පාවිච්චි කරන ලද වාහනයක් මිලදී ගැනීමේදී

nalinsen

Member
Nov 6, 2016
716
90
0
පාවිච්චි කරන ලද වාහනයක් මිලදී ගැනීමේදී

මචන්ලා පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනි.

පාවිච්චි කරපු වාහනයක් මිලදී ගද්දි මුදල් ගෙවන හා වාහනයේ ලියාපදින්චිය මාරු කරන ආකාරය පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?

(අපි පොඩි ගානක් ඇඩ්වාන්ස් කරොත් ඒක ලියුමක් ගන්න Lawyer කෙනෙක්ගෙන්ම ඕනිද)

අතිදැකීම් ඇති අය ගනුදෙනුව කර ආකාරයත් පැහැදිලි කරන්න.

ස්තූතියි.
 
super16

Member
Feb 26, 2016
767
56
0
පොඩි ගානක් ඇඩ්වාන්ස් කරනව නම් විශ්වාසෙට කරන්න පුලුවන්. ඒ කියන්නේ 50,000 ක් වගේ දීල දවසක් දෙකක් ඇතුලත ගන්න ඕනේ. ලියුමක් අත්සන් කරල ගන්න එක හොදයි. ඉතිරි සල්ලි ගෙවන හොදම ක්‍රමය තමයි බැංකු ගිණුමකට දාන එක. ඒකට දෙන්නෙක් ඕනේ. කාර් එකට අදාල ලියවිලි භාරගන්න එක්කෙනෙක් යන්න ඕනේ. එයා එතන ඉදන් සල්ලි දාන්න කියල කතා කරල කිව්වහම වාහනය අයිති කෙනාගෙ ගිණුමට බැංකුව හරහා සල්ලි දාන්න පුළුවන්. ඒක සාක්ෂියක් වෙන නිසා විශ්වාසයි. මම වාහනය ගත්තේ එහෙමයි. බැංකුවට කතාව කිව්වහම එයාල උදව් කරනවා. සල්ලි ගිණුමට මාරු කරන්න කලින් බැංකුව අහනවා වාහනයට අදාල ලියවිලි ගත්තද කියල. ඒක ආරක්ෂාවටත් හොදයි.
 
  • Like
Reactions: KingCM

එල මචන්. මේ ගැන තමා මටත් දැන ගන්න වුවමනාව තිබ්බේ.

තව අදහස් තියේද?

රෙප් පසුවට දෙන්නම්. ;);)
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,408
    113
    Advance denawa Nam ganna kenagen letter ekak gatta Nam hari..vahane transfer karana widiya Nam elakiri eke thread wala athi search karala balanna
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොඩි ගානක් ඇඩ්වාන්ස් කරනව නම් විශ්වාසෙට කරන්න පුලුවන්. ඒ කියන්නේ 50,000 ක් වගේ දීල දවසක් දෙකක් ඇතුලත ගන්න ඕනේ. ලියුමක් අත්සන් කරල ගන්න එක හොදයි. ඉතිරි සල්ලි ගෙවන හොදම ක්‍රමය තමයි බැංකු ගිණුමකට දාන එක. ඒකට දෙන්නෙක් ඕනේ. කාර් එකට අදාල ලියවිලි භාරගන්න එක්කෙනෙක් යන්න ඕනේ. එයා එතන ඉදන් සල්ලි දාන්න කියල කතා කරල කිව්වහම වාහනය අයිති කෙනාගෙ ගිණුමට බැංකුව හරහා සල්ලි දාන්න පුළුවන්. ඒක සාක්ෂියක් වෙන නිසා විශ්වාසයි. මම වාහනය ගත්තේ එහෙමයි. බැංකුවට කතාව කිව්වහම එයාල උදව් කරනවා. සල්ලි ගිණුමට මාරු කරන්න කලින් බැංකුව අහනවා වාහනයට අදාල ලියවිලි ගත්තද කියල. ඒක ආරක්ෂාවටත් හොදයි.

    good idea​
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    පොඩි ඇඩ්වාන්ස් එකක් උනත් ලියුමක් ලියලා සාක්ෂි අත්සන් කරලා ලිඛිතව පිලිවෙලකට කරගන්න. ලෝය කෙනෙක් ඕනම නෑ (මම දන්න තරමින්)සල්ලි ගන්නව නම් හෝ දෙනවා නම් බැංකු ගිණුමක් හරහා කරගන්න එක වඩාත් ආරක්ෂාකාරීයි

    ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.

    For more details - http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=111&Itemid=122&lang=si
     
    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මේ ටික වටිනවා. ස්තූතියි. ;););)

    (You have given out too much Reputation in the last 24 hours, try again later.)
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    machang advance eka 50,000 ta adu ganak deepan. deela letter ekak ellaganig. pahuwadatama busness eka karanna plan karaganna. ayithi karayath ekka bank ekak katha karaganna. bank ekata gihin busness eka karala okkama liyawili athata ganna. mama nag wikkath. gattath bank ekaka mai karanne eka thamange arakshawata hodai. ethana CCTV thiyana hinda.
     
    • Like
    Reactions: nalinsen

    එල මචන් :D