පාරමිතාවන් පුරන්න

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    පාරමිතාවන් පුරන්න

    මේ ලිපිය කියවන ඔබ කොයි තරම් වාසනාවන්තයෙක් ද කියා මොහොතකට වත් ඔබ සිතුවාද ?
    ධර්මයට අනුගතවන, ශීල, සමාධි, ප්‍රඥා වැඩිය හැකි ලෙස පිහිටූ මනසකින් යුතු, ඔබ සැබෑ පින් වන්තයෙක්.
    ඒ නිසයි මේ මනුසත් බවක් ලැබ ඇත්තේ.

    මේ ලැබූ මිනිස් භවයේ ඔබ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම්, තෙරුවන් නැමැද, පන්සිල් ගෙන මල් පහන් පුදා පින් අනුමෝදන් කොට ඔබ පතන පාරමිතා අපමණ ඇති.
    ඒ අතුරෙන් මේ භයානක සසර ගමනේ ඔබට තිබිය යුතු ම පාරමිතාවන් කීපයක් ගැනයි මේ:


    සසර ගමන ඉක්මනින් නිවනින් කෙලවර වන්න.

    පින් අනුමෝදනා කර ඔබ නිවන ම පතන්න. ඔබ කරන පින් කුසල් අකුසල් වල විපාක ඔබ ඉල්ලුවත් නැතත් ඔබට ලැබෙනවා මයි. ඒ නිසා පින් කර සසරට දේවල් ඉල්ලන්නට එපා..සසර තවත් දිගු වේවි.. ඒ වෙනුවට නිවන ම පතන්න.

    කරගත් ආර්‍ය උපවාද වලට සමාව ඉල්ලන්න

    මේ අනන්ත වූ සසරේ ආ ගමනේ ඔබ බුදු රජාණන්වහන්සේනමකට හෝ, පසේ බුදු රජාණන්වහන්සේනමකට හෝ, මගඵල ලාභී ආර්‍ය පුද්ගලයන් වහන්සේලාට හෝ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා උත්තමයන් ට හෝ ඔබේ සිත කය වචනයෙන් යම් දොසක්, නින්දාවක්, අපහාසයක්, හිරිහැරයක්, සිදු වී නම්, ඒ ආර්‍ය උපවාදයන් ට සමාව පතන්න.

    ආර්‍ය උපවාදයන් යනු බලවත් අකුසල කර්මයෝය. දරුණු විපාක ඇත්තේය.

    ඒ බුදු, පසේබුදු, මඟඵල ලාභී උතුමන් පිරිනිවන් පා ඇති නම් ඔබට සමාව පැතූ විට ඔබ කරගත් ආර්‍ය උපවාදයනට සමාව ලැබේවි. නමුත් යම් ආර්‍ය පුද්ගලයන් වහන්සේනමක් පිරිනිවන් පා නැති නම් ඔබ උන්වහන්සේලා හමුව සමාව ගත යුතුය.

    ඉතසිතින් , දැඩි උවමනාවෙන්, මෙලෙස මෙනෙහි කරන්න:

    අනන්ත සසරේ මගේ සිතෙන් කයින් වචනයෙන් කුමන හෝ දොසක්, හිරිහැරයක්, කරදරයක්, අවමානයක්, අපහාසයක්, යනාදි උපවාදයක් බුදු රජාණන්වහන්සේට හෝ ධර්ම රත්නයට හෝ, අටවැදෑරුම් ආර්ය පුද්ගලයන් ට හෝ සිදු වුනි නම් මට එවාට සමාව ලැබේවා, දෙවනුවද සමාව ලැබේවා, තෙවනුවද සමාව ලැබේවා, අනන්ත වාරයක් මට සමාව ලැබේවා. මතු සසරේ දීත් මගේ සිතෙන් කයින් වචනයෙන් ආර්ය උපවාද සිදු නොවේවා. මගේ ශීල සමාධි ප්රඥා වැඩී මේ උපවාද වලින් මා මිදේවා ලෙසින් අධිශ්ඨාන කරන්න. මහත් ඕනෑකමින් බැති සිතෙන් අදිටන් කරන්න.


    කායෙන වාචා චිත්තේන - පමාදේන මයා කථං
    අච්චයංකම මේ භන්තේ - භූරී පඤ්ඤ තථාගතං
    අච්චයංකම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික
    අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර


    බුද්ධ රත්නයට , ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ කයෙන් වචනයෙන්, සිතෙන් කිසියම් වරදක් සිදු වූවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් සමාවන සේක්වා! යි කියා සමාව ගත යුතුයි.

    එලෙසම මෙලෙස පාරමිතාවක් කරන්න,

    මතු සසරේ, නිවන් දකිනා තුරා, මගේ සිතෙන් කයින් වචනයෙන් කිසිදු ආර්‍ය උපවාදයක්, ආර්‍ය පුද්ගලයන් වහන්සේ අරභයා සිදු නොවේවා. ධර්ම රත්නයට කිසිදු අපහාසයක්, නිගරුවක්, දොසක් මගෙන් සිදු නොවේවා කියා පතන්න. නිවැරදිව තෙරුවන කෙරෙහි ශ්‍රධාව පිහිටන්න යැයි පතන්න.


