පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අලුත් ඉස්කෝලෙකට බාර දුන්න දවසේ...
    "ආ.. හා.... ඔයා අඬන්න එපා පැටියෝ,ඔයා නෙවෙයි ගෑනි මෙයා තමයි ගෑනි" කිය කියා අරුව නලවන්න ගත්තා. මිස් දැනගත්තා මට මුකුත් කිව්වනම් අරූට එහා වෙනවා කියලා, 'ඇයි උට්ට උට විතරද අඬන්න පුළුවන්':rolleyes:.

    :lol::lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    10 වසරෙදි අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු කුජීතම පන්තිය. කොටින්ම සමහර මිස්ල "මට ඒ පන්තියට යන්න බෑ" කියල ආවෙත් නෑ. ඒ නිසා පිනා 11 වසරේදි අපිව බාර දුන්නෙ ඉස්කෝලේ හිටපු සැරම සර් කෙනෙක්ට. ...

    Ape ohoma ekak kala nan sir karaya paredi guti kanawa
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මටත් තියෙනවා පාසැල් කාලයේදී මිස් කෙනෙක් ලබා දුන්න දඬුවමක අමිහිරි අත්දැකීමක්, වෙලාවක් තියෙනවනම් කස්ටිය කියවලා බැලුවට කමක් නැහැ. 18++++
    s4cghf.jpg

    සොරි ටීචර්
     
    Udana Gamage

    Member
    Feb 8, 2018
    10
    4
    0
    [FONT=&quot]මන් ගිය ඉස්කෝලෙ boys school එකක්.මේක[/FONT] [FONT=&quot]උනේ[/FONT] 7 [FONT=&quot]වසරෙදි[/FONT]. [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]සින්හල[/FONT] [FONT=&quot]කරේ[/FONT] [FONT=&quot]සුමනලතා[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]මිස්[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]මිස්[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]හොඳයි[/FONT] [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]වැරදි[/FONT] [FONT=&quot]කරොත්[/FONT] [FONT=&quot]දඩුවම්[/FONT] [FONT=&quot]සැරයි[/FONT].[FONT=&quot]එක[/FONT] [FONT=&quot]සැරයක්[/FONT] [FONT=&quot]ම්ස්[/FONT] [FONT=&quot]රචනාවක්[/FONT] [FONT=&quot]ලියන්[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]කිව්වා[/FONT]. [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]මමයි[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]දෙතන්[/FONT] [FONT=&quot]දෙනෙකයි[/FONT] [FONT=&quot]විතරයි[/FONT] [FONT=&quot]ලියලා[/FONT] [FONT=&quot]තිබුනෙ[/FONT].[FONT=&quot]මිස්[/FONT] [FONT=&quot]කිව්ව[/FONT] [FONT=&quot]ලියපු[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]ඔක්කොටම[/FONT] [FONT=&quot]නැගිටින්න[/FONT] [FONT=&quot]කියල[/FONT]​.[FONT=&quot]මිස්[/FONT] [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]වේවැල[/FONT] [FONT=&quot]ගෙනෙත්[/FONT] [FONT=&quot]තිබුනෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT].​[FONT=&quot]මිස්[/FONT] [FONT=&quot]පන්තිය[/FONT] [FONT=&quot]වටිෙම[/FONT] [FONT=&quot]බැලුව[/FONT] [FONT=&quot]ගහන්න[/FONT] [FONT=&quot]කෝට්ටක්[/FONT] [FONT=&quot]තියෙනවද[/FONT] [FONT=&quot]කියල[/FONT]​.[FONT=&quot]පන්තියෙ[/FONT] [FONT=&quot]පැත්තක[/FONT] [FONT=&quot]තිබුන[/FONT] [FONT=&quot]පන්තියෙ[/FONT] [FONT=&quot]ජනේලෙකින්[/FONT] [FONT=&quot]කැඩුණු[/FONT], [FONT=&quot]අර[/FONT] [FONT=&quot]ජනේලෙ[/FONT] open [FONT=&quot]කරාට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]රඳවල[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]යකඩ[/FONT] [FONT=&quot]පටයක්[/FONT].[FONT=&quot]මිස්[/FONT] [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]අතට[/FONT] [FONT=&quot]ගන්නකොට[/FONT] [FONT=&quot]කොල්ලො[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]සූ[/FONT]... [FONT=&quot]ගෑව[/FONT]​.[FONT=&quot]මිස්[/FONT] [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]හිටපු[/FONT] [FONT=&quot]එකාට[/FONT] [FONT=&quot]කිව්ව[/FONT] [FONT=&quot]හොඳට[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]අල්ලන්න[/FONT] [FONT=&quot]කියල[/FONT]​.[FONT=&quot]ඌට[/FONT] [FONT=&quot]දුන්න[/FONT] [FONT=&quot]චටාස්[/FONT] [FONT=&quot]ගාල[/FONT]​.[FONT=&quot]ඌ[/FONT] [FONT=&quot]වේදනාවට[/FONT] [FONT=&quot]උඩ[/FONT] [FONT=&quot]පැන්න[/FONT]​.[FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]මිස්[/FONT] [FONT=&quot]ඔක්කොටම[/FONT] [FONT=&quot]ගහගෙන[/FONT] [FONT=&quot]ගියා[/FONT].[FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]මුල්[/FONT] [FONT=&quot]එකාට[/FONT] [FONT=&quot]ගැහුවට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]සැර[/FONT] [FONT=&quot]අඩු[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]ගැහුවෙ[/FONT].[FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]කොල්ලො[/FONT] [FONT=&quot]අත්[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]පිඹ[/FONT] [FONT=&quot]පිඹ[/FONT] [FONT=&quot]හිටිය​.ඊට පස්සෙ මිස් කිව්ව 'හරි දැන් අනිත් අතටත් ගහනව​' කියල​.මිස් කිව්ව මුල් එක්කෙනාට ඕන නෑ,එයාට කලින් සැරේ හොඳට වැදුන කියල​.මිස් ඊට පස්සෙ මුල් එකාට නැතව අනිත් උන්ට අනික් අතටත් ගැහුව​.එදානන් ලමයි 30ක් විතර ගුටි කෑවා.[/FONT]
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    හහා සේම් හියර්....හරියටම 2003 ජනවාරි 23.....දවස හොදටම මතකයි....අපි නන් ලොකු අවුලක් ගියේ නෑ ගෙදර ඉදම්මනේ ගියේ...පලවෙනි සති 2 වගේ නන් අවුරුද්දක් ගියා වගේ....පට්ට සීතලක් ජනවාරියෙ අනික...වෑන් එහෙක ගියේ....අපේ සෙක්සන් හෙඩා නන් දේසනයක් දුන්නා අපිව වෙන් කරලා ගියපු වෙලේ.........''ඔව් මේ ශිශ්‍යත්වධාරීන් දැනගන්ඩ ඕන අද ඉදන්.........''
    මන් බැලුව මේ මොනුන්ද යකෝ, ශිෂ්‍යත්වධාරීන්....ආආ....
    පළවෙනි දවස ඔහොම ශේප් එකේ ගියා ඉතින්....හම්මේ ඒ කාලේ....
    92ද ඉපදුනේ..

