පාසල් සිසුවියන්ට ‘ටැටු‘ පිස්සුවක්
මාතලේ දිස්ත්‍රික්යේ නගර වල ඇතැම් පාසල් ශිෂ්‍යාවන් අතර සුවඳ හමන ස්ටිකරයක් ප්‍රචලිත වී ඇති බවට මේවන විට තොරතුරු හෙළි වී තිබේ.
පාසල් ශිෂ්‍යාවන් හා උපකාරක පන්ති ශිෂ්‍යාවන් අතර ද වැඩි වශයෙන් වයස අවුරුදු 14ත් 16ත් අතර ශිෂ්‍යාවන් අතර මෙම ස්ටිකර් ප්‍රචලිත වී ඇත.
විවිධ රුප සහිත සුවඳ හමන මෙම ස්ටිකර් ශිෂ්‍යාවන් ‘පච්ච‘ ලෙස තම සිරුරු වල අලවා ගෙන ඇත. එම ස්ටිකරයේ ඇති සුවඳ දින ගණනක් වුවද පවතින අතර සිරුරේ ආවරණය වී ඇති ප්‍රදේශවල මෙම ස්ටිකර් අලවා ඇති බවත් මේ හේතුවෙන් එම ස්ටිකර් ඇලවූ ස්ථානයේ ආසාත්මිකතාවන් හටගෙන ඇති බවත් වාර්තා වෙයි.
මාතලේ හා ඒ අවට නගර කිහිපයක පොත් අලෙවි සැල් හා විසිතුරු භාණ්ඩ අලෙවිසැල්වල මෙම ස්ටිකර් විකිණීමට ඇති අතර ඒවා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බව මේවන විට පෙනී ගොස් ඇත.
අප මේ පිළිබඳ මාතලේ හා නාඋල පොලීසියෙන් විමසූ විට සඳහන් කළේ මේ පිළිබඳ තවමත් පැමිණිලි ලැබී නොමැති බවත් එසේ පැමිණිලි ලැබුණු සැණින් සොයා බලන බවත්ය.

එහෙමත් එකක්ද.