පාස්ටා කිව්වම ඉතින් අපේ අය කැරට් ලීක්ස් ටිකක් කපල දාල තෙම්පරාදුවක් දාල අපේ රසට නූඩ්ල්ස් වගේම හදාගන්න එකනෙ කරන්නෙ. එහෙම නෙවෙයි මේ කියන්න හදන්නෙ නියම ඉතාලි රසට ලේසියෙන්ම ගෙදරදීම කොහොමද පාස්ටා හදාගන්නෙ කියල. හැමදාම එකම විදියට කන එකේ වෙනසකටත් එක්ක ඔරිජිනල් ඉතාලියානු රසට හදලම බලමු නේද?
පාස්ටා වල හැඩය අනුව ඒවට එක එක නම් කියනව කියල කට්ටිය දන්නව ඇතිනෙ. නොදන්න අයට බලාගන්න පහලින් චාර්ට් එකක් දාල ඇති. මේ පාස්ටා ඩිශස් වල නම් වලට එන්නෙ පාස්ටා වල හැඩය අනුව වෙනස් වෙන නම් තමයි.
1. Baked Ziti Pasta in Meat Sauce
අවශ්‍ය ද්‍රව්‍ය
2. Penne a la Vodka
අවශ්‍ය ද්‍රව්‍ය
3. Baked Ziti with Sausage
අවශ්‍ය ද්‍රව්‍ය
4. Penne Pasta with Mushroom in White Cheese Sauce
අවශ්‍ය ද්‍රව්‍ය
5. Macaroni Pudding- Dessert
අවශ්‍ය ද්‍රව්‍ය
http://www.aniwa.lk
පාස්ටා වල හැඩය අනුව ඒවට එක එක නම් කියනව කියල කට්ටිය දන්නව ඇතිනෙ. නොදන්න අයට බලාගන්න පහලින් චාර්ට් එකක් දාල ඇති. මේ පාස්ටා ඩිශස් වල නම් වලට එන්නෙ පාස්ටා වල හැඩය අනුව වෙනස් වෙන නම් තමයි.
1. Baked Ziti Pasta in Meat Sauce
අවශ්‍ය ද්‍රව්‍ය
- Ziti පාස්ටා 450g
- ඔලිව් ඔයිල් මේස හැඳි 1 1\2 (එළවළු තෙල් ගන්නත් පුළුවන්)
- පෙති කපාගත් ළූණු ගෙඩියක්
- තලාගත් සුදු ළූණු බික් 4ක්
- අඹරාගත් මස් 250g (කැමති මස් වර්ගයක්)
- පාස්ටා සෝස් කප් 3
- මොසරැල්ලා චීස් 400g
- රෝස්මරි තේ හැන්දක් (සුපර් මාකට් වලින් ලබාගත හැක)
- ග්‍රේට් කරගත් පාර්මසන් චීස් මේස හැඳි 2
- පැකට්ටුවේ සඳහන් ආකාරයට පාස්ටා ටික තම්බා ගන්න. (ඔබ ගන්නා බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට තම්බා ගන්න වෙලාව වෙනස් විය හැක.)
- ඔලිව් ඔයිල් ටික බඳුනක දමා රත් වෙන්නට හැර එයට ළූණු ටික එක් කර තෙම්පරාදු කරගන්න. එයටම රෝස්මරී සහ සුදුළූණු එක් කර තෙම්පරාදු කර වෙන බඳුනකට දමා ගන්න.
- තෙම්පරාදු කරගත් බඳුනටම අඹරා ගත් මස් එක් කර විටින් විට කලවම් කරමින් පිසගන්න. එයටම තෙම්පරාදු කරගත් ළූණු සහ පාස්ටා සෝස් එක් කර මිශ්‍ර කර විනාඩි 10ක් මද ගින්නේ පිසගන්න.
- අවන් එක සෙල්සියස් 170ට ප්‍රීහීට් වෙන්න තියාගන්න. බේකින් ට්‍රේ එකක බටර් තවරා තම්බාගත් පාස්ටා වලින් භාගයක් එයට දමාගන්න. එයට උඩින් මොසරැල්ල චීස් වලින් භාගයක් සහ සදාගත් මස් මිශ්‍රණයෙන් භාගෙකට අඩු ප්‍රමාණයක් තට්ටු (Layers) හැටියට දමා ගන්න.
- එයට උඩින් ඉතිරි පාස්ටා ටිකත්, මොසරැල්ලා චීස් ටිකත්, ඉතිරි මස් මිශ්‍රණයත් වශයෙන් පිළිවෙලින් ලේයර්ස් දමා අවසානයට උඩින් පාර්මසන් චීස් ඉස ගෙන අවන් එකට දමා විනාඩි 20ක් බේක් කරගන්න.
2. Penne a la Vodka
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව් ඔයිල් මේස හැඳි 2
- සුදු ළූණු බික් 2
- පොතු හැරගත් තක්කලි 700g (තක්කලි ගෙඩිය උණුවතුරට දමා විනාඩි කීපයක් තබා පොතු හැරගන්න)
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- Penne පාස්ටා 450g
- ෆ්‍රෙශ් මිල්ක් 400ml
- කෝන් ෆ්ලා මේස හැන්දක්
- වොඩ්කා කප් 1/4
- ඔලිව් ඔයිල් ටික රත් වෙන්න හැර එයට තලාගත් සුදු ළූණු එක් කර බැදෙන්න හරින්න. එයටම පොඩි කරගත් තක්කලි එක් කර කලවම් කරගන්න.
