පාසල් ශිෂ්‍ය නායක මානසික රෝගය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    128363280_1042627646226330_8675450833598573915_n.jpg

    (මනෝවෙෙද්‍ය නිගමනය ශිෂ්‍යනායක තනතුරු නවීන අධ‍යාපනයට නොගැලපෙන පාසල්වලින් ඉවත් කල යුතු තනතුරක් බවයි.......)
    -------=පාසල් ශිෂ්‍ය නායක මානසික රෝගය==--------------------
    පාසල් ශිෂ්‍ය නායකයෙකු යනු කවුද..?
    චමල් අකලන්ක ගෙන් උපුටා ගැනීමකි.
    ඔවුන්ට අනෙකුත් දරුවන්ට පහර දීමට අඩන්තේට්ටම් කිරීමට බලය ලැබුණේ කෙසේද..??
    ඔවුන් අනෙකුත් දරුවන්ගෙන් වෙනස් විශේෂයක් ලෙස පෙනී සිටින්නේ ඇයි...?
    පාසලේ අනෙක් දරුවන්ට නොලැබෙන විශේෂ වරප්‍රසාද ඔවුන්ට ලැබෙන්නේ කෙසේද..??
    පාසල් පරිපාලනය හා අධ්‍යාපන බලධාරීන් , ළමා කාර්යාංශ නිදිද..?
    මෙසේ දිගු කාලයක් තිස්සේ ඔවුන් බොහෝ බහුබූත නොගැලපෙන ක්‍රියා සම්ප්‍රදායක් ලෙස කරගෙන ගොස් එය පාසලේ නීතියක් සේ සිතා ක්‍රියා කරගෙන යන අතර විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද එය එසේය කියා නිශ්ශබ්දව සිටියි...
    ශිෂ්‍ය නායකයෙකු යනු පාසලක අනෙකුත් ළමුන් අතුරින් අධ්‍යාපනය, බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, නායකත්ව ගුණාංග වැනි සාධක මත පාසලේ වැඩකටයුතු වලට යම් සහයක් ලබා ගැනීමේ අරමුණින් පත් කරගන්නා සිසුන් කොටසයි... එමගින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය ද ඒ ආදර්ශයෙන් අනෙක් සිසුන්ට නායකත්වය පිළිබඳ ආදර්ශයක් ලබා දීම , පාසලේ හා සිසුන්ගේ විනය ආරක්ෂා කිරීමද බලාපොරොත්තු වෙයි...
    නමුත් බැජ් එක නිසා ඔවුන් විශේෂ වරප්‍රසාද සහිත, පොලිස් බලතල ඇති විශේෂ ජීවීන් පිරිසක් වන්නේ නැත...
    සත්‍ය තත්වය එසේමද....?
    මා හොඳින්ම දන්නා පරිදි බොහෝ පාසල් වල සිංහල බෞද්ධ , හින්දු , ක්‍රිස්තියානි , ජාති ආගම් බේද වලින් තොරව ශිෂ්‍ය නායකයන් හැසිරෙන්නේ පාසලේ විදුහල්පතිපතිකම ලැබුනාක් මෙනි.. කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන යයි සම්මත පාසල් වල මේ වසංගතය බහුලව ව්‍යාප්තවී ඇත..
