පාසල් යන ළමයින්ගේ..

MindTalk

Member
Jun 11, 2016
162
41
0
පාසල් යන ළමයින්ගේ..

පාසල්වල ගවුම් වාටි ලිහීමේ, කලිසම් කකුල් පැලීමේ හා කොණ්ඩා කප්පාදු කිරීමේ ශික්ෂණය


සාමාන්‍යයෙන් පාසල් යන ළමයින්ගේ ඇඳුම් අපේ ඇඳුම් ව‍ගේ නොවෙයි නිතර කොට වෙනවා. එහෙම වෙන්නේ ඒ ළමයි උස යන නිසා. සමහර ළමයි ටිකක් කොටට අඳින්න කැමතියි. ඒ වුණත් මම දන්න තරමින් කිසිදු පාසල් බාලිකාවක් කලවා පෙනෙන කොට ගවුම් නම් පාසලට අඳින්නේ නැහැ.හැබැයි සමහර ගුරුවරියෝ නම් බුරිය පේන්න සෙක්සි විධියට සාරි ඇඳගෙන පාසල් එනවා.

නිල ඇඳුමක් වුණා ම ඒකේ දිග, පළල, කොලර්, සාක්කු, රැළි ආදිය ‍යොදන විධි තියෙනවා. ඒ විලාසිතාව වෙනස් කරමින් අලුත් විලාසිතා නිර්මානය කරන එක සුදුසු නැහැ. නිකම් හිතන්නෙකෝ පොලිස් රාළහාමිලා කොලර් උස්සගෙන, නර්ස් නෝනලා කොණ්ඩ වනා දාගෙන එහෙම හිටියොත් තත්වය කොහොමද කියලා.

හැබැයි ඉතින් ළමයි කියන්නේ ළමයි‍ නේ. උන්ට මේක කියලා පැහැදිලි කරලා දෙන්න අමාරුයි. දෙමව්පියන්ටත් වැඩිය තේරුමක් නැති වුණා ම තත්වය තවත් නරක අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අධ්‍යාපනය කියන්නේ මිලිටරි විනයකුත් නොවෙයිනේ. අධ්‍යාපනය කියන්නේ නිදහස්, නිර්මානශීලී පරිසරයක් තුළ සිදු විය යුතු ශික්ෂණයක්.

අද කාලෙ පාසල්වල නිල ඇඳුම්, ‍කොණ්ඩා ආදිය ගැන හරියට ප්‍රශ්න. පිරිමි ළමයින්ගේ කලිසම් පතුලේ පළල අඩුයි. කලිසම් ඇඟට හිරයි. ඉ‍ණෙන් එල්ලා හැලෙනවා. ගැහැනු ළමයින්ගේත් ඔය වගේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් විනය භාර සුචරිතවාදී ගුරුවරු හා ශිෂ්‍ය නායක නායිකාවෝ කලිසම් කකුල් පලනවා. ගවුම් වාටි ලිහනවා. කොණ්ඩ කපනවා. ළමයින්ට ශාරීරිකව හා මානසිකව විවිධ අඩන්තේට්ටම් කරනවා.

මේවා කරන ගුරුවරු වැඩිදෙනෙක් දන්නේ නැහැ ඇයි ළමයි මෙහෙම කරන්නේ කියලා. ඔවුන් හිතන්නේ ඒක ළමයින්ගේ නැහැදිච්චකම කියලා.

ඔවුන්ට මතක නැහැ තමන්ගේ නව යොවුන් විය, ඒ වයසේදී තමන්ට තිබුණු අති ධාවනකාරී හැඟීම්, විලාසිතාවලට තිබුණු ආකර්ශනය ආදිය. නව යොවුන් වියේ ළමයි කැමතියි, ඔවුන්ට නිවසෙන්, පාසලෙන් විවෘත කර දෙන සීමාවට එහා ඇති ලෝකයේ අත්දැකීම් ලබන්න. ඔවුන් තුළ තමන්ගේ නිදහස සීමා කරන විනය පද්ධතිය ගැන විරෝධයකුත් තිබෙනවා.

අනෙක් පැත්තෙන් ළමයින්ට විවේකය, විනෝදය, වින්දනය සඳහා අවස්ථා ප්‍රමාණවත් නො වී‍මේ ප්‍රශ්නයකුත් මෙතැන තිබෙනවා. මේ අසරණයෝ මුළු ළමා කාලය පුරා ම අර පන්තියෙන් මේ පන්තියට ටියුෂන් දැලක පැ‍ටලිලා යි ඉන්නේ.

ඇතැම් ගුරුවරු නව යොවුන් වියේ දරුවන් දෙස බලන්නේ තමන්ගේ පරම සතුරන් දෙස බලන්නා වගේ. එයට හේතුව මානසික ප්‍රශ්නයක්. මේ අය තමන්ගේ නව යොවුන් වියේදී දැඩි පීඩනයක ජීවත් වූ අය වෙන්න පුළුවන්. ආර්ථික ආදී හේතු නිසා කොහොමත් ගුරුවරු වැඩි පිරිසක් ඉන්නේ දැඩි අසහනයක.

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික තත්වය තේරුම් ගන්න අවශ්‍ය පරිණතකම හා සංවේදීභාවය බොහෝ ගුරුවරුන් තුළ නැහැ. ඇතැම් ගුරුවරුන්ට සිසුන් කියන්නේ ගව පට්ටියකට වැඩි දෙයක් නො වෙයි. ඉතින් අද පාසල් කියන්නේ වධකාගාර වැනි තැන්. ළමයින් හා ගුරුවරුන් පරම හතුරන් වගේ. එහෙම නැතිනම් ළමයින් හා ගුරුවරුන් අතර සම්බන්ධය හරියට මුදලාලිලා හා පාරිභෝගිකයන් අතර සම්බන්ධය වගේ.

කොහොමින් කොහොම හරි අද වන වි‍ට පාසල තමයි ළමයින්ට වැඩියෙන් ම ශාරීරික හා මානසික වධ දෙන ළමා අපචාර මධ්‍යස්ථානය. වැඩේ කියන්නේ දැන් දෙමව්පියෝ විතරක් නො වෙයි ළමයි පවා හිතන්නේ මේක තමයි හරි වැඩේ කියලා.

පාසල් ඇතුළේ ආදරය නැවත පිහිටුවිය යුතුයි. ළමයින්ට පාසල කියන්නේ සොඳුරු අවකාශයක් විය යුතුයි. දැන් කාලෙ නම් පාසල කියන්නේ කොතනින් හරි ගුරුවරයෙක් තමන්ගේ ඇඟට කඩා පනියි කියලා බියෙන් සිටින ළමයින් පිරිසක් ගාල් කරපු තැනක්.

අනෙක ලංකාවේ පාසල් පද්ධතිය කියන්නේ ම මළ විකාරයක්. ‍මධ්‍යම පංතික පවුල්වල අය තවමත් වික්ටෝරියා රැජිනගේ කාලේ හෙවත් කෝපි කාලේ අදහස් අනුව පිහිටුවන ලද, ගැහැනු, පිරිමි වශයෙන් ළමයින් වෙන් කර උගන්වන පාසල්වලට තමයි ළමයින් යවන්නේ.

ඒ විතරක් නෙවෙයි, ලංකාවේ පාසල්වල එක වසරේ ඉඳන් 13 වසර දක්වා ම ළමයි එකට ඉගෙන ගන්නවා. උසස් පෙළ පංතිවල ඉන්න ළමයින්ට ලැබිය යුතු නිදහස ඔවුන්ට දෙන්න මේ පාසල්වලට හැකියාවක් නැහැ. ඉතින් ගැටුම්.

Source: http://www.w3lanka.com/2013/06/blog-post_18.html
 
Last edited:

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මම නම් කියන්නේ ලංකාවේ රජයේ පාසල් නිල ඇඳුම කියන එක ඇත්තෙන් ම අධ්‍යාපනයට බාධාවක්.

    මේක ලියපු එකාටත් නිල ඇඳුම එක්ක ලොකු අවුලක් තිබිලා තියෙනවා වගේ ඒ කාලේ.:lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • රජයේ පාසල් නිල ඇඳුම කියන එක ඇත්තෙන් ම අධ්‍යාපනයට බාධාවක්

    ඔක්කොමත් හරි කියමුකෝ.ඒත් මේකට නම් එකඟ වෙන්න බෑ.නිල ඇඳුමේ තියෙන වැරැද්ද මොකක්ද ? නිල ඇඳුමක් දෙන්නේ, යම්කිසි විනයක් පවත්ත්වාගන්න.පොඩි කාලේ ඉඳලම ළමයින්ව ඒ දේට හුරු කරන්න ඕනා.මේ ලිපියෙම කියලා තියෙන විදියට, වැරැද්ද තියෙන්නේ නිල ඇඳුමේ නෙමෙයිනේ.ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ, ගුරුවරයා, හා ශිෂ්‍යයා අතර ඔවුනොවුන් කෙරෙහි නිවැරදි අවබෝධයක් නැති කම.ගුරුවරු කියන්නෙත්, මේ සමාජයේම, ආර්ථික රැල්ලට අසුවුන පිරිසක්.ඉස්සර වගේ ළමයින්ට උගන්න උගන්න ඉන්න බෑ, සල්ලි හොයන්න ඕනා.සමාජයේ අනිත් මිනිස්සු එක්ක ඉදිරියට යන්න ඕනා.රජයෙන් ගෙවන සොච්චම් පඩියෙන් ඒ ටික කරන්න බෑ.ඒ නිසා ඒ මිනිස්සු තමන්ගේ දැනුම බිස්නස් කරනවා.ඒකට ගුරුවරුන්ට බැනලා වැඩකුත් නෑ.බිස්නස් එකට උගන්නන ගුරුවරුන්ට, ළමයින්ට හොඳ නරක කියලා දෙන්න බෑ.ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ, මිනිස්සුන්ගේ ආර්ථික පරිහානිය තුල.හැමෝටම අනිත් එකා එක්ක දුවන්න සිද්ද වෙලා තියෙන්නේ.නැත්නම් තමන් පරාදයි.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මම නම් කියන්නේ ලංකාවේ රජයේ පාසල් නිල ඇඳුම කියන එක ඇත්තෙන් ම අධ්‍යාපනයට බාධාවක්.
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    Anthima wakya ain karala post eka edit kala.Dan hodai neda. orginal post eka balanna puluwan link ekata gihilla..:cool::cool: