පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුව නෙයිනාගේ බූරු පිටියක් සේ සලකන වීරවංශට දඬුවම් දීමට පෙර…
කාලයෙන් කාලයට මිනිසුන්ගේ ජීවිත අවබෝධය විවිධ හැඩ තල ගන්නේය. කිසිදු ධර්මයකට කාලයේ ගමන ඉදිරියේ නො වෙනස්ව පැවතිය නොහැක. මහ පොළොවේ යතාර්ථය එයයි. මේ සිද්ධාන්තය දේශපාලනයටද අදාලය. කලෙක දී මෙරට ජනයා තිස් වසරක යුද්ධයෙන් හෙම්බත්ව සිටියේය. වට මේස සාම කතා මිලිටරි ව්‍යාපෘති කිසිවෙකින් ජනයාට සෙතක් නොලැබිනි. එකල්හි ජනයාගේ එකම අභිලාශය වූයේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ යුද්ධය අහවර වනු දැකීමය . ඊට පක්ෂව මුඛයෙන් නොව අධෝමුඛයෙන් කථා කළද ඉල්ලුමක් පැවතින. යටිගිරියෙන් මරු කියවන විමල් වීරවංශලාටද ඉල්ලුමක් තිබුනේ එවන් පරිසරයකය.
යුද්ධය එදා සහ අද විමසා බලන විට ජනයාගේ සිතුම් පැතුම් එකකට එකක් වෙනස් වී ඇත. අද ජනයාගේ සිත් තුල හොල්මන් කරන්නේ යුද්ධය නොවේ. ලංකාවේ මිනිසුන් බහුතරයක් දරිද්‍රතාවය හෝ උග්‍ර ආර්ථික ගැටලු වලින් තෙරපී ඇත. රාජක්ෂලාගේ කාලය තුල බිලියන ගණනින් මුදල් රට තුලට පැමිණි බව සත්‍යයකි . රට චීනයට උගස් කොට ඔවුන් මුදල් ගෙන ආවේය. ඒ මුදල් වලින් රටට ප්‍රයෝජනවත් යමක් සිදු නොවූ සේම එහි ප්රතිලාභ ගලා ගියේ රාජපක්ෂ කොම්පැනියේ සාමාජිකයින් අතරට පමනි. මෙම තත්ත්වය ආදායම් බෙදීයාමේ උග්‍ර විෂමතාවක් ඇති කිරීමට ද හේතුවිය. එවන් පරිසරයක් තුල රාජපක්ෂගේ බෙරකාරයා වූ වීරවංශ අද යටිගිරියෙන් පවත්වන කථා ජනයාට දිරවීමට අපහසුය.
මහ පොළොවේ යතාර්ථය වටහා නොගත් වීරවංශ ජනයාගෙන් ප්‍රතික්ෂේප වී ඇත්තේය. රාජපක්ෂ කොම්පැනියේ බෙරගසන විට විමල් අති සුඛෝපබෝගී ජීවන රාටවකට ඇබ්බැහි විය. රිසි සේ කොල්ල කෑ මහජන දේපල සිය ඥාති සනුහරය අතර බෙදා හැරියේය. 2015 වසරේදී දේශපාලන සිතියම උඩු යටිකුරු වීමත් සමගම වීරවංශගේ මධුසමය පැකේජය අහවර විය. ඔහුට එකපිට එක නඩු වැටුනේය. හිරේ විලංගුවේ පවා සිටීමට සිදුවිය. නමින් වීරවංශ වුවද ක්‍රියාවෙන් නිවටයෙකු ඔප්පු කරමින් ආණ්ඩු පක්ෂය සමග ඩීල් දමා නඩු-හබ ෂේප් කර ගෙන සිටින්නේ ය. පාස්පොට් මරිසියට තොණ්ඩුව වැටෙන විට වීරවංශ රනිල් සරණ ගියේය. මහජන මුදල් අවභාවිතය සම්බන්ධ චෝදනා වලින් ගොඩ යාමට සිරිසේනගේ පිහිට පැතුවේ ය.
