පාර්ලිමේන්තුවේ බිම ලැගීම

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පාර්ලිමේන්තුවේ බිම ලැගීම

    අද මගේ කෙටි දේශපාලන ජීවිතයේ වැදගත් දවසක්! උදේන්ම පාර්ලිමේන්තුවට ගියේ 18 වන සංශෝධයෙන් රාජපක්ෂයන් රටට කල වින්නැහිය තව කෙනෙකුට නැවතත් නොකරන්න,19 සංශෝධනය ගෙන එන්න. ස්වාධීන පොලීසියක්, අධිකරණයක්, රාජ්‍ය සේවයක් සහ මැතිවරණ කොමිසමක් රටට අවශ්‍ය බව අපි හැමෝටම තේරුනේ එක් පවුලක් කල විනාශය අත්දුටුවිටය.

    විධායක ජනාධිපතිගේ බල කප්පාදුව හා ස්වාධීන කොමිසම් හරහා රට දිනවන්නට අපි හඬ නැගුවේ ජන්ධිපතිවරනයටත් පෙරය. ජනවාරි 08 වනදා ලක්ෂ 62 ක් ජන්දය දුන්නේ මේ පාලන ක්‍රමවේදය වෙනස්කර, යහපාලනයක් ගෙන ඒමටයි. මගේ අදහසනම්, ප්‍රතිවාදී ජන්ද ලක්ෂ 58 යේ අති බහුතරයත් පාර්ලිමේන්තුවට වගකියන, ස්වාධීන ක්‍රමවේදයක් ස්ථාපිත කරනවාට විරුද්ධ වන්නට කිසිම හේතුවක් නැත.

    මේ රට අප හැමෝගෙමය. රටේ ඉපිද, හැදුනු වැඩුනු අපි හැමෝගෙමය. පක්ෂ පාටවලින් අපේ මතිමතාන්තර වෙනස් වුවුද, රටේ අති බහුතරයක් හඩ නගා ඉල්ලන නිදහස වලක්වන්න අකුල් හෙලන්නන්, ජනතා විරෝධින්ය.

    මෙවැනි උතුම් කාර්යක් ඉටු කරන දවසේ, රාජපාක්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබුන ලොකුම ප්‍රශ්ණය තම "අප්පච්චිව" අල්ලස් සහ දූෂණ කොමිසමට ගෙන යන්න එපා කියලය. ඔවුන් ගරු පාර්ලිමේන්තු ගර්භය තුල බිම ඉද ගත්තේ, පාර්ලිමේන්තු කටයුතු අඩාල කරමිනි. ඒ කියන්නේ රටේ අති බහුතරයක් ඉල්ලන 19 සංශෝධනය පරක්කු කරමිනි. බිම ඉද ගන්නවානම් මීට පෙර හොද අවස්ථා තිබිණි. යුද වීර සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කර හිරේට දානවිට අද බිම ගත්ත ය සිටයේ පුටුව උඩය. හිටපු අගවිනිසුරු තුමිය එලවනවිට ඔවුන් ඔල්වරසන් දුන්නේය. පාර්ලිමේන්තුවට හොරෙන් මුදල් ගසකොනකොට, මේ අය සිටියේ මර නින්දේය.

    වරදක් කරනැතිනම්, "අප්පච්චිට' සහ ඔහුගේ දරු කැලට බය වෙන්න දෙයක් නැත. මන්දයත් දැන් නඩු අහන්නේ නඩුකාර වරුන්ය. අගවිනිසුරු, රජ ගෙදෙරට යන්නේ නැත.

    දේශපාලකයන්ට අන්ධ වන්දනාවේ නොයන, පාලන ක්‍රමයක් බිහිවිය යුතුය. දේශපාලකයා රජ කරගත් ක්‍රමයක් වෙනුවට, සත්‍ය සහ නීතිය රජ කරන ක්‍රමයක් ඇති විය යුතුය.

    මහත්මා ගාන්ධින් වරක් පැවසුවේ "හැම උසාවියකටම වඩා උත්තරීතර උසාවියක් ඇත. ඒ නම් තමුන්ගේ හර්ද සාක්ෂියයි".

    හර්ද සාක්ෂිය දනීවි, හරි තීන්දුව. සවන්දෙන්න!

    - හර්ෂ ද සිල්වා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොන්නවංශ වේස බල්ලා නේද පාලිමන්ට් එකේ බීම ඉන්නේ
     

    dreamseks12

    Member
    Apr 20, 2015
    23
    2
    0
    උන් ඉල්ලන් කාපු තැන තමා ඔතන. හිටපු ජනපතුව අල්ලස් හා දූශන එකට ගෙනියන්න එපා කියල කෑගහනව. වැරැද්දක් කරල නැත්තන් ඇයි ඔච්චර බය?
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    "හැම උසාවියකටම වඩා උත්තරීතර උසාවියක් ඇත. ඒ නම් තමුන්ගේ හර්ද සාක්ෂියයි"

    :cool::cool:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රටේ අහිංසක දුප්පත් ජනතාවට දුක් දිදී සල්ලි හොරකම් කරපු කාලකන්ණි පට්ට පල් හොරු සෙට් එකකට මෙහෙම ඉන්න පුළුවන්. එතකොට රටේ නිතිය තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට විතරද? පල් හොරුන්, මිනීමරුවන්ට,කුඩු ඇමතියොන්ට නිතිය ක්‍රියාත්මක නැද්ද? මුන් වගේ හොරු පාර්ලිමේන්තුවෙන් සදහටම එලවන්න මහජනතාව නැගිටින්න කාලය දැන් උදා වෙලා තියෙන්නේ. පල් හොරුන්ව පාර්ලිමේන්තුවෙන් සදහටම ගෙදර යවන්න ඕනේ. අර බෝම්බ කාගෙන මරණෙන් නැගිටලා ඇවිත් රට ජාතිය බේරාගත්තු ෆොන්සේකා හිරේ දාද්දි මේ ගොන් පොන්න වේsiගෙ පුතාල කොහෙද හිටියේ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    11174829_450151948477866_232396382638883187_n.jpg
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mamath ada hawasa indala ma bima indagena inne. Heta elakiri eke post karanna one ewa email eka labuna.
    Ini ihi ape appachchi neethyanukulawa prashnakaranawata thopilata hena gahanawa yahapalana lollo tika.
    Mahinda thamai rate agamathi. Mahinda thamai rate rajathuma. Ko siripala ta kalu rawulak thiyenawa da? Mahinda Wimal kiyanne appachchi la. aparade marala hari dinanna thibune ihi ihi
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    හර්ෂ මන්ත්‍රී තුමා,ඔබේ දේශපාලන මතය පසෙක දමා ඔබ ඔය කියන හර්ද සාක්ෂියට එකගව කල්පනා කරලා බලන්න මේ සිදුවීගෙන යන්නේ ltte හා අපේ රටට විරුද්ධ වාදීන්ගේ උවමනාවන් නොවේද? කවුරු නෑ කිවත් මේ රට අවසන් වරට එක්සේසත් කල අපිට නිදහස් නිවහල් රටක් උරුම කර දුන් අපේ රටේ හිටපු රාජ්‍ය නායකයා නොවේද? ජාතික වීරයෙක්ට මේ සිදුකරන දේ ඔබේ හර්ද සාක්කියට අනුව අනුමත කල හැකිද?
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    අපේ අම්මල තාත්තල එක බස් එකේ එක කෝච්චියේ වැඩට නොගිය. අපිට නිදහසේ ගමනක් බිමනක් යන්න වැඩට යද්දී කීප තැනකට අයිඩින්ටි පෙන්වන්න වෙන බස් එකෙන් කීප තැනකින් බැහැල චෙක් වෙන්න උන පැය ගණන් පොලින් වල ට්‍රැෆික් එකේ හිටිය කොයිවෙලේ අනතුරක් වෙයිද කියල බයේ හිටිය කාලයක් තිබ්බ කියල මේකේ සමහර අයට අමතක වීම ගැන හරිම කණගාටුයි.රාජපක්ෂ රාජ්‍ය පාලනයේ දුර්වලතා තිබුණු බව සැබෑය(ඒක නිසා තම අපි විදායක අහෝසි කිරීම යහපාලනයට චන්දෙ දුන්නේ) නමුත් මේ කරන්න සැරසෙන දේ 100% වැරදි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    අප්පටසිරි මහින්ද කැබිනට් ඇමතිකමක් දීලනේ. :lol::lol::lol::lol::lol:

    යහපාලන ගැන්සිය........ මුන් හිතෙන්නේ මිනිස්සු ගොන්නු කියල





    උසාවියෙන් කෙලිය රනිල්ගේ "විදායක අගමැති" සිහිනය. ජනපතිගේ බොහොමයක් බලතල ගලවන්න තියා හොලවන්නවත් බැරිලු.

    ඔන්න දැන් my3 කියනවා පාර්ලිමේන්තුව විසුරුවහරින්නේ චන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් අනතුරුවලු. කලා නාල වරෙන්කො.
    :lol::lol:
     
    Last edited: