පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

chamara4hera

Active member
  • Jul 30, 2016
    193
    179
    43
    1596716110147.png
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මාතරින් 6 , 1 යි නම් යන පොහොට්ටු සෙට් එක පොඩ්ඩක් කියපල්ලා...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙරණ වැඩේ එපා කරනවා මිතුරනේ....හොඳටම ජන්දේ results දෙන්නේ කව්ද ?
     
    • Haha
    Reactions: silentsahan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහමැතිවරණයක ආසන ලැබෙන්නේ කොහොමද?
    5%ක් ගත්තම ආසනයක් ලැබෙනවද?

    ඒකට උත්තර... මහ මැතිවරණයක චන්ද ගණන් කරලා ආසන බෙදන්නේ පියවර කිහිපයකට. හිතන්න ආසන 10ක් තියෙන දිස්ත්‍රික්කයක්.

    පියවර 1 - මුලින්ම එක් එක පක්ශය ලබාගත් චන්ද ගාන ගණන් කරනවා. ඊට පස්සෙ දිස්ත්‍රික්කය දිනපු පක්ශයකට එක ආසනයක් දෙනවා මුලින්ම.

    පියවර 2 - ඊලග අදියරට යන්නේ වලංගු චන්ද ගණනින් 5% ගත්ත පක්ශ ටික විතරයි. 5% ට අඩු නම් ආසනයක් ගන්න සුදුසු වෙන්නේ නෑ.

    පියවර 3 - දැන් 5% ට වඩා ගත්ත පක්ශවල චන්ද ගාණ එකතු කරනවා. ඒ ගණන දැන් ඉතුරු වෙලා තියෙන ආසන ගණනින් (දිස්ත්‍රික්කයට නියමිත ආසන ගණන - පියවර 1න් දීපු ආසනය ඒ කියන්නෙ 9න්) බෙදනවා. එතකොට එන ඉලක්කම ඉතා වැදගත්. ඊට පස්සේ මේ ඉලක්කමින් එක් එක් පක්ශය ලබාගත්ත චන්ද ගණන බෙදනවා.

    උදාහරණයක් විදියට මෙහෙම ලැබුන නම්
    පක්ශයය A - 6.5
    පක්ශය B - 2.7
    පක්ශය C - 0.8

    පියවර 4 - බෙදුවට පස්සේ එන සංඛාවෙන් පූර්ණ සංඛ්‍යාවට අදාල ආසන ගණන ඒ ඒ පක්ශයට දෙනවා. දශම කොච්චර තිබ්බත් වැඩක් නෑ බෙදිලා එන පූර්ණ සංඛ්‍යාව තමා සලකන්නේ එතකොට පක්ශය Aට ආසන 6ක්. පක්ශය Bට ආසන 2ක් විදියට මේ වටයේදි. පක්ශය C ට මේ වටයේදී ආසන හිමිවෙන්නේ නෑ. දැන් මුලු ආසන 10න් 1ක් මුලින්ම Aට දුන්නා.

    මේ වටයෙන් 6ක් දුන්නා Aට, 2ක් දුන්නා Bට තව ඉතුරුයි ආසන 1ක්

    පියවර 5- ඉතුරු ආසනය කාටද? ඊලඟට එක් එක් පක්ශයේ ඉතුරු දශම ගණන විතරයිනේ.

    ඒක බලනවා
    Aට - 0.5ක් තියෙනවා (6.5න් 6ක් ගත්තා කලින්)
    Bට - 0.7ක් තියෙනවා
    Cට - 0.8ක්ම තියෙනවා. (මුල් වටයට අහු උනේ නෑනේ)

    ඊලග ආසනේ දෙන්නේ වැඩිම දශම ගණන හිමි පක්ශයට. ඒ අනුව C පක්ශයට ඉතුරු ආසනේ ලැබෙනවා. අවසන් ප්‍රතිපලය A - 7 (6+1) B - 2 C - 1 ඒ කියන්නෙව් 5% තිබ්බොත් ලැබෙනවා කියන 1ද? 5%ක් තිබ්බට ලැබෙන්නේ නෑ.

    ආසන බෙදන්න තරඟයට සුදුසුකම් ලබනවා විතරය.

    අර දශම ගණන බෙදනකොට B පක්ශය 2.8ක් වෙලා, C 0.7ක් උනා නම් ඒ ආසනේ යන්නෙත් Bට. ඒ නිසා 5% තිබ්බා කියලා ආසන ලැබෙන්නේ නෑ. හැබැයි කොලඹ ගම්පහ වගෙ ආසන 19ක් 18ක් තියෙන ආසනවල 5% ගත්තොත් අනිවාර්යයෙන් ආසනයක් ලැබෙනවා මේ ගණන් කරන විදියට. -විනෝද් භානුක











    1596716493032.png