මහමැතිවරණයක ආසන ලැබෙන්නේ කොහොමද?
5%ක් ගත්තම ආසනයක් ලැබෙනවද?
ඒකට උත්තර... මහ මැතිවරණයක චන්ද ගණන් කරලා ආසන බෙදන්නේ පියවර කිහිපයකට. හිතන්න ආසන 10ක් තියෙන දිස්ත්‍රික්කයක්.
පියවර 1 - මුලින්ම එක් එක පක්ශය ලබාගත් චන්ද ගාන ගණන් කරනවා. ඊට පස්සෙ දිස්ත්‍රික්කය දිනපු පක්ශයකට එක ආසනයක් දෙනවා මුලින්ම.
පියවර 2 - ඊලග අදියරට යන්නේ වලංගු චන්ද ගණනින් 5% ගත්ත පක්ශ ටික විතරයි. 5% ට අඩු නම් ආසනයක් ගන්න සුදුසු වෙන්නේ නෑ.
පියවර 3 - දැන් 5% ට වඩා ගත්ත පක්ශවල චන්ද ගාණ එකතු කරනවා. ඒ ගණන දැන් ඉතුරු වෙලා තියෙන ආසන ගණනින් (දිස්ත්‍රික්කයට නියමිත ආසන ගණන - පියවර 1න් දීපු ආසනය ඒ කියන්නෙ 9න්) බෙදනවා. එතකොට එන ඉලක්කම ඉතා වැදගත්. ඊට පස්සේ මේ ඉලක්කමින් එක් එක් පක්ශය ලබාගත්ත චන්ද ගණන බෙදනවා.
උදාහරණයක් විදියට මෙහෙම ලැබුන නම්
පක්ශයය A - 6.5
පක්ශය B - 2.7
පක්ශය C - 0.8
පියවර 4 - බෙදුවට පස්සේ එන සංඛාවෙන් පූර්ණ සංඛ්‍යාවට අදාල ආසන ගණන ඒ ඒ පක්ශයට දෙනවා. දශම කොච්චර තිබ්බත් වැඩක් නෑ බෙදිලා එන පූර්ණ සංඛ්‍යාව තමා සලකන්නේ එතකොට පක්ශය Aට ආසන 6ක්. පක්ශය Bට ආසන 2ක් විදියට මේ වටයේදි. පක්ශය C ට මේ වටයේදී ආසන හිමිවෙන්නේ නෑ. දැන් මුලු ආසන 10න් 1ක් මුලින්ම Aට දුන්නා.
මේ වටයෙන් 6ක් දුන්නා Aට, 2ක් දුන්නා Bට තව ඉතුරුයි ආසන 1ක්
පියවර 5- ඉතුරු ආසනය කාටද? ඊලඟට එක් එක් පක්ශයේ ඉතුරු දශම ගණන විතරයිනේ.
ඒක බලනවා
Aට - 0.5ක් තියෙනවා (6.5න් 6ක් ගත්තා කලින්)
Bට - 0.7ක් තියෙනවා
Cට - 0.8ක්ම තියෙනවා. (මුල් වටයට අහු උනේ නෑනේ)
ඊලග ආසනේ දෙන්නේ වැඩිම දශම ගණන හිමි පක්ශයට. ඒ අනුව C පක්ශයට ඉතුරු ආසනේ ලැබෙනවා. අවසන් ප්‍රතිපලය A - 7 (6+1) B - 2 C - 1 ඒ කියන්නෙව් 5% තිබ්බොත් ලැබෙනවා කියන 1ද? 5%ක් තිබ්බට ලැබෙන්නේ නෑ.
ආසන බෙදන්න තරඟයට සුදුසුකම් ලබනවා විතරය.
අර දශම ගණන බෙදනකොට B පක්ශය 2.8ක් වෙලා, C 0.7ක් උනා නම් ඒ ආසනේ යන්නෙත් Bට. ඒ නිසා 5% තිබ්බා කියලා ආසන ලැබෙන්නේ නෑ. හැබැයි කොලඹ ගම්පහ වගෙ ආසන 19ක් 18ක් තියෙන ආසනවල 5% ගත්තොත් අනිවාර්යයෙන් ආසනයක් ලැබෙනවා මේ ගණන් කරන විදියට. -විනෝද් භානුක