    මා දන්නා සමහර ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් වල ශිෂ්‍ය නායක කාමර ( prefect room ) වලට ඇතුළු වීමට විදුහල්පතිවරයා පවා අවසර ගැනීමේ සම්ප්‍රදායන් ගොඩනගාගෙන ඇත.. ඒ කාමර කළු වීදුරු දමා තිරරෙදි වලින් වසා දොරවල් වසාගෙන අධි ආරක්ෂිත කලාප ලෙස වෙන් කරගෙන ඇත...විදුහල්පති කාමරය හෝ ගුරු විවේකාගාරයට වඩා අධි ආරක්ෂිතව සිටීමට ශිෂ්‍ය නායකයන් පිටසක්වල ජීවින් වැනි පිරිසක් වූයේ කෙසේද... මේවා තුළට අනෙක් සිසුන්ට ගුරුවරුන්ට පවා ඇතුළු වීමට නොහැකිව දොරට තට්ටු කිරීමේ සංඥා පවා යොදාගෙන තිබීමට තරම් ඔවුන් අනෙක් සිසුන්ගෙන් විශේෂ වන්නේ කෙසේද..
    මා පාසල් යන දිනවල ශිෂ්‍ය නායක කාමරයට ගිය මාගේ මිතුරෙකුට ශිෂ්‍ය නායකයෙකු පහර දුන් අතර අදාල සිද්ධිය විදුහල්පතිවරයාට පැමිණිලි කළ විට ඒ පහරදුන් ශිෂ්‍ය නායකයාට අවවාද කළ අතර සිස්ස නායකයන් ගොඩනගාගෙන ඇති අධිපතිවාදී ගොන්පාට් නැවැත්වීමට ක්‍රියා කළේ නැත... අදටත් එය එසේමය.. තවමත් දරුවන් වන ඔවුන් මේ කාමර තුල සිදුවන්නේ මොනවාද කියා ගුරුවරුන් හෝ පාලනාධිකාරිය කිසිදු විමසීමක් කරන්නේ නැත..
    අනෙක් සිදුවීම නම් පහර දීමයි..
    ශිෂ්‍ය නායක මැරයන් බවට බොහෝ අය පත්ව ඇත..
    ජේෂ්ඨ ශිෂ්‍ය නායකයන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18 ට වැඩි වැඩිහිටි සිසුන් ය.. බොහෝ පාසල් වල ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලය ( top board ) අවුරුදු 20 පමණ වයසේ ය..
    ශිෂ්‍ය නායකයන් සිතා සිටින්නේ බැජ් එකක් ගැසූ පසු සුපර් පවර්ස් ලැබෙන බවයි..
    කුඩා දරුවාගේ සිටම සියලු ශිෂ්‍යයන් ශිෂ්‍ය නායකයන්ගේ පහර කෑමට ලක්වෙයි..
    ලංකාවේ නීතියට අනුව කිසිදු දරුවෙකු කාගේ හෝ කායික මානසික හිංසනයකට ලක් විය නොහැක.. තත්වය එසේ තිබියදි ළමුන්ට පහර දුන් ගුරුවන්ට පවා නීතිය ක්‍රියාත්මක වෙද්දී ශිෂ්‍ය නායකයන් තවමත් දරුවන් හිංසනයට ලක් කරන අතර ගුරුවරු ඇතුළු පාලනාධිකාරිය ඒ ගැන සොයන්නේ නැත..
    කුඩා දරුවන් මේවා දෙමව්පියන්ට පැමිණිළි නොකරන්නේ නැවත් පාසලේදී මෙසේ හිංසනයට ලක්වේයැයි ඇති බිය නිසා ය..
    පිරිමි පාසල් වල මේ තත්වය ඉතා වැඩි වශයෙන් ක්‍රියාත්මක වන අතර කාන්තා හා මිශ්‍ර පාසල් වලද අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙයි...
