පාරේ තිබූ බසය හොරාගෙන පෙම්වතිය බලන්න ගිහින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි බාලවයස්කරු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

    පිලියන්දල බස්නැවතුමෙන් ගමන් ආරම්භ කරන බස් රථ රියදුරන් සිව් දෙනකු ලංකාව හා පකිස්තානය අතර පැවැති ආසියානු කුසලනා අවසන් ක්‍රිකට් තරගය නැරඹීමට පිළියන්දල බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇත.

    ඔහුන් පැමිණි බස් රථ නැවතුම්පොලේ පසෙක ගාල් කර තරඟය නරඹන අතරතුර රාත්‍රී ආහාර ගැනීම සඳහා ඊට මදක් ඈතින් තිබෙන ස්ථානයක් වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.

    ආහාර ගැනීමෙන් අනතුරුව රියදුරන් සිව් දෙනා බස් රථ නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එක් බස් රථයක් නොමැති බවට දැක ඒ බව එහි රියදුරා පොලීසියට පැමිණිල්ලක් කර ඇත

    වහා ක්‍රියාත්මක වූ පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පිලියන්දල හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කළේය.

    ඒ අතරතුර ස්ථානාධිපතිවරයා ද තව නිල රථයෙන් ඔබ මොබ සංචාරය කරමින් බස් රථය පිලිබඳ සොයා බැලීමට කටයුතු කෙරිණි.

    කැස්බෑව දෙස සිට රාත්‍රී 12.30 ට පමණ පැමිණිමෙන් තිබූ බස් රථයක් කෙරෙහි බස් නැවතුමට ආසන්නව තිබූ නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එහි ලියාපදිංචි අංකය තහවුරු කරගෙන බස් රථය නැවතීමට සංඥා කිරීමත් සමගම එය නැවතූ සැකකරු එයින් පිටතට පැන පලා යාමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා පැවැසීය.

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රාත්‍රී අටට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතියගෙන් දුරකථනයෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඇය හමුවීම සඳහා බස් රථයකින් යාමට බස් නැවතුම් පොලට පැමිණි බවත් එම අවස්ථාවේදී මොරගහහෙන ප්‍රදේශයට යාමට බස් රථයක් නොවූ බැවින් නවතා තිබූ බස් රථවලට ගොඩ වී පරික්ෂා කිරීමේදී එක් බස් රථයක පණගන්වන යතුර එහි ම රඳවා තිබූ බැවින් ,කිසිදු අයකු පෙනෙන්නට නොසිටි බැවින් බස් රථය රැගෙන පෙම්වතිය හමුවීම සඳහා මොරගහහේන ට ගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    අත්අඩංගුවට ගත් මෙම පහළොස් හැවිරිදි තරුණයන් මීට වසරකට පමණ පෙරද හෝමාගම ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන ඒ ආකාරයෙන්ම පෙම්වතිය බැලීමට ගොස් යළි පැමිණෙන අතරවාරයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    අපිට ඔය වයසෙදි බයික් එකක්වත් අරන් යන්න පණක් තිබ්බෙ නෑ. :ROFLMAO:

    බයික් අරන් ගෑනු බලන්න යන්න තියා ඔයි කාලෙ නයිට් රයිඩර් බැලුවෙත් නයිට් කට කනව ගෙදර කවුරුහරි දකී කියල බයේ නේ
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ado awuru 15 ta bus ekak elawanna😮😮😮me wage unta gahana banina nemeye Hari margeta ganna one Meka Loku waraddak wagema Loku talent ekak.🙂🙂🙂
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    kohmada ne witak ehema hapagena, lensuwak roll karala bellata dagena, silver bracelet ekak ate dagena
    double clutch kara kara, steering wheel eka gamme karakawaddi.......kello enne pana arala yakoo..😁🤣🤣😂🤣😅😑
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    306856540_380196844317491_6179210375192977200_n.jpg
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඌ තිබ්බ තැනම පාර්ක් කරලා යන්න එන්න ඇත්තේ:-D
     
    • Like
    Reactions: TCB Rox