පාර්ලිමේන්තුවේ බිම ලැගීම
අද මගේ කෙටි දේශපාලන ජීවිතයේ වැදගත් දවසක්! උදේන්ම පාර්ලිමේන්තුවට ගියේ 18 වන සංශෝධයෙන් රාජපක්ෂයන් රටට කල වින්නැහිය තව කෙනෙකුට නැවතත් නොකරන්න,19 සංශෝධනය ගෙන එන්න. ස්වාධීන පොලීසියක්, අධිකරණයක්, රාජ්‍ය සේවයක් සහ මැතිවරණ කොමිසමක් රටට අවශ්‍ය බව අපි හැමෝටම තේරුනේ එක් පවුලක් කල විනාශය අත්දුටුවිටය.
විධායක ජනාධිපතිගේ බල කප්පාදුව හා ස්වාධීන කොමිසම් හරහා රට දිනවන්නට අපි හඬ නැගුවේ ජන්ධිපතිවරනයටත් පෙරය. ජනවාරි 08 වනදා ලක්ෂ 62 ක් ජන්දය දුන්නේ මේ පාලන ක්‍රමවේදය වෙනස්කර, යහපාලනයක් ගෙන ඒමටයි. මගේ අදහසනම්, ප්‍රතිවාදී ජන්ද ලක්ෂ 58 යේ අති බහුතරයත් පාර්ලිමේන්තුවට වගකියන, ස්වාධීන ක්‍රමවේදයක් ස්ථාපිත කරනවාට විරුද්ධ වන්නට කිසිම හේතුවක් නැත.
මේ රට අප හැමෝගෙමය. රටේ ඉපිද, හැදුනු වැඩුනු අපි හැමෝගෙමය. පක්ෂ පාටවලින් අපේ මතිමතාන්තර වෙනස් වුවුද, රටේ අති බහුතරයක් හඩ නගා ඉල්ලන නිදහස වලක්වන්න අකුල් හෙලන්නන්, ජනතා විරෝධින්ය.
මෙවැනි උතුම් කාර්යක් ඉටු කරන දවසේ, රාජපාක්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබුන ලොකුම ප්‍රශ්ණය තම "අප්පච්චිව" අල්ලස් සහ දූෂණ කොමිසමට ගෙන යන්න එපා කියලය. ඔවුන් ගරු පාර්ලිමේන්තු ගර්භය තුල බිම ඉද ගත්තේ, පාර්ලිමේන්තු කටයුතු අඩාල කරමිනි. ඒ කියන්නේ රටේ අති බහුතරයක් ඉල්ලන 19 සංශෝධනය පරක්කු කරමිනි. බිම ඉද ගන්නවානම් මීට පෙර හොද අවස්ථා තිබිණි. යුද වීර සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කර හිරේට දානවිට අද බිම ගත්ත ය සිටයේ පුටුව උඩය. හිටපු අගවිනිසුරු තුමිය එලවනවිට ඔවුන් ඔල්වරසන් දුන්නේය. පාර්ලිමේන්තුවට හොරෙන් මුදල් ගසකොනකොට, මේ අය සිටියේ මර නින්දේය.
වරදක් කරනැතිනම්, "අප්පච්චිට' සහ ඔහුගේ දරු කැලට බය වෙන්න දෙයක් නැත. මන්දයත් දැන් නඩු අහන්නේ නඩුකාර වරුන්ය. අගවිනිසුරු, රජ ගෙදෙරට යන්නේ නැත.
දේශපාලකයන්ට අන්ධ වන්දනාවේ නොයන, පාලන ක්‍රමයක් බිහිවිය යුතුය. දේශපාලකයා රජ කරගත් ක්‍රමයක් වෙනුවට, සත්‍ය සහ නීතිය රජ කරන ක්‍රමයක් ඇති විය යුතුය.
මහත්මා ගාන්ධින් වරක් පැවසුවේ "හැම උසාවියකටම වඩා උත්තරීතර උසාවියක් ඇත. ඒ නම් තමුන්ගේ හර්ද සාක්ෂියයි".
හර්ද සාක්ෂිය දනීවි, හරි තීන්දුව. සවන්දෙන්න!
- හර්ෂ ද සිල්වා