පාවෙන පොත් ප්‍රදර්ශනය ලංකාවට පැමිනෙයි

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Thanks for the info. Saturday, Sunday , Monday, Tuesday witharai open. Ewath samahara data half day.
    Anik dawasa wala maintenance da, naththan waraye ida nathi nisada danna :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thanks for the info. Saturday, Sunday , Monday, Tuesday witharai open. Ewath samahara data half day.
    Anik dawasa wala maintenance da, naththan waraye ida nathi nisada danna :D
    නැව අලුවැඩියා කරනවා ඇති.
    මේක බලන්න : http://www.gbaships.org/index.php?option=com_content&task=view&id=21&Itemid=36&resourceid=R25649

    කොහොමත් මේ නැවෙන් පොත් ප්‍රදර්ශනයක් විතරක් නෙමෙයි කෙරෙන්නෙ :

    About Us
    logoshope200w.jpg

    GBA Ships operates Logos Hope. Serving others with ocean-going ships began in 1970 with the purchase of the original Logos. Since then the ships (Logos, Doulos, Logos II and now Logos Hope) have visited over 500 different ports in more than 160 countries and territories and welcomed over 40 million visitors on board. Our goal is to bring knowledge, help and hope to the people of the world.
    The ship visits each port for several weeks each and opens the gangways to hundreds and sometimes thousands of visitors each day. On average, over one million visitors have been welcomed onboard every year! The floating book fair offers over 5,000 titles, providing many visitors their first-ever opportunity to purchase a wide range of quality literature.
    An international crew and staff of volunteers live and work on the ships. Teams from the ship go into surrounding areas to supply aid and community care. In each port, the ship’s crew partners with local community groups to bring hope and show love to people whatever their circumstance, culture or background.

    http://www.gbaships.org/index.php?option=com_content&task=view&id=42&Itemid=149
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කිව්වේ ගෝල්ෆේස් ද ? :baffled:
    ඔව්, හැබයි ඒක ආරංචියක් විතරයි. බලන්න ගිය කට්ටිය හරියටම විස්තර, හැමෝරටම දැනගන්න, දුන්නා නං තමයි හොඳ
     
    ela ela machan. ehenam lankaweth groups ekka community projects karanawa athi. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද ගියා නැව බලන්න. කැමරා ගෙනියන්න දෙන්නෙ නැති හින්දා දාන්න ෆොටෝ නෑ.

    ටිකට් ගන්න තියෙන්නෙ ගාලු මුවදොර, (හරියටම යුධ හමුදා ක්‍රීඩාපිටිය ඉස්සරහා ) හදපු කවුන්ටරයෙන්. නවයහමාර වෙනකොට එතැනට ගිය හින්දා කවුන්ටරය කිට්ටුවෙනම වාහනේ නවත්තගන්න ඉඩ තිබුණා. හැබයි ඒ වෙනකොටත් තරමක පෝලිමක් හිටියා.

    10ට තමයි කවුන්ටරය ඇරලා ටිකට් දෙන්න පටන් ගත්තෙ. නැවේ පවත්වන වැඩසටහනකට සහභාගී වෙන කට්ටියව වෙනම පෝලිමකට ගත්තා.
    ටිකට කවුන්ටරය ගාවටම හයර් කරල තිබුන පෞද්ගලික බස් රථයක් ආවා. බලන්න යන කට්ටියව වරාය ඇතුලට ගෙනියන්නෙ ඒකෙන්. බස් එකට පුලුවන් තරම පටවාගෙන වරායේ ප්‍රධාන දොරටුවෙන් තමයි ඇතුල් උනේ.
    ඇතුල් වුන ගමන් බස් එක නවත්වලා නාවික හමුදාවෙන් ටිකට්, බෑග් සහ කැමරා තියෙනවා දැයි සෝදිසි කර බැලුවා. බස් එකේ හිටගෙන් හිටිය අයව බස්සලා තමයි සෝදිසි කලේ.

    සෝදිසියෙන් පසු නැවත සියල්ල සමග බස් රථය බණ්ඩාරනායක තටාංගයට ගියා. ජැටිය අසලම තම්යි බස් එක නැවැත්තුවේ. මුලින්ම ගිය කාන්ඩයේ හිටි නිසා නැව ගාව පොලිම් තිබුනේ නෑ.

    logos hope නැවට පිටුපසින් බඩු නැවකුත් තිබුණා. අල්ලපු ජැටියේ jet liner නෞකාවද පේන්න තිබුණා.

    නැවට නැගීමට ඇති පඩිපෙල අසල සිටි නැවේ පැමිනි විදේශිකයෙක් නැවට නගින සියලුම දෙනාට අතට අත දෙමින් ආචාර කලා.

    බස් රථයේ පැමිණි නඩය නැවට ඇතුල් වුනු පසු බෝට්ටුවක හැඩය ඇති ආසන පෙලක හිඳුවා ඔවුන් ගේ කෙනෙක් (අපේ නඩය ඇමතුවේ කොලොම්බියානු ජාතිකයෙක්) සියල්ලට ආචාර කර ඔවුන් පිලිබඳ හැඳින් වීමේ විඩියෝවක් තිර ගත කලා. ඉන් අනතුරුව සියල්ල පොත් ප්‍රදර්ශනයට ඇතුල් වුනා.
    විවිද මාතෘකා යටතේ පොත් විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

    විව්ධ රට වලට ගොස් පොත් අලෙවි කරන බැවින් පොත් වල මිල සටන් කර තියෙන්නෙ UNIT වලිනි. Unit 100 = රුපියල් 200 ලෙස තමයි ඔවුන් මිල දර්ශනය දමා තිබෙන්නෙ.