    ඔව් බං 92, මාත් ගෙදර ඉඳන්මයි ගියේ, අපේ ස්කූල් බස් එක ආතල් ඉස්කොලෙටත් වඩා,පැයක්ම බස් එකේ ඉන්නවනේ. කුණුහරප කතා, වතුර ගැහිලි, චුට්ට ඇත්තන් ට්‍රිගර් වෙන කෙල්ලෝ, අපිට කුණුහරප කතා කියල දෙන අක්කලා, වලි, බුතයා ගැහිලි ඔක්කොම එක්ක පට්ට ආතල් එකක් ගත්තේ බං.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    O/L කාලේ මගේ පන්තියේ කොල්ලෝ සෙට් එක ඉන්න පැත්තේ එක කෙල්ලෝ පෝලිමක් දාලා හිටියා ඉඩ මදි නිසා. ඒ කෙල්ලෝ පෝලිම සෙට් උනේ Rockstar පැණියගේ පෝලිම ඉස්සරහට :P දැන් මේ කෙල්ලෝ 3න් මැද ඉන්න කෙල්ල එක්ක චිට් යවනවා එක එක විකාර (දන්නේ නැද්ද ඉතින් :rolleyes:) ඔහොම ඉන්නකොට අපිට බුද්ධාගම උගන්නන හාමුදුරුවෝ ගොඩක් සැරයි.
    ඒ හාමුදුරුවෝ ම දවසක් කිව්වා කෙල්ලෙක් හිටියාලු ගුරුවරු සැර කළාම කලන්තේ දාන , හාමුදුරුවෝ කසාය දුන්නලු ඊට පස්සේ ලෙඩේ කොයින් ගියාද දන්නෑ කියලා:rofl: දැන් හාමුදුරුවෝ පන්තියේ උගන්නවා , මං මේ අතරේ කෙල්ලගෙ අත යටින් ඒකි එක්ක චිට් ලියනවා.එක චිට් එකක් ලියලා මාත් ගොනා වගේ කෙල්ලගේ අතට කිට්ටු කළා(චිට් එකෙන් අතට ඇනලා signal දෙන්නේ ගන්නෙයි කියලා;) ) කරුමෙට චිට් එකේ කොනක් උල් වෙලා අර කෙල්ලට ටච් එක දුන්න පාර ඒ කෙල්ල උඩ ගිහින් විසික් උනා කියහන්කෝ. හාමුදුරුවෝ එක පාරට ම "මොකද ඔය ළමයා" කියලා මගෙන් ඇහුවා හදවතේ RPM ගියා රතු කට්ටෙත් පනිනකම්:shocked: පස්සේ කෙල්ලම ශේප් කළා මගේ අච්චු පොතේ කොනක් වැදිලා කියලා, හම්මෝ එදා නම් :lol:
    තව දවසක් යාළුවෙකුයි මායි ඉංග්‍රීසි මිස් වැඩක් දීලා , ඒක අපි ඉවර කරලා හිටියා.(මිස් දන්නෑ) මං try කරපු නංගි කෙනෙක්ගේ details හොයලා දුන්නා අරූ. අපි දෙන්නම සන්තෝසෙට කෑගැහුවා නිකන් අර ශොක් වෙලා කෑගහන්නේ එකට "හෑ..ඈ..." කියලා :lol: අරූව තමා මාට්ටු :rofl: මිස් හොද හින්දා බැන්නේ නෑ ඉතින් :love:

