පාරේ ඉඩ නැත්තම් රේල් පාරෙන් යන්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ගංවතුර ට්‍රැෆික් නිසා ඉක්මනින් යන්න දුම්රිය මාර්ගය තෝරාගත් බස් රියදුරු​

    6/02/2024 07:44:00 PM
    embilipitiya-bus-train-track

    අවිස්සාවේල්ල - පුවක්පිටිය ප්‍රදේශයෙහි පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පැවති අධික රථවාහන තදබදයෙන් මීදී යෑමට බස් රථ රියැදුරකු ඉතා අපරික්ෂාකාරීව තම බස් රථය මාර්ගයට සමාන්තරව ඇති දුම්රිය මාර්ගයට හරවා එහි ධාවන සිදුකළ අවස්ථාවක් අද උදෑසන වාර්තා විය.
    එය අසල සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබූ අතර අන්තර්ජාලයට යොමු කිරීමෙන් පසු මෙම සිදුවීමට අදාළ සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පවතින වර්ෂාපතනයත් සමඟ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුනොවන නිසා තමුන් බස් රථය එසේ ධාවනය කළ බවත් මගීන්ට අවශ්‍ය වූයේ ඉක්මනින් යන්න ලෙසත් ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පවසා තිබුණි.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ
    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක් වන බවත්, සිදු කර ඇත්තේ බරපතල වරදක් බවත්ය. මගී ජනතාවට ඉක්මණින් යාමට කියා ඔහු තොරාගෙන ඇත්තේ අන්තරායකාරී මගක් බවත් එම ක්‍රියාව නීතියට පටහැණි බවත්ය.
    එම රියදුරු අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    02199765.jpg


    02199764.jpg