    ආනන්තරීය පාපකර්මයන් සිදු නොවේවා

    ආනන්තරීය පාපකර්ම යනු ඒ පාප කර්මයන් කල අය නියත වශයෙන් ම අපායගාමි කරන පාපී කර්මයෝ ය.

    එනම්

    1. මව මැරීම ය
    2. පියා මැරීම ය
    3. රහතු වහන්සේ ලා මැරීම ය
    4. තථාගතයන් වහන්සේ ගේ ශරීරයේ ලේ සෙලවීම ය
    5. සංඝයා භේද කිරීම ය


    ආනන්තරීය පාපකර්මයන් කර ගත්තවුන් ට අපායෙන් මිදීමට ක්‍රමයක් නැත්තේය. මරණයට අනතුරුව නියත වශයෙන්ම මේ අකුසලයෝ විපාක ගෙන දෙති. (රෙරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේ විසින් රචිත "බෞද්ධයාගේ අත්පොත - 83 පිටුව බලන්න).

    මේ අති දීර්ඝ වූ සසරේ ඔබෙන් යම් ආනන්තරීය පාපකර්මයක් සිදුව ඇති නම් ඒ සඳහා ඔබ විපාක ලැබිය යුතුම ය. ඒ පවු සමා කිරීමක් නැත්තේය, නොකල හැක්කේය. විපාක නියත මය. අවසාන මොහොතේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන පැහැදුන දෙවුදත් තෙරුන්, තථාගතයන් වහන්සේ බැහැදැකීමට පැමිණිය මුත්, බුදු රජාණන්වහන්සේ වැඩ සිටින විහාරයේ දොරටුව අභියස දී මහා නිරයට ගියේ කරගත් මහා ආනන්තරීය පාපකර්මයන් නිසාය.

    මතු සසරේ ඔබ නිවන් දක්නා තුරා ඉපිදෙමින් මැරෙමින් යන මේ ගමනේ දී කෙලෙසකින් වත් ආනන්තරීය පාප කර්මයක් සිදු කරගත හොත් විපාක ඉතා දරුණු බව දැන් වැටහේ යැයි සිතමි.
    ඒ නිසා අපි පාරමී පුරමු මිතුරනේ:

    අනන්ත මේ සසරේ, නිවන් දකිනා තුරා උපදින කිසිදු භවයක දී, මගෙන් ආනන්තරීය පාප කර්මයක් කිසිදා සිදු නොවේවා.

    පින් බිමක, ධර්මයට නැඹුරුව ඔබ ඉපදේවා

    මේ ලිපිය කියවන ඔබ මේ හෙළ බිම , හෙළ මවු පියන්ට දාව, උපන් පෙර පිනැති දරුවෙක් බව තේරුම් ගන්න.

    නිතර ධර්මය අසන්නට ලැබෙන, පිනැති කල්‍යාණ මිතුරන් ඇසුරට ඉඩ ඇති, පින් කුසල් වඩන්නට ඉඩ ඇති, බියකින් තොරව ධර්මයේ යෙදෙන්නට හැකි මේ පින් බිමේ උපන් ඔබ සැබැවින් ම පිනැති කෙනෙක්. ඒ ඔබ පෙර කර ගත් පින් වල විපාක ලෙස ඔබට මේ භවය හිමිවුනා.
    ඒත් මරණින් පසු ඔබ යන්නෙ කොහෙද ?

    අනිවාර්යයෙන් ම පින් කර ගන්න යාළුවනේ. මෙලෙස පාරමිතා පුරන්න;


    නිවන් දකිනා තුරාවට මට බුදු සසුනේ ඉපිද, කුසල්, පින් කරගැනීමට සිතැතිව, හැකියාවැතිව, ඉපදීවා. තෙරුවන් සරණ යන්නට, ධර්මාවබෝධය ලබන්නට, ශීල, සමාධි, ප්‍රඥා ඇතිව, දාන සීල භාවනා යනාදී පින් නිදහසේ කරගන්නට හැකි පින් බිමක ඉපදේවා

    ජනක කර්ම ගැන පොත පතින් කියවන්න


    වැදගත්:

    කෙතරම් පාරමිතා පිරුවත්, ඔබ පින්, කුසල් නොවඩන්නෙක් නම්, අවබෝධයෙන් ධර්මයෙහි හැසිරෙන්නේ නැති නම් ඔබේ පාරමිතාවන් ප්‍රතිඵලදායී නොවේ.

    අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න. කුසල් වඩන්න.

    ඔබට තෙරුවන් සරණයි
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    great.. keep it up bro...

    Vandana+bhavana+pirith audio mp3s..
    http://www.mediafire.com/?t4m2wdph4arvmdz

    ගොඩක් පින් සහෝ මේ ධර්ම දානයට. මම download කලා
    28 MB නිසා CD එකකට burn කරල ධර්ම දානයක් විදියට බෙදා දෙන්නට ගොඩක් පහසුයි.
    තෙරුවන් සරණයි මචන්