    තව තියෙනවා O/L කාලේ ඒවා නම් , A/L වල එහෙම ලොකු මෙව්වා උනේ නෑ ඉතින් :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    දවසක් එකෙක්ට ලෙඩවෙලා ගෙදර අරන් යන්න උනා මටයි තව දෙන්නේක්ටයි යන්න කියලා ලියුමක් ලියගෙන එන්න කිව්වා නම දාලා මම ලිව්වා ලිවුම පේලි දෙක තුනක් තියල අත්සන් කරලා වයිස් ප්‍රින්සිප්ල්ගේ අත්සන ගත්තා , :cool::cool:
    අරගෙන ලිව්වා තව නම් 5ක් :P
    දැන් එනවා ළමයි 8ක් බැකුත් එක්ක පේලියට
    දුන්නා ලියුම සික්කට :rolleyes:
    ලෙඩ වෙච්ච ළමයෙක් අරින්න 8 දෙනෙක් යනවද ඇහුව:baffled::baffled:
    කරුමෙට එලියට ගිය සිර කෙනෙක් එතනට අවා අපෙන් ඇයි ඇහුවා දැන් නම් කට්ටියට චු යනවා :sorry::sorry::sorry:
    sirta වැඩේ තේරිලා principlgawata යමු කිව්වා ගියා:shocked::shocked:

    ලස්සනට උපදෙස් ටිකක් දුන්නා අහල පහලින් ගිය අයට ඇඩේන්න :sorry::sorry:

    උන හැදුනු එකත් එක්ක අපි සේරමලා දණහිස් ඔබාගෙන .පාසල් කාර්යාලය ඉදිරිපිට සිටි අතර :yes::yes:
    මාගේ ටිකිරි මොලයට සැවොම ස්තුතිය ප්‍රකාශ කළහ ;)
     
    • Haha
    Reactions: Tom Cat

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අලුත් ඉස්කෝලෙකට බාර දුන්න දවසේ උදේ රැස්වීම ඉවර වෙනකොටම වැරැද්දකට සෙක්ෂන් හෙඩ්ගේ ඔෆිස් එකට ගෙනිච්ච එකෙක් දන්නවද? මේ ඉන්නේ එහෙම එකෙක් තමයි.:rofl:
    .......................................................

