පාර්ලිමේන්තුව..

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පාර්ලිමේන්තුව..

    දිනත් ටික ටික ලං වෙනවා

    හැමෝටම වැඩ බරටම

    පෝස්ටර් කටවුට් අලවන්න වගේම ගලවන්නත්

    අළුත් රැකියා නම් කීයක්ද

    කොමසාරිස් තුමාත් හරි කෙලින් වැඩ

    නීතිය නම් ක්‍රියාත්මක වෙනව අකුරටම

    කොහොම වුනොත් හොඳද පාර්ලිමේන්තු සංයුතිය

    පාර්ලිමේන්තු ක්‍රීඩාව හරිම අමාරුයි

    ඒකට දක්ශ ක්‍රීඩකයො වගේම

    දක්ශ ක්‍රීඩිකාවොත් ඉන්නම ඕනෙ

    ඕකට ගියාම නම් හැමෝටම හොඳට

    රඟපාන්න පුළුවන් වෙනව තමයි

    ඒත් කඩවසම් නළුවො නම් අපේ පාර්ලිමේන්තුවෙ

    හැමදාම හිටියනේ

    මේ පාර ලස්සන නිලියො කිහිප දෙනෙකුත්

    පත් කරල යවමු

    එතකොට ඊළග අයවැය උනත්

    බලන්න පුළුවන්නෙ කැත නැතුව

    මතක ඇතිව දක්ශ කවටයො ටිකකුත්

    තෝරන්න ඕනෙ

    නැත්නම් අවුරුදු 6ම කිසි ගතියක් නැති වේවි

    කවුරු මොනව කිව්වත්

    රටක් පාලනය කරන්න ඕනෙ

    ජනප්‍රිය බව විතරමයි.

    එතකොට අපේ පරදින මැති තුමන්ලගෙ

    ජිවන වෘත්තිය නැති වෙනව නේද

    දුක් වෙන්න ඕනෙ නැහැ

    එතුමන්ලට ජීවත් වෙන්න සරිලන

    විශ්‍රාම වැටුපක් ලැබෙනවනේ
     
    • Like
    Reactions: ronsilva

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලියන්න ඕන හැමදෙයම අපූරුවට එකතු කරලා තියෙනවා.

    කෙටි කාලයක් ජනතා සෙවයේ යෙදිලා පැරදුනත් උතුමන්ලාට විශ්‍රාම වැටුපක්!

    වසර ගනන් පිටරට වල කඹුරලා විදේශ විනිමය සපයා දී සිතේ-ගතේ වරුව නැතිව කටුනායකින් බැහලා යන සොයුරේ සොයුරියේ නුඹට?
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අැත්තටම හැම දෙයම කියල තියෙන අපූරුව. මෙහෙම අයවනෙ අපි මැතිසබයට යවන්නෙ. ඔයාට ජය!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලියන්න ඕන හැමදෙයම අපූරුවට එකතු කරලා තියෙනවා.

    කෙටි කාලයක් ජනතා සෙවයේ යෙදිලා පැරදුනත් උතුමන්ලාට විශ්‍රාම වැටුපක්!

    වසර ගනන් පිටරට වල කඹුරලා විදේශ විනිමය සපයා දී සිතේ-ගතේ වරුව නැතිව කටුනායකින් බැහලා යන සොයුරේ සොයුරියේ නුඹට?

    බොහොම ස්තුතියි සහෝ..

    සහෝගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හිතුනා.
    ඇයි මුලින්ම අපේ ආගමන විගමන නිලධාරින්ගෙ ආඩම්බර,ඊලගට duty free කාක්කන්ගෙ උප්පරවැටි,ඊලගට රේගු නිලධාරින්ගෙ සීමාව ඉක්මවල යන අනවශය ප්‍රශ්න,මගදිගට අඩියෙන් අඩියට සෝදිසි කරන පොලිස් මාමලෙගෙ කරුණාව....ඉතින් ඒ මදිද....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    බොහොම ස්තුතියි සහෝ..

    සහෝගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හිතුනා.
    ඇයි මුලින්ම අපේ ආගමන විගමන නිලධාරින්ගෙ ආඩම්බර,ඊලගට duty free කාක්කන්ගෙ උප්පරවැටි,ඊලගට රේගු නිලධාරින්ගෙ සීමාව ඉක්මවල යන අනවශය ප්‍රශ්න,මගදිගට අඩියෙන් අඩියට සෝදිසි කරන පොලිස් මාමලෙගෙ කරුණාව....ඉතින් ඒ මදිද....
    ඇයි විදේශ රක්ෂාවල යෙදෙන අයගේ සුබසිද්ධිය උදෙසා පිහිටුවා ඇති කාර්යාංශ රොත්ත...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    "කොමසාරිස් තුමාත් හරි කෙලින් වැඩ
    නීතිය නම් ක්‍රියාත්මක වෙනව අකුරටම"
    මෙන්න මේ වාක්ය කීපය ගැන නැවත සිතල බලන්න කියලා මම ඉල්ලනවා

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    "කොමසාරිස් තුමාත් හරි කෙලින් වැඩ
    නීතිය නම් ක්‍රියාත්මක වෙනව අකුරටම"
    මෙන්න මේ වාක්ය කීපය ගැන නැවත සිතල බලන්න කියලා මම ඉල්ලනවා

    ඒකෙ ආයි හිතන්න දෙයක් නෑ... ඔබ කියු දේ max ම තමයි cspmaxx සහෝ....

    ජය වේවා...!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇයි විදේශ රක්ෂාවල යෙදෙන අයගේ සුබසිද්ධිය උදෙසා පිහිටුවා ඇති කාර්යාංශ රොත්ත...

    හ්ම්ම්ම්....ඒවයෙ ඉතින් සුබ සිද්ධිය උදෙසා කියල ගාණකුත් අය කරගෙන කරන මෙහෙවර කොච්චර වටිනවද??
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරි අපුරු නිර්මානයක්..හිතට ගතට දෙකටම වැදුනා..

    අනේ අපේ රට.....

    mdee සොයුරා කිව්වා වගේ දෙනෝ දාහක් පිටරටවල කඹුරලා රටට විදේශ විනිමය ඇදල දුන්නයින් පස්සේ ඒ මිනිස්සුන්ගේ අසරණ කාලෙට රජයෙන් කිසිම හව් හරණයක් නෑ..

    තමන්ගේ පාලන කාලය තුල පරම්පරා හතකට හරි හම්බු කර ගන්නා මැති ඇමතියලට සදා අසරණ නොවන්න විශ්‍රාම වැටුප් රට කාපු වෙනුවට.......

    මල්ලියට ජය.....
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අපූරු දේශපාලන විමසුමක්.

    අපි ඒ අයට ඡන්දෙ දෙන්නෙ නැහැනෙ,
    කතිරයකින් කපලා දානවා.

    එහෙමවත් හිතාගමු නේ?????????
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    "කොමසාරිස් තුමාත් හරි කෙලින් වැඩ
    නීතිය නම් ක්‍රියාත්මක වෙනව අකුරටම"
    මෙන්න මේ වාක්ය කීපය ගැන නැවත සිතල බලන්න කියලා මම ඉල්ලනවා

    වැඩිපුර හිතුවොත් එතුමා ගැන දුක හිතේවි..

    බොහොම ස්තුතියි
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරි අපුරු නිර්මානයක්..හිතට ගතට දෙකටම වැදුනා..

    අනේ අපේ රට.....

    mdee සොයුරා කිව්වා වගේ දෙනෝ දාහක් පිටරටවල කඹුරලා රටට විදේශ විනිමය ඇදල දුන්නයින් පස්සේ ඒ මිනිස්සුන්ගේ අසරණ කාලෙට රජයෙන් කිසිම හව් හරණයක් නෑ..

    තමන්ගේ පාලන කාලය තුල පරම්පරා හතකට හරි හම්බු කර ගන්නා මැති ඇමතියලට සදා අසරණ නොවන්න විශ්‍රාම වැටුප් රට කාපු වෙනුවට.......

    මල්ලියට ජය.....

    බොහොමත්ම ස්තුතියි අයියගෙ අදහසට
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපූරු දේශපාලන විමසුමක්.

    අපි ඒ අයට ඡන්දෙ දෙන්නෙ නැහැනෙ,
    කතිරයකින් කපලා දානවා.

    එහෙමවත් හිතාගමු නේ?????????

    එහෙම හිතල වත් හිත හදා ගමු නේ..

    බොහොම ස්තුතියි
     
    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    තව ලියන්න‍‍...මෙහෙම ලියන්න තවත් තව තවත්!!!