සිරිසේනට සහ රනිල්ට පිංසෙන්ඩු වී නඩු හබ ෂේප් කරගෙන සිටින වීරංවශ අනතුරුව ඒවාට හිලව් ලෙස ආණ්ඩු පක්ෂයට හැංගි හැංගි කඩේ ගියේය. හංගි හැංගි කඩේ ගියද පාර්ලීමේන්තුව, ජාතික නිදහස් පෙරමුණ සහ මහ ජනතාව වීරවංසගේ නියම ස්වරූපය දුටුවේය. පලාත් පාලන මැතිවරණයයේ අවසාන මොහොත දක්වාම ඔහු උත්සාහ කෙළේ පොහොට්ටු බලවේගය සිරිසේන සමග හාන්සි කිරීමට ය. එහි ප්‍රතිඵලය ලෙස ජාතික නිදහස් පෙරමුණෙන් පලුවක් ඔහුට අහිමි වූවා පමණක් නොව පොහොට්ටු ඡන්ද පාවාදුන් චූදිතයෙකු ද විය. පසුගිය කාලය පුරාවට රනිල්-සිරිසේන දුන් කොන්ත්‍රාත් ඉටුකලා මිස මහින්ද නැගිට්ටුවීමට වීරවංශ කළ කෙංගෙඩියක් නොමැත.
විමල් වීරවංශ යනු අද දේශපාලන අනාථයෙකි. පසුගියදා විජයකලා සිදු කළ ප්‍රකාශය ඉදිරියේ වීරවංශ හැසිරුනේ සෝමාලියාවට පාන් වැටුනා මෙනි. වීරවංශ කතානායක වරයාට අසික්කිත අයුරින් බැන වැදුනේය. වීරවංශගේ හැසිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලබන 11 වන දින පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව රැස්වීමට නියමිත ය. විමල් වීරවංශ වැදිකරු වුහොත් ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතය. එය දෝෂාරෝපණය, තරවටු කිරීම, නිශ්චිත කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තුව තහනම් කිරීම වැනි දඬුවම් වලින් එකක් විය හැක. වීරවංශට මීට පෙරද කතානායකවරයා දැඩි අවවාද කර ඇති බැවින් නීති ප්‍රකාරව මෙවර ඔහු දඬුවමකට ලක් කළ යුතුමය.
කරුණු එසේ වුවද තිත්ත ඇත්ත ජනතාවට වාර්තා කළ යුතුව ඇත. වීරවංශට දඬුවම් කොට උත්තරීතර පාර්ලීමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට කථානායකවරයා සූදානමින් සිටියද, තමන් වෙනුවෙන් කඩේ ගිය වීරවංශ වෙනුවෙන් සිරිසේන සහ රනිල් පෙනී සිටින තත්වයක් උද්ගතවී ඇත. අද කථානායකවරයා සිටින්නේ ගිරයට හසු වූ පුවක් ගෙඩියක තත්වයේය. පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානිවෙන අයුරින් හැසිරෙන අයෙකුට දඩුවම් කිරීමට ශිෂ්ඨ සම්පන්න කිසිදු සමාජයක් පසුබට වන්නේ නැත. පාර්ලිමේන්තු ගරුත්වය කෙලෙසූ මන්ත්‍රීන් දන්ඩනයට ලක් කිරීමට ලංකාවේ දූපත්වාසීන් පසුබට වුවද ජාත්‍යන්තරය එසේ නොවේ. අසල්වැසි ඉන්දියාවෙන්ම මීට උදාහරණ සොයා ගත හැක. නෙයිනගෙ බූරු පිටියේ මෙන් පාර්ලීමෙන්තුවේ හැසිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැක. විමල් වීරවංශගේ වල් බූරු හැසිරීම විභාග කොට අනාගතයට නිසි පූර්වාදර්ශයක් ලබා දිය යුතුව ඇත. වීරවංශ නිදොස් කොට නිදහස් කිරීම සමයං නැටීමට ලබා දෙන බලපත්‍රයක් වනු ඇත
අසල්වැසි ඉන්දියාව විසින් පාර්ලීමෙන්තු ගරුත්වය කෙලෙසූ මන්ත්‍රීන් දන්ඩනයට ලක් කිරීම සම්බන්ධ උදාහරණ පහත දිගුවෙන් බලා ගත හැකිය.
http://www.prsindia.org/theprsblog/?tag=misbehaviour-in-parliament
කීර්ති රත්නායක විසිනි
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී