්‍රයෝජනයට ගත්ත
     
    Ridgeway_95

    Member
    Mar 24, 2016
    16
    4
    0
    Colombo
    එහෙම පුද්ගලික නමක් අනිත් මිනිස්සුන්ගේ කැමැත්ත නැතිව දාන්න බැහැ මං දන්නා තරමින්.
    ඕකට පෙත්සමක් යවන්න කරුණු කියලා අනිත් කට්ටියත් අත්සන් කරලා, පළාත් සභාවටත් කොපි කරන්න පුළුවන්.

    එක තමා මචන් කියන්නෙ ,මේක ලංකාව නේ,අපේ අයියා විතරයි මචන් මෙක වෙනස් කරන්න ඉස්සරහට යන එකම කෙනා,අනික් අය කැමති නැති උනාට හෙන බයයි,මොකක් හරි අහගන්න වෙයි කියලා.තැන්ක්ස් මචන් :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    පාරෙ නම මොකක් වුනාම මොකද ? :baffled:
    යන්න පුළුවන් නම් ඒ මදෑ
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචන් මන් දන්න විදිහට 1933 ට කථා කරලා මේ පිළිබදව අහන්න පුළුවන්..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පාරෙ නම මොකක් වුනාම මොකද ? :baffled:
    යන්න පුළුවන් නම් ඒ මදෑ

    ඇත්තටම පාරකට නමක් තියන තරමට ලේසි. එඩ්රස් එකක් කියන්නත්, කාට හරි එන විදිහ කියන්නත් ලේසි.

    අපේ පාරටත් මේ මෑතක් වෙනතුරු නමක් තිබුනේ නැහැ. දැන් නම් මොකද්ද නමක් දාල තියනවලු. තවම බෝඩ් එක හයි කරලා නැහැ. එක ගොඩක් හොදයි මොකද කාට හරි එන විදිහ කියන්න ගිහාම දිව උලුක් වෙනවා.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නම වෙනස් කරන්න පුළුවන් ..ඔයාල අයිති වෙන නගර සභාව \ ප්‍රාදේශීය සභාවට යන්න ලියුමක් හදාගෙන ..ඔයාගේ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න පවුල් වලින් නම , ලිපිනය , ජා.හැ .අංකය සහ අත්සන් අරගෙන ලිඛිතව ඉල්ලීමක් කරන්න ..ගමේ බහුතරය කැමති නම් නිතනුකුලව නම වෙනස් කරගන්න පුළුවන් ..
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔය පාර ප්‍රාදේශීය සබාවට අයිති පාරක්ද. එහෙම නම් එයාට නෙමෙයි ඕන කෙනෙක්ට පුළුවන් ප්‍රා.ස. මුදලක් ගෙවල පාරට නමක් දාන්න. එක ඔයාලටත් කරන්න නිබුන. නමුත් ඔයාලගේ නොදැනුවත් කම එයා ප්‍රයෝජනයට ගත්ත

    එහෙම සල්ලි ගෙවල එක එකාට ඕනැ විදිහට පාරවල් වලට නම් දාන්න බැහැ. ඒකට මුදල් නොවෙයි ක්‍රම වේදයන් තියෙනවා.

    1.මාර්ගයේ ප්‍රවේශ අයිතිය හිමි බහුතරයට නමක් යෝජනාකර ඒ සියළුදෙනාගේ අත්සනින් යුතු ලියවිල්ලක් පුාදේශීය සභාවේ සභාපතිට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමෙන්.
    2. මාර්ගයට නම තැබීමේ යෝජනාවක් මාර්ගය අයත් ප්‍රදේශය නියෝජනය කරන ස්වේච්ඡා සංවිධානයක සම්මත කරගෙන ඒ වාර්තාව පුාදේශීය සභාවේ සභාපතිට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමෙන්.
    3. පුාදේශීය සභාවේ නියෝජිත මන්ත්‍රී වරයකු මාර්ගයට නම තැබීමේ යෝජනාවක් පුාදේශීය සභා රැස්වීමකදී සභා සම්මත කර ගැනීමෙන්.

    ඉහත 2 සහ 3 අවස්ථාවලදී තුන්මසක කාලයක් තුළ විරෝධතා ඉදිරිපත් කරන්නට ඕනෑම අයකුට හෝ කණ්ඩායමකට පුළුවන්. ප්‍රමුඛතාවය ලැබෙන්නේ ප්‍රවේශ අයිතිය හිමි බහුතරයටයි.

    පාරෙ නම මොකක් වුනාම මොකද ? :baffled:
    යන්න පුළුවන් නම් ඒ මදෑ

    ඔබගේ නිවසට නමක් ඔබ දමනවා නම් ඔබ පමණක් නොව නිවසේ වෙසෙන පවුලේ බහුතරය කැමතිවෙන්න ඕනෑ නේද?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙම සල්ලි ගෙවල එක එකාට ඕනැ විදිහට පාරවල් වලට නම් දාන්න බැහැ. ඒකට මුදල් නොවෙයි ක්‍රම වේදයන් තියෙනවා.

    1.මාර්ගයේ ප්‍රවේශ අයිතිය හිමි බහුතරයට නමක් යෝජනාකර ඒ සියළුදෙනාගේ අත්සනින් යුතු ලියවිල්ලක් පුාදේශීය සභාවේ සභාපතිට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමෙන්.
    2. මාර්ගයට නම තැබීමේ යෝජනාවක් මාර්ගය අයත් ප්‍රදේශය නියෝජනය කරන ස්වේච්ඡා සංවිධානයක සම්මත කරගෙන ඒ වාර්තාව පුාදේශීය සභාවේ සභාපතිට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමෙන්.
    3. පුාදේශීය සභාවේ නියෝජිත මන්ත්‍රී වරයකු මාර්ගයට නම තැබීමේ යෝජනාවක් පුාදේශීය සභා රැස්වීමකදී සභා සම්මත කර ගැනීමෙන්.

    ඉහත 2 සහ 3 අවස්ථාවලදී තුන්මසක කාලයක් තුළ විරෝධතා ඉදිරිපත් කරන්නට ඕනෑම අයකුට හෝ කණ්ඩායමකට පුළුවන්. ප්‍රමුඛතාවය ලැබෙන්නේ ප්‍රවේශ අයිතිය හිමි බහුතරයටයි.

    ඔයා කියන ඔය ඔක්කොම හරි නමුත් මෙච්චරකල් මේ පාරේ පදිංචිකරුවන්ට ඒ ගැන කිසි වගක් තිබිල නැහැ වගේ. දැන් එකපාරට නමක් දාපු ගමන් තමයි මේ ගොල්ලොන්ට පත්තුවෙලා තියෙන්නේ. සමහර විට ඔයා කියල තියන කාරණා අර නම දාපු කෙනා කරල ඇති.

    ඒ එක්කම ගොඩක් වෙලාවට මම දැකල තියනවා කිරියේ දාන නුල් වල තමන්ගේ පැත්තේ තියන වැරදි ටික වහල අනිත් පැත්ත වැරදි විතරයි පෙන්නන්නේ. මේකත් එහෙම එකක් වගේ තමයි පෙන්නේ.
     
    :D:D:D පාරවල් කැපුවේ අපේ ලොකු අප්පච්චිලා,එ යකා කපපු පාරක් නැ,කොන්ක්‍රිට් දාල භාගයක්ම හැදුවේ අපේ පවුල් වලින්,මහ පරේ ඉඳන් පාර ඉවර වෙන තැනට වෙනකන් අපේ පවුල් වල ඉඩම් තියෙන්නෙ,එත් ලොකු අප්පච්චිලාගේ අය දැන් නැ මෙවාට කතා කරන්න එ අය ඉඩම් විකුණලා ගිහින්,අපේ පවුල් වලින් මහ ඉඩම කොටස් කරලා විකුණලා තියෙන්නෙ දැන් ඉන්නෙ ඔක්කොම පිට උන්,අපේ අප්පච්චිට තියන කැල්ලෙ දැන් අයියා ගෙදරක් හදන්න යන්නෙ,අපි කවුරුත් දැනුවත් කරන්නෙ නැතුව මේ අළුතෙන් ආපු පොරක් (ලොකු අප්පච්චි විකුණපු කැල්ලක ඉන්න එකෙක්) එ පොරගේ සර්නෙම් එක දාගන,අහපුවාම කියනවා වටේ පිට අයත් කැමති වුන නිසා පාරට නමක් දාන්න ඔන නිසත් දැම්මලු,එත් ගොඩක් අය කැමති නැ,කොහොම දාගත්තද මන්ද ?

    අපේ පරම්පරා ඉඩම් මැදින් යන පාරට වෙන ගල් ඉබ්බෙක් ගේ නමක් දාගන හරි යනවද ?:no:
     
    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    එත් ලොකු අප්පච්චිලාගේ අය දැන් නැ මෙවාට කතා කරන්න එ අය ඉඩම් විකුණලා ගිහින්

    අපේ පරම්පරා ඉඩම් මැදින් යන පාරට වෙන ගල් ඉබ්බෙක් ගේ නමක් දාගන හරි යනවද ?:no:
    Wikunuwata passe owa parampara idam neme :)