    මේකත් ලියලා තියන විදිය නියමයි. :D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    O/L කාලේ IT උගන්නන මිස් කෙනෙක් හිටියා පට්ට ලස්සනයි. හැබැයි පට්ටම නපුරුයි වසයි. කෙල්ල වගේ ලස්සනට හිටියට කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ ඒකිගෙ වස පාටයි නපුරු වැඩයි නිසා. :oo:
    දවසක් අපි පිටිපස්සෙම සෙට් එක හිස් පීරියඩ් එකක් තිබ්බා රස්තියාදු පාරක් දැම්මා. ඊලගට තියෙන්නේ IT පීරියඩ් එක.
    බෙල් එක ගැහුවම අපි හිටපු තැන් වලින් ආයේ පංතියට එන්න ගත්තා. අපි පංතියට ආවම මේකි වේලපහින්ම ඇවිත්
    උගන්නන්න පටන් අරගෙන.:angry:
    අපි සෙට් එකත් ඉතින් වැඩි අවුලක් නෑනේ බෙල් එක දැන්නෙ ගැහුවෙ කියලා හිතාගෙන පංතිය ඇතුලට ආවා.
    හම්මට මේකි එකපාරටම ආච්චි වැහිලා වගේ "ආ උබලා ආවද, උබලා එනකල් තමයි මං බලන් හිටියේ" කියලා කිව්වා. අපේ එකෙක් මේකිගෙ ඇක්ෂන් දැකලා හිනා උනා. තවත් මල පැන්නා.
    කට්ටියටම පෝළිමේ ඉන්න කිව්වා පංතිය ඉස්සරහා.:baffled:
    හිනා උන එකාට කනට එකක් දුන්නා චටාස් ගාලා. අපිට පිට පැත්ත හරෝලා යකින්නියක් වගේ අතින් ගහගෙන ගහගෙන ගියා. ගෙදර ඇවිත් ෂර්ට් එක ගලෝලා බලනකොට ඒකිගෙ නියපොතු පාරවලුත් හිටලා..:shocked::shocked:

    තව එකක්..:love:

    මම 8 වසරෙදි අලුත් ඉස්කෝලෙකට බාර දුන්නා. එචා සදුදා දවසක්. රැස්වීම ඉවරවෙලා පංතිවලට ආවා. මට දැන් නිකං හොල්මං වගේ. ඇයි එකෙක්වත් අදුරන්නෙත් නෑ කම්මැලි කමෙත් බෑ..
    උදේ පාන්දර දැන් පංතියේ ඉන්නවා අනිත් උන් පිස්සු කෙල කෙල. අනික හිස් පීරියඩ් එකක් ඒකත්..
    ඔය කාලේ තමයිනේ ඉතින් එක එකා කුනුහරප වචන ඉගෙන ගන්න කාලේ...:D:D

    මම දැන් පාඩුවේ පංතියේ ඉදගෙන ඉන්නවා තව එකෙකුත් මගෙ එහා පැත්තෙ ඉන්නවා. අපි දෙන්නා ඇර අනිත් උන් ඔක්කොම පංතියෙ හැම තැනම පිස්සු කෙලිනවා අලුත් කුනුහරප වචන කිය කිය කෑ ගහනවා.
    සමහරැන්ට ඔය වචන අලුත් නිසා තේරුම් දන්නේ නෑ ඔහේ හයියෙන් කෑ ගහලා හිනා වෙනවා.
    ඔය අස්සෙ පන්තිය ඉස්සරහින් වයිස් පිනා ගියා. මම නම් දැක්කා. ටික දෙනෙකුත් දැක්කා පිනාව.ඒත් එකෙක් දැක්කේ නෑ.:shocked:
    පිනා පංතිය ඉස්සරහින් යනවත් එක්කම ඌ හු#තෝ කියලා කෑ ගැහුවා. පිනා දැක්කෙ නෑ කව්ද කෑ ගැහුවේ කියලා. ඇස්ගෙඩි දෙකත් ලොකු කරන් පිනා ආවා පංතිය ඇතුලට කඩාගෙව. මුලු ඉස්කෝලෙටම ඇහෙන්න කෑ ගහලා ඇහුවා කවුද ඒක කිව්වේ කියලා. :angry::angry:

    ටඋකන්ඩ මුලු පංතියෙම උන් මගෙ පැත්ත හැරුනා කියපන්කෝ .ඒමදිවට මට එහායින් හිටපු එකත් මගෙ දිහා බැලුවා කරුමෙටම. ඔච්චර වෙලා නෝමල් එකේ හිටපු මට එක පාරටම දාඩිය දාලා අමුතු වෙන්න ගත්තා. දැන් මට තේරෙනවා මට බඩු පැකට් එකක්ම හම්බවෙන්නයි යන්නෙ කියලා.
    පිනා ලගටම ඇවිත් කිව්වා "නැගටපිය" කියලා. මට ඒ වෙලාවේ නැගිට ගන්නත් පන නෑ වගේ. අමාරුවෙන් ඩෙස් එක අල්ලන් නැගිට්ටා.:D

    පිනා මුකුත් ඇහුවෙ නෑ උබ මටද කිව්වේ/ ඇයි කෑ ගැහුවේ/ උබද කිව්වේ කියලා.
    දුන්නා කනේ පාරක් කැරකිලා විසිවෙලා ගිහින් මට එහාහින් හිටපු එකාගෙ ඇග උඩට වැටුනා. කන අල්ලගෙනම මම ආයේ කෙලින් උනා. පිනා ආයේ පාරක් දෙන්න හදලා ඌ දැනගත්තා මම එකෙන් ඩවුන් තව එකක් දුන්නොත් මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙනවා කියලා.:yes:
    ඊට පස්සෙ පලු යන්න බැන්නා. හැබැයි සීන් එක කියන්නේ ඌ දන්නේ නෑ මම අද තමයි ඉස්කෝලෙට ආවේ මම අලුත් කියලා. මම ඔව්වා මොකුත් කියන්න ගියේ නෑ. මොකද මට කතා කරන්න පනත් නෑ කතා කරන්න ගියොත් තව ෂොට් එකක් ෂුවර් නිසා කට වහන් හිටියා.
    අන්තිමට පිනා පලු යන්න බැනලා හෙට අම්මවයි තාත්තවයි එක්කගෙන වරෙන් අනිවාර්යෙන් කියලා යන්න ගියා.:rolleyes:
    අමතක වෙන්නෙම නැති එකක් තමයි ඕක.
     
    Last edited:
    • Wow
    Reactions: Tom Cat

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ටඋකන්ඩ මුලු පංතියෙම උන් මගෙ පැත්ත හැරුනා කියපන්කෝ .ඒමදිවට මට එහායින් හිටපු එකත් මගෙ දිහා බැලුවා කරුමෙටම. ඔච්චර වෙලා නෝමල් එකේ හිටපු මට එක පාරටම දාඩිය දාලා අමුතු වෙන්න ගත්තා. .[/B]

    හප්පෝ මේ වගේම කුජීත සීන් එකක් මටත් උනා..:sorry:
    වෙලාවක් ලැබුණාම ලියන්නං..
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    O/L කාලේ IT උගන්නන මිස් කෙනෙක් හිටියා පට්ට ලස්සනයි. හැබැයි පට්ටම නපුරුයි වසයි. කෙල්ල වගේ ලස්සනට හිටියට කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ ඒකිගෙ වස පාටයි නපුරු වැඩයි නිසා. :oo:
    දවසක් අපි පිටිපස්සෙම සෙට් එක හිස් පීරියඩ් එකක් තිබ්බා රස්තියාදු පාරක් දැම්මා. ඊලගට තියෙන්නේ IT පීරියඩ් එක.
    බෙල් එක ගැහුවම අපි හිටපු තැන් වලින් ආයේ පංතියට එන්න ගත්තා. අපි පංතියට ආවම මේකි වේලපහින්ම ඇවිත්
    උගන්නන්න පටන් අරගෙන.:angry:
    අපි සෙට් එකත් ඉතින් වැඩි අවුලක් නෑනේ බෙල් එක දැන්නෙ ගැහුවෙ කියලා හිතාගෙන පංතිය ඇතුලට ආවා.
    හම්මට මේකි එකපාරටම ආච්චි වැහිලා වගේ "ආ උබලා ආවද, උබලා එනකල් තමයි මං බලන් හිටියේ" කියලා කිව්වා. අපේ එකෙක් මේකිගෙ ඇක්ෂන් දැකලා හිනා උනා. තවත් මල පැන්නා.
    කට්ටියටම පෝළිමේ ඉන්න කිව්වා පංතිය ඉස්සරහා.:baffled:
    හිනා උන එකාට කනට එකක් දුන්නා චටාස් ගාලා. අපිට පිට පැත්ත හරෝලා යකින්නියක් වගේ අතින් ගහගෙන ගහගෙන ගියා. ගෙදර ඇවිත් ෂර්ට් එක ගලෝලා බලනකොට ඒකිගෙ නියපොතු පාරවලුත් හිටලා..:shocked::shocked:

    තව එකක්..:love:

    මම 8 වසරෙදි අලුත් ඉස්කෝලෙකට බාර දුන්නා. එචා සදුදා දවසක්. රැස්වීම ඉවරවෙලා පංතිවලට ආවා. මට දැන් නිකං හොල්මං වගේ. ඇයි එකෙක්වත් අදුරන්නෙත් නෑ කම්මැලි කමෙත් බෑ..
    උදේ පාන්දර දැන් පංතියේ ඉන්නවා අනිත් උන් පිස්සු කෙල කෙල. අනික හිස් පීරියඩ් එකක් ඒකත්..
    ඔය කාලේ තමයිනේ ඉතින් එක එකා කුනුහරප වචන ඉගෙන ගන්න කාලේ...:D:D

    මම දැන් පාඩුවේ පංතියේ ඉදගෙන ඉන්නවා තව එකෙකුත් මගෙ එහා පැත්තෙ ඉන්නවා. අපි දෙන්නා ඇර අනිත් උන් ඔක්කොම පංතියෙ හැම තැනම පිස්සු කෙලිනවා අලුත් කුනුහරප වචන කිය කිය කෑ ගහනවා.
    සමහරැන්ට ඔය වචන අලුත් නිසා තේරුම් දන්නේ නෑ ඔහේ හයියෙන් කෑ ගහලා හිනා වෙනවා.
    ඔය අස්සෙ පන්තිය ඉස්සරහින් වයිස් පිනා ගියා. මම නම් දැක්කා. ටික දෙනෙකුත් දැක්කා පිනාව.ඒත් එකෙක් දැක්කේ නෑ.:shocked:
    පිනා පංතිය ඉස්සරහින් යනවත් එක්කම ඌ හු#තෝ කියලා කෑ ගැහුවා. පිනා දැක්කෙ නෑ කව්ද කෑ ගැහුවේ කියලා. ඇස්ගෙඩි දෙකත් ලොකු කරන් පිනා ආවා පංතිය ඇතුලට කඩාගෙව. මුලු ඉස්කෝලෙටම ඇහෙන්න කෑ ගහලා ඇහුවා කවුද ඒක කිව්වේ කියලා. :angry::angry:

    ටඋකන්ඩ මුලු පංතියෙම උන් මගෙ පැත්ත හැරුනා කියපන්කෝ .ඒමදිවට මට එහායින් හිටපු එකත් මගෙ දිහා බැලුවා කරුමෙටම. ඔච්චර වෙලා නෝමල් එකේ හිටපු මට එක පාරටම දාඩිය දාලා අමුතු වෙන්න ගත්තා. දැන් මට තේරෙනවා මට බඩු පැකට් එකක්ම හම්බවෙන්නයි යන්නෙ කියලා.
    පිනා ලගටම ඇවිත් කිව්වා "නැගටපිය" කියලා. මට ඒ වෙලාවේ නැගිට ගන්නත් පන නෑ වගේ. අමාරුවෙන් ඩෙස් එක අල්ලන් නැගිට්ටා.:D

    පිනා මුකුත් ඇහුවෙ නෑ උබ මටද කිව්වේ/ ඇයි කෑ ගැහුවේ/ උබද කිව්වේ කියලා.
    දුන්නා කනේ පාරක් කැරකිලා විසිවෙලා ගිහින් මට එහාහින් හිටපු එකාගෙ ඇග උඩට වැටුනා. කන අල්ලගෙනම මම ආයේ කෙලින් උනා. පිනා ආයේ පාරක් දෙන්න හදලා ඌ දැනගත්තා මම එකෙන් ඩවුන් තව එකක් දුන්නොත් මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙනවා කියලා.:yes:
    ඊට පස්සෙ පලු යන්න බැන්නා. හැබැයි සීන් එක කියන්නේ ඌ දන්නේ නෑ මම අද තමයි ඉස්කෝලෙට ආවේ මම අලුත් කියලා. මම ඔව්වා මොකුත් කියන්න ගියේ නෑ. මොකද මට කතා කරන්න පනත් නෑ කතා කරන්න ගියොත් තව ෂොට් එකක් ෂුවර් නිසා කට වහන් හිටියා.
    අන්තිමට පිනා පලු යන්න බැනලා හෙට අම්මවයි තාත්තවයි එක්කගෙන වරෙන් අනිවාර්යෙන් කියලා යන්න ගියා.:rolleyes:
    අමතක වෙන්නෙම නැති එකක් තමයි ඕක.
    :sorry::sorry: same here
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔව් බං 92, මාත් ගෙදර ඉඳන්මයි ගියේ, අපේ ස්කූල් බස් එක ආතල් ඉස්කොලෙටත් වඩා,පැයක්ම බස් එකේ ඉන්නවනේ. කුණුහරප කතා, වතුර ගැහිලි, චුට්ට ඇත්තන් ට්‍රිගර් වෙන කෙල්ලෝ, අපිට කුණුහරප කතා කියල දෙන අක්කලා, වලි, බුතයා ගැහිලි ඔක්කොම එක්ක පට්ට ආතල් එකක් ගත්තේ බං.

    ඔව් පට්ට ආතල් කාලයක් ඒක...ගමේ ඉස්කෝලෙ දාල යන එක තමා ඒ කාලේ අමාරුම වැඩේ උනේ...අපේ වෑන් එකේ අන්කල්කාරය වෑන් එක නවත්තන පොට් එකක් තිබ්බා...කුණු ඇලක් ගාව....අපිත් ඉතින් කලින් ඇරිච්ච දවස් වලට ඔතෙන්ට යනව ඇවිදගෙන.......
    කුණු ඇලට අපි කියන්නෙ බූ ඇල කියල...පොර වෑන් එක නවත්තගෙන ඉන්න හන්දා, අන්කකාරයගෙ බූ ඇල ඔෆිස් එක කියල කීවේ..12 විතර ඇරුනම ඔතෙන්ට ගිහින් පැය 2ක් විතර ඉන්නවා....පිස්සෝ වගේ,ගස් වල ගෙඩි කඩ කඩා....නිවාඩු දෙන දවස් වලට මෑන් හැමදාම පාටියක් දෙනව ළමයින්ට...ඒකත් පට්ටම ආතල්...යුද්දෙ අන්තිම කාලෙ වගේ, අපේ ඉස්කොලේ බෝම්බයක් තියෙනවා කියල කෝල් එකක් ආවා...ඔක්කොම එලියට දැම්ම පන්ති වලින්...බෝම්බ් ඩිස්පෝසල් එකෙන් ඇවිල්ලා සීන් එක ක්ලියර් කරනකන් ඔක්කොම එලියේ...දැන් නන් එහෙම බයක් නෑ පොඩි එවුන්ට....
     
    • Like
    Reactions: wiky123 and HSW

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    අම්බෝ යකෝ කියනවා නම් කියන්න දේවල් බර ගාණක් තියෙනවා :rofl::rofl:

    අපි ඒ ලෙවල් කරන මුල් කාලේ වගේ IT Day එක තිබ්බා. අපි තමා ඉතින් පුරෝගාමියෝ. වැඩ ගොඩ, කොහොම හරි අපිට ඒකේ වැඩ වලට වෙනම ලැබ් එකක් දීලා තිබ්බා ඒ දවසට විතරක්. ඕක ඇතුලේ අපේ එවුන් සෙට් එකක් කාඩ් ගහනවා දැන්. මායි තව 4 5 දෙනෙක් එලියේ හිටියා රිමෝට් කාර් එකක් PC එකකින් Control කරන සිස්ටම් එකක් ටෙස්ට් කර කර. එක පාරටම ඉස්කෝලේ වයිස් පිනා මතු වුනා. පොර පට්ටම වස චරිතයක්, එකෙක්ට වත් පේන්න බෑ වැරද්දක් හොයලා හරි ගහන ටයිප්. අපේ එවුන් බූලා කියලා කිව්වේ. මූ එනවා දැක්ක ගමන් මගෙත් එක්ක හිටි තව එකෙකුයි මායි සෙනික ඇතුලට ආව ලැබ් එකේ අරුන් සෙට් එකට කාඩ් ටික හංඟගනින් කියන්න. මේකා සෙනික ගිහින් කිව්වා "අඩෝ බූලා එනවා බූලා එනවා කියලා" දැන් ඔන්න අරුන් ටික කාර්ඩ් හංඟලා කිසි දෙයක් නොවුන ගානට ඉන්නවා. මූ ඇතුලට ඇවිත් බැලුවා වට පිට, හැමෝම මොකුත් නොවුන ගානට වැඩ තම තමන්ගේ. මූ ටිකක් වට පිට බලලා ඇහුවා "කවුද එලියේ ඉඳලා ඇතුලට ආව 4 දෙනා?" කියලා. එතකොටයි දන්නේ 4ක් ඇවිත් කියලා ඇතුලට. දැන් එකෙක් සද්ද නෑ. මූ දැන් දිගටම අහනවා කවුද කියලා. දැන් එකෙක් වත් කිව්වේ නෑ. මූ දැන් දත්මිටි කනවා කියන්නේ නැති නිසා. පස්සේ මූ කිව්වා දැන්ම ලැබ් එකෙන් පලයව් එලියට IT Day එක මෙතනින් නවත්තනවා කියලා. දැන් එහෙම කරන්නත් බෑ. අනික් ඉස්කෝල 8ක් වගේ ඇවිත් ඉන්නේ ප්‍රසන්ටේශන් අරවා මේවා ගොඩයි. දුන්න ටෝක් හැටියට ඕක කරලා ගොඩ දාගන්නත් එපයි. පස්සේ දැන් අපේ එවුන්ට ඇඬෙන්න වගේ. ඕන බම්බුවක් කියලා මං කිව්වා "සර් මම ඇතුලට ආවේ" කියලා. පොර කිව්වා එන්න කියලා. වැඩේ කියන්නේ පොර මාව පෞද්ගලිකව දන්නවා අපේ ගෙදර ඇවිත් තියෙනවා කීප සැරයක්ම, පොර මට කලින් කියලාත් තිබ්බේ හොර වැඩ කරලා අහු වෙන්න එපා අඳුනනවා කියලා අතාරින් නෑ බ්ලාහ් බ්ලාහ්. මං ගිය ගමන් දුන්නා කනට එකක් මගේ ෆුල් හින්දුස්තාන් වෙන්න. අනික් අතට තව එකක් දුන්නා. දීලා කිව්වා අනික් උන් කවුද කියපන් කියලා. මං කිව්වේ නෑ. මූ තව 6ක් විතර ගැහුවා කනට. මං ඒ කිව්වේත් නෑ. පස්සේ මූ ආයේ කිව්වා කියන්නේ නැත්තම් පරණ විදියමයි, කට්ටියම පලයව් එලියට කියලා. ඒ පාර කරන්න දෙයක් නැති කොට මගේ එහා පැත්තෙන් ආව එකාව පෙන්නුවා. ඌටත් ආව ගමන් පටේරියන් ගාලා දුන්නා කනට එකක් (පස්සේ ඌ පෙන්නුවා උගේ කම්මුලේ කට ඇතුල් පැත්ත පැලිලා වැදුන පාරට). මට දැන ඇඳුනුම්කම නිසාද දන්නේ නෑ එහෙම සැරට පාරවල් වැදුනේ නෑ. සීන් එක වෙලා තියෙන්නේ අරු අර බූලා එනවා කියලා කිව්ව එක අරූට ඇහිලා. ඒකේ මල තිබිලා තියෙන්නේ. මූ පස්සේ කියලා ගියා ක්ලබ් එකේ ලේකමාට බූලා කිව්ව එකාට ඇවිත් සමාව ගන්න කියලා. පස්සේ කිව්ව එකයි මායි දෙන්නම ගියා ඔෆිස් එකට. මගේ යාලුවා අරූට වැඳලා සමාව ගත්තා. දැන් අරූට හෙන අවුල මට ගැහුව එකට. මං මූනවත් බැලුවේ නෑ පොරගේ. පස්සේ කියනවා මං ඉතින් තරහා ගියාම හොයන්නේ බලන්නේ නෑ අහුවුන කෙනාට ගහනවා. ඒ වගේ දේවල් ඉතින් වෙනවානේ බ්ලාහ් බ්ලාහ්. කොහොම හරි ගොඩ දාගත්තා එදා වැඩේ. හැබැයි එදයින් පස්සේ අරූ අපේ ගෙදර ආව වෙලාවකවත් මං නෙමෙයි ගනන් ගත්තේ :yes::yes:
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් පට්ට ආතල් කාලයක් ඒක...ගමේ ඉස්කෝලෙ දාල යන එක තමා ඒ කාලේ අමාරුම වැඩේ උනේ...අපේ වෑන් එකේ අන්කල්කාරය වෑන් එක නවත්තන පොට් එකක් තිබ්බා...කුණු ඇලක් ගාව....අපිත් ඉතින් කලින් ඇරිච්ච දවස් වලට ඔතෙන්ට යනව ඇවිදගෙන.......
    කුණු ඇලට අපි කියන්නෙ බූ ඇල කියල...පොර වෑන් එක නවත්තගෙන ඉන්න හන්දා, අන්කකාරයගෙ බූ ඇල ඔෆිස් එක කියල කීවේ..12 විතර ඇරුනම ඔතෙන්ට ගිහින් පැය 2ක් විතර ඉන්නවා....පිස්සෝ වගේ,ගස් වල ගෙඩි කඩ කඩා....නිවාඩු දෙන දවස් වලට මෑන් හැමදාම පාටියක් දෙනව ළමයින්ට...ඒකත් පට්ටම ආතල්...යුද්දෙ අන්තිම කාලෙ වගේ, අපේ ඉස්කොලේ බෝම්බයක් තියෙනවා කියල කෝල් එකක් ආවා...ඔක්කොම එලියට දැම්ම පන්ති වලින්...බෝම්බ් ඩිස්පෝසල් එකෙන් ඇවිල්ලා සීන් එක ක්ලියර් කරනකන් ඔක්කොම එලියේ...දැන් නන් එහෙම බයක් නෑ පොඩි එවුන්ට....
    Girls school එක අරෙනකන් ද van එක ඉන්නේ? මම හිතන්නේ මම ඉස්කෝලෙත් දන්නවා.