පාරමිතා පුරමු

Insight

Member
Nov 8, 2010
297
32
0
නමෝ බුද්ධාය ///


පාරමිතා පුරමු



නිවන් අවබෝධ කිරීමට පෙර පුරන ලද පාරමිතා තිබිය යුතු බව ඇතැම් අය පවසති.
එහෙත් පෙර ජීවිත ගැන අවබෝධයක් නොමැති අය කල යුත්තේ කුමක්ද?
ආර්ය අෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීම කල් දමා පාරමිතා පිරීමද? නැතහොත්
පාරමිතා පුරන අතර තුර ධර්ම මාර්ගයේ ගමන් කිරීමද? තමන් පෙර පැතූ බෝධිය
හෝ ශාශනය ගැන හරි වැටහීමක් නොමැති කෙනෙක්ට දෙවන ක්‍රමය සුදුසු බව
සිතේ. නමුත් එය තමන්ගේ පුද්ගලික තීරණයක් විය යුතුය. එය කුමක් වුවද
නොදන්නා එක්කෙනෙක්ට හෝ ප්‍රයෝජනයක් ලෙස පාරමිතා ගැන අප දන්නා
සුළු ප්‍රමාණයෙන් යමක් ලියන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ යම් අඩුවක් ඇති
බව හැගෙන හෙයිනි.

නිවන් අවබෝධ කිරීමට පාරමිතා පුරන බෝසත්වරුන් ඒ සදහා පහත

බෝධීන්ගෙන් එකක් තොර ගත යුතුය

1. සම්මා සම්බෝධිය (සම්මා සම්බුද්ධත්වය පිණිස)

2. පච්චේක බෝධිය (පච්චේක බුද්ධත්වය පිණිස)
3. ශ්‍රාවක බෝධිය (අරහත්වය පිණිස)

ඉන්පසු තෝරා ගන්නා බෝධියට අවශ්‍ය පාරමිතා සම්පූර්ණ කල යුතුය.


ඒවා වෙන වෙනම ඉදිරියට වෙලාව ලැබෙන විදියට අප ඉදිරිපත් කරමු.

මෙම ත්‍රෙඩ් එකට සම්බන්ද වන අය වෙතොත් තමන් පාවිච්චි
කරන භාෂාව ගැන සැලකිලිමත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
එය තමන්ගේ ආගමට අගෞරවයක් නොවිය යුතුය.

If you like to join a google/yahoo group to discuss further
write to [email protected]

කල්‍යාණ මිත්‍ර ඇසුර ඉහත මාර්ග දෙකටම අවශ්‍ය නිසා වැඩි දුර මේ ගැන
සාකච්චා කිරීමට කණ්ඩායමක් ලෙස එකතු වීමට කැමති අය ලියන්න [email protected]
 

Insight

Member
Nov 8, 2010
297
32
0
බෞද්ධ අප පාරමිතා පිරීමේ ප්‍රධාන අරමුණ හොදින් තේරුම් ගත යුතුය.
මෙහිදී බෞද්ධ යන වචනය භාවිතා කලේ උපතින් බෞද්ධ අයට නොවේ.
අවබෝධයෙන් බුදු දහම අනුගමය කරන්න උත්සහ කරන අයටය. බෞද්ධ අබෞද්ධ
ලෙස වෙන් වන්නේ උප්පැන්න සහතිකයෙන් නොවේ. අවබෝධයෙනි. ගුරුවරයාට
බයේ ගාථා කටපාඩම් කරන කුඩා දරුවා හේතුව දන්නේ නැත.ඔහු කොතෙක් ගාථා කීවද
බෞද්ධයෙකු නොවේ. ඔහු ඕනෑම වරදකට ලෙහෙසියෙන්ම පෙළඹේ. මෙසේ ලියන්නට
හේතුව වන්නේ බෞද්ධ යයි කියා ගන්නා රටේ මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම්
හා ළමා අපචාර වැනි අප්‍රසන්න දේ පුවත් පත් වල නිතර දක්නට ලැබෙන නිසාය.

පාරමිතා ගැන ලියන්නට පෙර පාරමිතා පුරන හේතුව ගැන ලිවීම වඩා සුදුසු බව

සිතේ. අරහත්වයට 'ශ්‍රාවක බුද්ධත්වය' ලෙස ද පොත් වල ඇත. සම්මතයක් ලෙස 'බුද්ධ'
යන වචනය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ සම්මා සම්බුදු රජානන්වහන්සේලාට
වුවද ඉහත බෝධීන් තුනටම එම වචනය භාවිතා කරන්නේ ඇයි? එහි තේරුම
කුමක්ද?

