අද ගියා නැව බලන්න. කැමරා ගෙනියන්න දෙන්නෙ නැති හින්දා දාන්න ෆොටෝ නෑ.
ටිකට් ගන්න තියෙන්නෙ ගාලු මුවදොර, (හරියටම යුධ හමුදා ක්‍රීඩාපිටිය ඉස්සරහා ) හදපු කවුන්ටරයෙන්. නවයහමාර වෙනකොට එතැනට ගිය හින්දා කවුන්ටරය කිට්ටුවෙනම වාහනේ නවත්තගන්න ඉඩ තිබුණා. හැබයි ඒ වෙනකොටත් තරමක පෝලිමක් හිටියා.
10ට තමයි කවුන්ටරය ඇරලා ටිකට් දෙන්න පටන් ගත්තෙ. නැවේ පවත්වන වැඩසටහනකට සහභාගී වෙන කට්ටියව වෙනම පෝලිමකට ගත්තා.
ටිකට කවුන්ටරය ගාවටම හයර් කරල තිබුන පෞද්ගලික බස් රථයක් ආවා. බලන්න යන කට්ටියව වරාය ඇතුලට ගෙනියන්නෙ ඒකෙන්. බස් එකට පුලුවන් තරම පටවාගෙන වරායේ ප්‍රධාන දොරටුවෙන් තමයි ඇතුල් උනේ.
ඇතුල් වුන ගමන් බස් එක නවත්වලා නාවික හමුදාවෙන් ටිකට්, බෑග් සහ කැමරා තියෙනවා දැයි සෝදිසි කර බැලුවා. බස් එකේ හිටගෙන් හිටිය අයව බස්සලා තමයි සෝදිසි කලේ.
සෝදිසියෙන් පසු නැවත සියල්ල සමග බස් රථය බණ්ඩාරනායක තටාංගයට ගියා. ජැටිය අසලම තම්යි බස් එක නැවැත්තුවේ. මුලින්ම ගිය කාන්ඩයේ හිටි නිසා නැව ගාව පොලිම් තිබුනේ නෑ.
logos hope නැවට පිටුපසින් බඩු නැවකුත් තිබුණා. අල්ලපු ජැටියේ jet liner නෞකාවද පේන්න තිබුණා.
නැවට නැගීමට ඇති පඩිපෙල අසල සිටි නැවේ පැමිනි විදේශිකයෙක් නැවට නගින සියලුම දෙනාට අතට අත දෙමින් ආචාර කලා.
බස් රථයේ පැමිණි නඩය නැවට ඇතුල් වුනු පසු බෝට්ටුවක හැඩය ඇති ආසන පෙලක හිඳුවා ඔවුන් ගේ කෙනෙක් (අපේ නඩය ඇමතුවේ කොලොම්බියානු ජාතිකයෙක්) සියල්ලට ආචාර කර ඔවුන් පිලිබඳ හැඳින් වීමේ විඩියෝවක් තිර ගත කලා. ඉන් අනතුරුව සියල්ල පොත් ප්‍රදර්ශනයට ඇතුල් වුනා.
විවිද මාතෘකා යටතේ පොත් විශාල සංඛ්‍යාවක් තිබෙනවා.
විව්ධ රට වලට ගොස් පොත් අලෙවි කරන බැවින් පොත් වල මිල සටන් කර තියෙන්නෙ UNIT වලිනි. Unit 100 = රුපියල් 200 ලෙස තමයි ඔවුන් මිල දර්ශනය දමා තිබෙන්නෙ.
කෙසේ වෙතත් පොත් වල ලොකු ලාභයක් නම් නෑ. හැබයි මෙහේ ගන්න නැති/අමාරු පොත් නම් තිබුනා. ළමුන් සඳහා පොත් විශාල වශයෙන් තිබුනා. පොත් ප්‍රදර්ශනාගාරය පසු කර යායුත්තෙ ළමුන්ට විශේෂයෙන් සෑදූ කොරිඩෝවක් දිගේ. මේ කොරිඩෝවේ හොඳ ගුණදම් පුහුණ කිරීමේ අර්මුණින් කරන ලද චිත්‍ර කථා පෙලක් තියෙනවා.
කොරිඩෝව අවසානයේ ඇත්තේ ආපන ශාලවටයි. කෑම බීම තරමක් ගණන් බව පැවසිය යුතුයි. කෝපි කෝප්පයක් (හැබයි ලොකු කෝප්පයක්) රු 70.00 වෙනවා. විශාල විස්කෝතුවක් (cookies) රු 150.00 වෙනවා.
ආපන ශාලාවෙන් පසු නැවෙන් පිටත් වීමට තමයි තියෙන්නෙ.
එලියට එන විට දහවල් 12.00ට වගේ ඇති. ඒ වෙනකොට නම් නැවට නැගීමට පෝලිමක් නැව ගාව හිටියා.
බස් රථයෙන් නැගී නැවතත් ගාලු මුවදොරටම ගියා. බස් රථය මල්වත්ත පාර ගාව තියෙන් බෑග් කඩ ගාව නවත්වනවා කොටුවෙන් බහින්න ඕන අයට බැහැගන්න. ඉන් පසු නැවතත් ගාලුමුවදුර ටිකටි කවුන්ටරය ගාවටම යනවා.
කරුණු කීපයක් පැවසිය යුතුයී.
1. බොහෝ පිරිස් වැසිකිලි භාවිතා කරන්න දන්නෙ නෑ. කොමෝඩය භාවිතා කල පසු වතුර නොගසාම (flush කරන්නෙ නැතුව ) එලියට එනවා. වතුර විසිරුවා, මඩ කරලා දානවා. ඇතුල ගිය පසු ඉතා දීර්ග වෙලාවක් ගන්නවා. කෝල් හිටන් ගන්නවා ඇහුනා. තවත් පිරිස් වැසිකිලි යන්න සිටිනවා කියලා පොඩ්ඩ්වක් වත් සැලකිලිමත් වෙන්නෙ නෑ.
2. ආපන ශාලාවෙ මෙස පුටු මත කාබී ඉතිරි උන සියල්ල එසේම දමා යනවා. අසලම අපද්‍රව්‍යය බැහෑලුම් තියෙද්දීත් ඔහේ මෙස මත් බාගෙට ඉතුරු කෝප්ප (plastic කෝප්ප දෙන්නෙ), බීම can, tissue කොල දාලා යනවා. මේස වල වතුර, බීම පවා විසිරවලා තිබුනා. තමන්ට පසු තවත් අය මේවා භාවිතා කරන්න ඉන්නව කියලා හිතන්නෙවත් නෑ. දරුවන්ට වත් අපද්‍රව්‍යය බහාලන්න කියලා දෙන්නෙ නෑ.
මෙහෙම නොකර අනුන් ගැන සිතන පිරිසුත් මේ අතර සිටින බව පැවසිය යුතුයි.

නමුත් නොකරන පිරිස වැඩි බව තමයි හැඟුනේ.
මෙලෙස හැසිරීමෙන් නිග්‍රහය පහත් වෙන්නෙ අපේම රට. ඒ නිසා ඔබත් නැවට යනවා නම් කරුණාකර මේ ගැනත් සිතා හැසිරෙන්න.