    එසේම ශිෂ්‍ය නායකයන් ද තම ඉහළ ශිෂ්‍ය නායකයන්ගෙන් මෙසේ පහර කෑමට ලක්වෙයි.. prefect room එක තුළදී වරදේ ස්වභාවය අනුව කනේ පාරවල් ගැසීම සිදුවෙයි.. මෙය විශ්ව විද්‍යාලවල නවකවදය මෙන් මානසික විකෘතිතාවයක් ලෙස තමන්ට වූ දේම තමන්ට පහළ කණ්ඩායමට සිදු කර වින්දනයක් ලබන අතර ඒ පහර කෑමට ලක්වෙන සිසුන් පාසලේ අනෙක් සිසුන්ට පහර දී තම පීඩනය පිට කරයි... මේ නිසා කණිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ද ඔවුන්ගේ ජේෂ්ඨයන් මෙන්ම හැසිරෙන අතර එය පරම්පරාවට යාමක් සිදුවෙයි,..
    සරලවම ගතහොත් පරපීඩක කාමුකත්වය වන මෙය මානසික ආබාධයකි..
    එමෙන්ම කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් දුටු විට පුටුවෙන් නැගිටීම.. good morning අයියෙ. good day අයියෙ කියා හිස පහත් කර කීම ද සමහර පාසල් වල සම්ප්‍රදායන් වී ඇත.. එසේ නොකරන අයට කනේ පාර කෑමට සිදුවෙයි...
    ඕන ගොනෙක්ට බලෙන් ගරු කරවා ගන්නා කොඳු නාරටිය බිඳ හෙළන දුර්වල පෞරුෂයක් ඇති පිරිසක් බවට නායකත්වයට එළඹි මුල්ම අවස්ථාවේදීම සිසුන්ව පත් කිරීම අතිශය ඛේදනීය තත්වයකි...
    මේ තත්වය ශිෂ්‍ය නායක මණ්ඩල වල මෙන්ම අනෙකුත් සංගම් වලද අඩු වැඩි වශයෙන් දක්නට ඇත..
    සමහර සංගම් වල සභාපතිගේ මේසය දෙස බැලීම පවා ගුටි කෑමට හේතුවක් වන තරමටම මේ තත්වය උඩුදුවා ඇති අතර පහර දීම, දණගැස්සවීම සිදුවෙයි...
    එසේම ශිෂ්‍ය නායකයන් පාසලේ අනෙක් දරුවන්ට තහනම් භාණ්ඩ වූ ජංගම දුරකතන, pen drives, CD /DVD තැටි වැනි සියල්ලම පාසලට ගෙනෙයි.. මේවා පාලනාධිකාරියෙන් නියාමනය නොවන අතරම පාසල් සිසුන්ද තම මිත්‍ර ශිෂ්‍ය නායකයන් හරහා මෙවැනි දේ සිදු කරයි..
    බැජ් එකක් ගැසීම නිසා ඔවුන් විශේෂ වරප්‍රසාධිත පිරිසක් වූයේ කෙසේද..?
    සැබැවින්ම මේ දරුවන් මේ තත්වයට වැටුනේ ඇයි...
    ශිෂ්‍ය නායකයන් යනු ද දරුවන්ය.. ඔවුන්ට සිදුවී ඇත්තේ පාසල් පාලනාධිකාරියේ ඇති වැරදි පාලනය නිසා වඳුරාට දැලි පිහිය අහු වුණා වැනි දෙයකි.. එබැවින් මේ පිළිබඳ විදුහල්පතිවරුන් ඇතුළු බලධාරීන් වහාම ක්‍රියාත්මක වී මේ දරුවන් මානසික රෝගීන් වී සමාජයට පිළිළයක් වන තත්වයෙන් මුදවාගත යුතුය...
    ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුය..
    ඔවුන්ට අනුකම්පා කළ යුතුය..
    ඔවුන් කරන්නේ ඔවුන්ට ලැබුණ වරප්‍රාසද උහුලා ගැනීමට නොහැකි වීම හා ඇතිවී තිබෙන පීඩනය පිට කිරීමයි...
    නියමාකාර නියාමනයක් නැති තැන් වල ඔය තත්වය කාටත් පොදුය..
    බලය අනිසි ලෙස භාවිතා කරන වුන්...
    තම බලයෙන් මහජනයා පීඩාවට පත් කරන වුන්....
    අනෙකා පීඩාවට පත් කර සතුටු වන තිරිසනුන්...
    වන්නේ කලක් දරුවන් වී සිටි අයය...
    මේ දරුවන් වැරදි මගට වැටී තිබෙන්නේ වගකිවයුත්තන්ගේ ක්‍රියාකලාපයේ දුර්වලතාව නිසාය..
    එබැවින් මේ දරුවන්ට නිවැරදිව නායකත්ව යනු කුමක්ද යන්න වටහා දීම හා මේ මාෆියාවෙන් අනෙක් අහිංසක දරුවන් ගලවා ගැනීම බලධාරීන්ගේ වගකීම වන අතර දෙමාපියන්ද අනෙක් සිසුන්ද මෙය වටහා ගත යුතුය...
    දෙමාපියනි.. ඔබේ දරුවාට පහර දීමට හෝ කිසිදු කායික මානසික හිංසාවක් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. ඒ නිසා පාසල් තුල සිදුවන මේ විකාර වලට විරුද්ධ වන්න...
    නංගි මල්ලි..
    ලංකා නීතිය මගින් සියලු ආකාරයේ කායික මානසික හිංසා වලින් වැළකීමට ඔබට අයිතියක් ඇත.. නීතියෙන් ඔබව සුරක්ෂිත කර ඇත.. එබැවින් එසේ ඔබේ අයිතිවාසිකම් කඩවීමට එරෙහිව හඬ නගන්න.... ඔබේ පාසලේ අනෙක් සිසුන් , බලධාරීන් දැනුවත් කරන්න.. එමෙන්ම ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට මානව හිමිකම් කොමිසම, ළමා ආරක්ෂක අධිකාරිය හා අධිකරණ පද්ධතිය ද පොලීසිය , සිවිල් සංවිධානද ඇත...
    විනය යනු, තවකෙක් පාගා ඇති කළ හැකි දෙයක් නොවේ.. එය ආදර්ශයෙන් , දියුණු මානසික ක්‍රියාවලියකින් ඇතිකළ යුත්තකි...
    එබැවින් වැරදිපාරේ ගොස් මානසික රෝගීන් වී සමාජගත වීමට නියමිත ශිෂ්‍ය නායකයන් හා හිංසාවට ලක් වන දරුවන්ද අපේ රටේ දරුවන්ය,,
    මේ තත්වය නිසා දුර්වල පෞරුෂ ඇති පුද්ගලයන් එක්වන්නේ අපේ සමාජයටයි....
    එබැවින් මේ සියළු දරුවන් මෙයින් මුදවා ගැනීම බලධාරීන්ගේ වගකීම මෙන්ම යුතුකමද වන අතර ඒ ගැන හඬ නැගීමට සමාජයම එක්විය යුතුය...
    ( මේ සියල්ල තවමත් සිදු වෙමින් පවතින ඔප්පු කළ හැකි සත්‍ය තොරතුරුය )

    copied from Facebook

    මගේ නිගමනය (Visalbro)- ලංකාවේ හැම එකාටම උඩට ගිහින් පහත ඉන්න එකාට හිරිහැර කිරීමෙ මානසික ව්කුර්තියක් ඇත
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අන්තිම නිගමනයට එකගයි.
    ඒත් ඒක උඩට යන්න ම ඕන නෑ.
    සේම් ලෙවල් එකෙ එකෙක් උඩට යද්දි කකුලෙන් ඉදින එකත් අදාලයි.

    මම දන්න සමහර එවුන් ඉන්නව
    ඌට වඩා පොඩි ශරීර ශක්තියෙන් අඩු එකෙක් අහු උනත් බයිට් එකට ගන්නවා බය කරල ඕන දේවල් කරගන්නවා මොකද ඌට අනිත් පැත්තට ගේම ඉල්ලන්න තරම් හයියක් නෑනෙ.

    මම සාමාන්‍යයෙන් ගරු කරන්නෙ නිහතමානී මානුෂීය මිනිස්සුන්ට විතරයි.එහෙම මිනිස්සු මට හම්බ වෙලා තියෙන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේක ඇත්ත. පොඩි එකාගෙ ඉස්කෝලෙ ඔය වගේ මැන්ටලයක් ඉන්නවා අනිත් පොඩි එවුන් බය කරගෙන. මාර කේනතියක් එන්නෙ. පොඩි එකෙක් නිසා මුකුත් කරන්නත් බෑනෙ.
     
    • Like
    Reactions: visalbro

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මෙහෙමනෙ ඇඟපත උස මහත දෙවලුත් ඒ වගෙම තමන්ට තියෙන කන්ක්ෂන් පවා බලපානවා.
    අපෙ ඉස්කොලෙ හිටියා ඇඟපත නැති උන් එත් උන් හිටියෙ අර මුඩුක්කු වල.
    උන්ගෙ පරපුරම ඉස්කොලෙ අවට පැති වල .
    ඉතිං ප්‍රිෆෙක්ට්ස් ලා උන්ට සද්දෙ දාන්න බයයි .
    මොකද කන්න වෙන නිසා.

    අපි ඉස්කොලවල් වල ඔව්වා අත් විඳලා තියෙනවා .
    ශිෂ්‍යනායකයන්ට ගහලත් තියෙනවා.
    අපි උන්ව ගණන් ගත්තෙ නැහැ .
    මොකද අපිටත් සෙට් හිටිය නිසා ඉස්කොලෙ ඇතුලෙ.
    අපෙ සෙට් එකෙ එකෙක්ට ප්‍රිෆෙක්ට් කෙනෙක් සීන් එකක් දැම්මොත් සෙට් එක පිටින් ගිහින් ඌට ගහනවා බස් හෝල්ට් එකෙදි .
    එහෙමයි අපි තියාගෙන හිටියෙ ඕකුන්ව.

    උන් කියන එව්වා අපි ගණන් ගත්තෙ නැහැ පස්සෙ උන්ටම එපා උනා.

    ලොකු වෙනකොටත් කියන්නෙ පොඩ්ඩක් පෞර්ෂ්‍ය හදන්න ඔනි ළමයාගෙ .

    මට නම් මහත ශරීරයක් නැහැ.
    හැබැයි අනික් උන්ව යටත් කරගන්න පුළුවන් විදියෙ ගොරොසු වොයිස් එකක් තියෙනවා.
    කන්ෆිඩන්ට් එකෙන් කතා කරනවා .
    පොලිසියෙ උන්ට පවා මන් සද්දෙ දාල තියෙනවා .
    එක නිසා එකෙක්වත් එන්නෙ නැහැ කිසි දෙයක් කියාගෙන .
     
    • Like
    Reactions: visalbro

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Api 11 iddith puduma puke amaru thiyana prefectla set ekak hitiya. Prashne ahanne gahala iwara wela.samaha ahinsaka ewn nikn guti kanwa. 1 idan gobbayo wage hitapu ponna pakayalata poddak power eka hambuna gamn podi kale idan karaganna bari una ewa podi ewn pitin yawanwa. Neddakin un.
     
    • Like
    Reactions: visalbro

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    මටත් ඕක ඕලෙවල් කරද්දි දෙන්න රෙඩි කරලා තිබුනා. ඊට කලින් ඉස්කෝලෙ කැලෑ පත්තර ගහල කැරල්ලක් කර නිසා නම කැපුවා. :lol: :lol: :lol: පස්සෙ ඒලෙවෙල් කරද්දි හෙඩ් ප්‍රිෆෙක්ට් ට යෝජනා වෙලා තිබුනා බැජ් දෙන්න කලින් කෙල්ලෙක් එක්ක බිල්ඩින් එකක් අස්සෙ ඉදලා මුර කාරයදැකලා ඌ කේලම කියලා එතනත් නම කපලා. නිකන්ම ප්‍රිෆෙක්ට් විතරයි ලැබුනෙ. ඒත් ඉතින් පිස්සුම තමයි කෙලියෙ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේක ඇත්ත. පොඩි එකාගෙ ඉස්කෝලෙ ඔය වගේ මැන්ටලයක් ඉන්නවා අනිත් පොඩි එවුන් බය කරගෙන. මාර කේනතියක් එන්නෙ. පොඩි එකෙක් නිසා මුකුත් කරන්නත් බෑනෙ.
    class meeting ekak daawase gihin baya karapan podi hukannawa
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    කතාව ඇත්ත.. අපේ නම් ප්‍රධාන සෙට් එකට ගන්නේ ඉස්කෝලෙන් අයින් උන අවුරුද්දේ සෙට් එකෙන්. උන් එච්චර අවුලක් නෑ , අර OL කාලේ මුලින්ම prefect වෙන පkaයොන්ගේ තමයි රැස් තිබ්බේ. .. සුපිරි ප්‍රධාන සිස්ය නායකයොත් දැකල තියනවා උන්ගේ ඒ quality නිසාම අද හොද තැන්වල ඉන්න. කොහොමත් ඉතින් ප්‍රධාන සිස්ය නායකයෝ කියන්නේ නම් අපේ ඉස්කෝලේ එළියෙන් දරුණු මැර ප්‍රහාර වලට ලක්වෙන්න නියමිත උන් සෙට් එකක් ඉස්කෝලේ තියන තැනත් එක්ක. :rofl:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    Method of appointment of Prefects in schools vary. If it's done on meritocracy that would be fine. But mostly it's done on favouritism and on teacher's vote. So b...suckers get positions as prefects.
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    "මගේ නිගමනය (Visalbro)- ලංකාවේ හැම එකාටම උඩට ගිහින් පහත ඉන්න එකාට හිරිහැර කිරීමෙ මානසික ව්කුර්තියක් ඇත"
    බහුතරය එහෙම තමයි, හොඳ මිනිස්සුත් ඉන්නව ඒත් ටිකයි
     
    • Like
    Reactions: Luntamus

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    අපේ ඉස්කෝලේ හෙඩ් ප්රිෆෙක්ට් ට එලියට එනකන් ඉඳල ගැහුවා නිල් වෙන්නම.. එදා ඉඳල උගෙන් කරදරයක් නෑ
    හැබැයි සමහ්ගර පොරවල් ඉන්නවා තාම ඉස්කොලේ මානසික මට්ටමෙන් ඉන්න එවුන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මටත් ඕක ඕලෙවල් කරද්දි දෙන්න රෙඩි කරලා තිබුනා. ඊට කලින් ඉස්කෝලෙ කැලෑ පත්තර ගහල කැරල්ලක් කර නිසා නම කැපුවා. :lol: :lol: :lol: පස්සෙ ඒලෙවෙල් කරද්දි හෙඩ් ප්‍රිෆෙක්ට් ට යෝජනා වෙලා තිබුනා බැජ් දෙන්න කලින් කෙල්ලෙක් එක්ක බිල්ඩින් එකක් අස්සෙ ඉදලා මුර කාරයදැකලා ඌ කේලම කියලා එතනත් නම කපලා. නිකන්ම ප්‍රිෆෙක්ට් විතරයි ලැබුනෙ. ඒත් ඉතින් පිස්සුම තමයි කෙලියෙ.
    Me inne manasika wikurthika dial ekak.owwa pitadi danna epa puthe api nam iskoledi nathu unata wada karana thanwala unta hoda return dunna
     
    • Haha
    Reactions: pathaleiretta

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ගුරුවරුන්ටත් ලේසියි ශිෂ්‍ය නායකයින් දම්මල විනය තියාගන්න එක.

    අවුලක් උනත් තමන් බේරිලා , මොකද දැන් ගුරුවරුන්ටත් ලේසි නෑ ප්‍රශ්නයක් ඇති වුනොත් ගැලවෙන්න, මානවහිමිකම් ගිහින් නේ නවතින්නේ.