රත්තරන්.. මම දන්න විදියටනම් වෑන් ගොඩක් ආවෙ රියර් වීල් ඩ්රයිව් විදියට. එතකොට Mr.TOM කියන විදියට CV ජොයින්ට් කතාවක් ආපු එක මට ප්රශ්නයක්.කාර් වෑන් වලට පොදු දෙයක් වුනෙ කොහොමද කියන එකත් පොඩි ප්රශ්නයක්.ෆ්රන්ට් වීල් වෑන් තියෙනවනම් මාව නිවරදි කරන්න.
Nissan Serena වෑන් එක ෆ්රන්ට් වීල් මචං. මේනූලේ හරය ගන්නේ නැතුව උඹ ඔය සීවී ජොයින්ට් කතාව පස්සේ එල්ලිලා ඉන්න එක ගැන නම් කණගාටුයි. එතනදි මට දාන්න තිබුන තමයි සෙරේන එකක් වගේ ගන්නවනම් විතරක් ස්ටීරියන් එක කරකවලා බලන්න කියලා. ඒත් බලපං ඒක ඒ ඡේදේ එක කොටසක් විතරයි මචං.

දැන් නම් තාත්තා ගන්නේ කාර්, ඒත් බිස්නස් එකක් කියලා කරන්නෙ නෑ. මම නම් කාර් 11 තමයි විකුණලා තියන්නේ. වැන් බිස්නස් කරලා නෑ. ඒ වැඩෙත් මම පටන්ගත්තේ රත්තරංගේ ත්රෙඩ් දැකලා ඇති වුන උවමනාව නිසා. හැබැයි ගැරජ් එකක හරි වැන් එකක් තිබුනොත් මම ඒක බලනවා. යාලුවෙක් ගාව වෑන් එකක් තිබුනත් මම ඒ ගැන උවමනාවෙන් බලනවා. මොකද මම කාර් වලට වඩා වෑන් වලට තමයි ආස. ඔන්න ඔහොමයි මගේ විස්තර. 