    කෙසේ වෙතත් පොත් වල ලොකු ලාභයක් නම් නෑ. හැබයි මෙහේ ගන්න නැති/අමාරු පොත් නම් තිබුනා. ළමුන් සඳහා පොත් විශාල වශයෙන් තිබුනා. පොත් ප්‍රදර්ශනාගාරය පසු කර යායුත්තෙ ළමුන්ට විශේෂයෙන් සෑදූ කොරිඩෝවක් දිගේ. මේ කොරිඩෝවේ හොඳ ගුණදම් පුහුණ කිරීමේ අර්මුණින් කරන ලද චිත්‍ර කථා පෙලක් තියෙනවා.

    කොරිඩෝව අවසානයේ ඇත්තේ ආපන ශාලවටයි. කෑම බීම තරමක් ගණන් බව පැවසිය යුතුයි. කෝපි කෝප්පයක් (හැබයි ලොකු කෝප්පයක්) රු 70.00 වෙනවා. විශාල විස්කෝතුවක් (cookies) රු 150.00 වෙනවා.
    ආපන ශාලාවෙන් පසු නැවෙන් පිටත් වීමට තමයි තියෙන්නෙ.
    එලියට එන විට දහවල් 12.00ට වගේ ඇති. ඒ වෙනකොට නම් නැවට නැගීමට පෝලිමක් නැව ගාව හිටියා.

    බස් රථයෙන් නැගී නැවතත් ගාලු මුවදොරටම ගියා. බස් රථය මල්වත්ත පාර ගාව තියෙන් බෑග් කඩ ගාව නවත්වනවා කොටුවෙන් බහින්න ඕන අයට බැහැගන්න. ඉන් පසු නැවතත් ගාලුමුවදුර ටිකටි කවුන්ටරය ගාවටම යනවා.

    කරුණු කීපයක් පැවසිය යුතුයී.
    1. බොහෝ පිරිස් වැසිකිලි භාවිතා කරන්න දන්නෙ නෑ. කොමෝඩය භාවිතා කල පසු වතුර නොගසාම (flush කරන්නෙ නැතුව ) එලියට එනවා. වතුර විසිරුවා, මඩ කරලා දානවා. ඇතුල ගිය පසු ඉතා දීර්ග වෙලාවක් ගන්නවා. කෝල් හිටන් ගන්නවා ඇහුනා. තවත් පිරිස් වැසිකිලි යන්න සිටිනවා කියලා පොඩ්ඩ්වක් වත් සැලකිලිමත් වෙන්නෙ නෑ.

    2. ආපන ශාලාවෙ මෙස පුටු මත කාබී ඉතිරි උන සියල්ල එසේම දමා යනවා. අසලම අපද්‍රව්‍යය බැහෑලුම් තියෙද්දීත් ඔහේ මෙස මත් බාගෙට ඉතුරු කෝප්ප (plastic කෝප්ප දෙන්නෙ), බීම can, tissue කොල දාලා යනවා. මේස වල වතුර, බීම පවා විසිරවලා තිබුනා. තමන්ට පසු තවත් අය මේවා භාවිතා කරන්න ඉන්නව කියලා හිතන්නෙවත් නෑ. දරුවන්ට වත් අපද්‍රව්‍යය බහාලන්න කියලා දෙන්නෙ නෑ.

    මෙහෙම නොකර අනුන් ගැන සිතන පිරිසුත් මේ අතර සිටින බව පැවසිය යුතුයි. :yes:
    නමුත් නොකරන පිරිස වැඩි බව තමයි හැඟුනේ. :(

    මෙලෙස හැසිරීමෙන් නිග්‍රහය පහත් වෙන්නෙ අපේම රට. ඒ නිසා ඔබත් නැවට යනවා නම් කරුණාකර මේ ගැනත් සිතා හැසිරෙන්න.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Logos Hope නවුකාව කොළඹ වරායට පැමින ඇත. මෙය ලොව විශාලතම පාවෙන පොත් ප්‍රදර්ශනය වේ.

    මතකයි අසූ ගනන් වලත් මෙවැනි නැවක් ආවා. හොඳ පොත් අඩු මිලට ලබාගැනීමට හොඳ අවස්ථාවක් වෙයි.

    header.jpg

    index.jpg

    කොළඹ :
    මාර්තු 19 – අප්‍රේල් 3 2011
    බ්ණ්ඩාරනායක ජැටියෙ

    ඇතුල වීමේ ගාස්තු : රු. 70 =

    වේලාවන් :
    ඉරිදා සහ සඳුදා : 2.00pm – 6.30pm
    අඟහරුවාදා සහ සෙනසුරාදා : 10.00am – 6.30pm

    වයස 16ට අඩු ලමුන් සමග වැඩිහියෙක් යෑම අවශ්‍යය වේ.
    ඇතුලත් වීමට ජාතික හැඳුනුම් පත අවශ්‍යය වේ.

    වැඩි විස්තර සඳහා : http://www.gbaships.org/in/srilanka/index.html

    Machan this ship is run by a Christian missionary organisation involved in unlawful conversions.Most of the books available are christian books...So beware