බුද්ධත්වයට පත් වුවා යනු චතුරාර්ය සත්‍ය අබබෝධ කිරීමය. එනම්,

  • දුක
  • දුකට හේතුව
  • දුක නැති කිරීම
  • දුක නැති කිරීමේ මාර්ගය
යන ආර්ය සත්‍ය සතර අවබෝධයෙනි. පහත සදහන් කුමන අයුරකින් හෝ

අපට යම් දිනක මේ කියන දුක අත්විදින්නට සිදුවනු ඇත. එම සත්‍ය ගැන


යම්කිසි අවබෝධයක් ලැබීම අපහසු නැත. එසේ නොවන්නේ යයි යමෙක්


සිතන්නේ නම් ඔහුට ඉන් වන්නේ අයහපතකි.




ජාති දුක


එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,

දුක්ඛ දුක්ඛය


අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා

විපරිණාම දුක්ඛය


කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන

සංඛාර දුක්ඛය


සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා

පටිච්ඡින්න දුක්ඛය


අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක

පරියාය දුක්ඛය


ජාති,ජරා ,ව්‍යාධි



ජාති දුක


එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,

දුක්ඛ දුක්ඛය


අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා

විපරිණාම දුක්ඛය


කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන

සංඛාර දුක්ඛය


සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා

පටිච්ඡින්න දුක්ඛය


අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක

පරියාය දුක්ඛය


ජාති,ජරා ,ව්‍යාධි(ලෙඩ දුක්) ආදී විවිධ ලෙසසින් ඇති වන දුක

නිප්පරියාය දුක්ඛය


දුක්ඛ දුක්ඛ මෙයින් අදහස් කෙරේ

මෙබඳු දුක් වලට පෘතග්ජන සත්වයෝ මුහුණ දෙති.

    • ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ-මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිඳුවීම.
    • ගර්භ පරිහරණ මූලික දුක්ඛ -මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
    • ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
    • විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක
    • වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ-අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇත් වීම
    • ආත්මෝපක්‍රම දුක්ඛ- ජීවත් වන අතරතුර ලෝභාදී අකුසල ධර්ම නිසා ඇති වන දුක
    • පරෝපක්‍රම දුක්ඛ- අන්‍යයන් විසින් තැලීම්, කැපීම්, බැනීම් ආදිය නිසා ඇති වන දුක

  • . ජරා දුක -පංච ඉන්ද්‍රියන් දිරාපත් වීම නිසා ඇති වන දුක
උදා- ඇස් නොප කන් නොඇසීම



  • .මරණ දුක- ක්ෂණික මරණ හා සම්මුති මරණ
    • ආයුක්ඛය
    • කම්මක්ඛය
    • උපච්ඡේදන
යනුවෙන් මරණය සිවු වැදෑරුම් වේ.

  • සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක
  • පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක
  • දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක
  • දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක
  • උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක
  • අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක
  • ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක
  • කැමති දේ නොලැබී‍මේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම
  • පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ
http://si.wikipedia.org/wiki/චතුරාර....E0.B6.AD.E0.B7.8A.E2.80.8D.E0.B6.BA.E0.B6.BA

මෙම දුකට හේතුව තණ්හාවයි. එය අපට තේරෙන විදිහට සරලව ලියන්නට

උත්සහ කරන්නෙමු. යම්කිසිවක් තේරුම් ගැනීමට හැකි කුඩා දරුවා මෙන්ම
වැඩිහිටි අයද තමන්ගේ කය හා සිත මගේ යයි සලකා දැඩි ලෙස අල්ලාගෙන
ජීවත් වෙති. ඉන්පසු තම රූපයට මෙන්ම තමා සතු සියලු දේට මගේ යයි ගෙන
ජීවත් වෙති. ඒවා ආරක්ෂා කිරීමට වෙහෙසී වෙනස් වෙනකොට හෝ නැතිවෙන
විට දුක් වෙති. තවද තමා ලබා ගැනීමට කැමති වෙනත් දේවල් වලටද ආසා කර
ඒවා නොලැබෙන විටද දුක් වේ. මෙම සියලු දුක් වලට මූලික වන්නේ සිත හා
කය මම ලෙස අල්ලා ගැනීම නොහොත් උපාදානයයි. වාතය හා හිරු
එළිය උපකාර ඇතිව ආහාරයෙන් හා ජලයෙන් සකස් වුන මේ ශරීරය මගේ ලෙස
ගන්නේ මෙහි යථා ස්වරූපය නොපෙනෙන නිසාය. කටට ගත් ආහාර ටිකක්
නැවත එලියට ආ විට වමනය ලෙස පිළිකුල් කරනා අප එම වමනෙන් සකස්
වුන දෙයට ඇලුම් කරයි. විද්‍යාව ඉගෙන ගන්නා අය මෙම ශරීර මෙන්ම අනෙකුත්
භෞතික දේවලුත් නිතර වෙනස් වෙන කුඩා අංශු වලින් සකස් වුන බව ඉගෙන ගනියි.
මේවා මම මගේ කියා අල්ලා ගත නොහැක. සාමාන්‍ය කෙනෙකුට එම යතාර්ථය
දැන ගැනීමට ලැබෙන්නේ අන්වීක්ෂ වැනි උපකරණ ආධාර ඇතිවය. නමුත් සම්මා
සම්බුද්ධත්වය ලබන බුදු රජානන්වහන්සේලා මේවා ගැන දේශනා කරන්නා
භාවනාවෙන් ලැබූ චිත්ත ඒකාග්‍රතාව පාවිච්චි කර ලබා ගන්නා බුද්ධ ඥානයෙනි.
එලෙස අවබෝධ කර ගෙන දේශනා කල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනා
කෙනෙක්ට අන්වීක්ෂයක උපකාරයක් නොමැතිව පෙර කී යතාර්ථය අවබෝධ කල
හැක. එම මාර්ගයේ ගමන් කිරීමට චතුරාර්ය සත්‍ය ගැන යම්කිසි අවබෝධයක් තිබිය යුතුය.

ඉහත කී මාර්ගය ගැන සරලව ලියනවා නම්


සීල

සමාධි
ප්‍රඥා

චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීමට කය සංවර විය යුතුය. එය සීලය ලෙස හැදින්වේ.

ප්‍රඥාවේ හා හිතේ උදව්වක් නැතිව එය සිදු නොවේ. එහෙමෙහේ දුවන කුඩා දරුවෙකුට
කිසිවක් තේරුම් කර දිය නොහැක. එක තැන වාඩි වීමට තරම් සංවර වූ විට ටිකක් කියා
දිය හැක. නමුත් ඔහු හිතෙන් දුර යන්නේ නම් කියා දීමෙන් පලක් නැත. සීලයෙන් කරන්නේ
සමාධියට යාමට අවශ්‍ය සංවරකම පුහුණු වීමයි. ඉන්පසු චිත්ත එකාග්‍රතාවයට උත්සහ කල
හැක. කාචයක් භාවිතා කර හිරු එළිය එකතු කල විට වියලි කොළ රොඩු ගිනි දැල්වීමට
ශක්තිය ලැබෙන්නා සේ චිත්තඑකාග්‍රතාවයෙන් අසාමාන්‍ය බලයක් මිනිස් සිතට ලැබේ.
අන් අයට නොපෙනෙන දේවල් දැකීමෙන් ඇතිවෙන අත්දැකීම් ප්‍රඥාව වර්ධනයට ඉවහල් වේ.

ඉහත දැක්වුවේ ඉතා සරල විග්‍රහයක් වුවද පටිච්ච සමුප්පාදය වැනි දේවල් ගැඹුරට

හැදෑරීමෙන් මෙය වඩා හොදින් තේරුම් ගත හැක. නමුත් පොතෙන් ලැබෙන දැනුමට
වඩා භාවනාවෙන් ලබන අත්දැකීම්වලින් මෙය වඩා හොදින් අවබෝධ කල හැක. පාරමිතා
ගැන ලියන්නට ගොස් චතුරාර්ය සත්‍ය ගැන දිගින් දිගටම ලිවිය නොහැකි නිසා ඒවා
ගැන ලිවීම නවතන අතර මෙහිදී ලියු දේවල් වල ප්‍රයෝජනයක් වුවේ නම් එහි
ගෞරවය භාග්‍යවත් සම්මාසම්බුදුරජාණන්වහන්සේට හා ගරුතර සංගයාවහන්සේලාට
මෙන්ම ධර්ම දානය ලබාදුන් ගුරුවරුන්ටද හිමි විය යුතු අතර වැරද්දක් තිබේ නම් එය
මාගේ තේරුම් ගැනීමේ හෝ ලිවීමේ අඩුපාඩුවක් බවද සදහන් කල යුතුය.

දස පාරමිතා


1. දානය

2. සීල
3. නෙක්ඛම්ම
4. ප්‍රඥා
5. වීර්ය
6. ඛන්ති
7. සච්ච
8. අධිට්ඨාන
9. මෙත්තා
10.උපේක්ඛා

මේවා බොහෝ දෙනා දන්නා නිසා විස්තර කිරීම අවශ්‍ය බව සිතන්නේ නැත.

නමුත් එදිනෙදා ජීවිතයේදී මේවා පුරුදු කිරීමට ලැබෙන අවස්ථා අපතේ
යන නිසා ඒ ගැන ඉදිරියේදී ලියන්නට බලාපොරොත්තු වෙමු