- එයට ලුණු සහ ගම්මිරිස් එක් කර වොඩ්කා කප් කාලත් එක් කරගන්න. විනාඩි 15ක් පමණ පිස ගන්න.
- එයට ෆ්‍රෙශ් මිල්ක් සහ කෝන් ෆ්ලා එක් කර උකුවන තුරු පිසගන්න. අවසානයට පැකට්ටුවේ උපදෙස් අනුව තම්බාගත් පාස්ටා එයට මිශ්‍ර කර විනාඩි 10ක් පමණ මද ගින්නේ පිසගන්න.
3. Baked Ziti with Sausage
අවශ්‍ය ද්‍රව්‍ය
- Ziti පාස්ටා 450g
- සොසේජස් 400g (කැමති මස් වර්ගයක් වුවත් පාවිච්චි කරන්න පුළුවන්)
- ක්‍රීම් චීස් 300g
- බිත්තර 1
- චොප් කරගත්
- ළූණු ගෙඩි 1
- තලාගත් සුදු ළූණු බික් 4ක්
- ඔරිගානෝ තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1\2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1\2
- පාස්ටා සෝස් කප් 3
- මොසරැල්ලා චීස් කප් 2
- පාස්ටා ටික තම්බා පසෙකින් තබා ගන්න. බඳුනක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එක් කර අඹරාගත් සොසේජස් ටික එක් කර බැදගන්න. වෙනම භාජනයක් ගෙන එයට ක්‍රීම් චීස්, බිත්තර, ළූණු, සුදු ළූණු සහ ඔරිගානෝ දමා මිශ්‍ර කරගන්න.
- එයට තම්බාගත් පාස්ටා සහ සොසේජස් එක් කර එයටම පාස්ටා සෝස් එකෙන් භාගයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.
- බටර් තවරාගත් බේකින් ට්‍රේ එකක් ගෙන එහි යටට ඉතිරි පාස්ටා සෝස් කප් 1 1\2න් කප් 1\2ක් දමාගන්න. එයට උඩින් පාස්ටා මිශ්‍රණයෙන් ලේයර් එකක් දමා එයට උඩින් මොසරැල්ලා චීස් ලේයර් එකක් දමාගන්න. මේ පිලිවෙලටම තවත් ලේයර් එකක් දමා ගන්න.
- ෆොයිල් එකකින් ආවරණය කර සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.
4. Penne Pasta with Mushroom in White Cheese Sauce
අවශ්‍ය ද්‍රව්‍ය
- Penne පාස්ටා 450g
- කපාගත් බට්න් මශ්රූම් 150g
- සුදු ළූණු බික් 4
- චොප් කරගත් ළූණු ගෙඩියක්
- මොසරැල්ලා චීස් 400g
- ක්‍රීම් චීස් කප් 1
- ෆ්‍රෙශ් මිල්ක් 400ml
- ලුණු ගම්මිරිස් රස අනුව
- පාස්ටා පැකට්ටුවේ උපදෙස් අනුව තම්බා ගන්න. බේකින් ට්‍රේ එකකට බටර් තවරා තම්බා පෙරාගත් පාස්ටා ටික එයට දමාගන්න.
- වෙනම බාජනයක් ලිප තබා එයට බටර් මේස හැඳි 2ක් එක් කර මශ්රූම් සහ සුදු ළූණු එක් කර තෙම්පරාදු කරගන්න. සුදු ළූණු වල පැහැය වෙනස් වෙද්දීම එයට ළූණු, ලුණු, ගම්මිරිස් රස අනුව එක් කර, කලවම් කරගෙන, මශ්රූම් පිසෙන තුරු තෙම්පරාදු කරගන්න.
- වෙනත් බඳුනක් ලිප තබා එයට කිරි ටික එක් කරගන්න. එයටම ක්‍රීම් චීස් සහ මොසරැල්ලා වලින් භාගයක් එක් කර චීස් දිය වී කිරි එක තරමක් උකු වන තුරු දිගටම හැඳිගාමින් උතුරුවා ගන්න.
- එයට තෙම්පරාදු කරගත් මශ්රූම් එක් කර මිශ්‍ර කරගන්න. මශ්රූම් සහ කිරි මිශ්‍රනය පාස්ටා එකට උඩින් අතුරා ඉතිරි මොසරැල්ලා චීස් ටික එයට උඩින් දමාගෙන සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක දමා විනාඩි 20ක් බේක් කරගන්න
5. Macaroni Pudding- Dessert
අවශ්‍ය ද්‍රව්‍ය
- මැකරෝනි කප් 1 1\2
- ෆ්‍රෙශ් මිල්ක් කප් 2
- සීනි මේස හැඳි 4ක්
- බිත්තර 2
- බටර් මේස හැඳි 2
- වියලි මිදි කප් 1\4
- දෙහි ගෙඩි භාගයක ලෙල්ල ගාගන්න
- මැකරෝනි ටික තම්බාගන්න. වෙනම බඳුනක කිරි, සීනි සහ බිත්තර හොඳින් ගසාගන්න. එය ලිප තබා එයට බටර් ටිකද එකතු කරගන්න.
- එයටම වියලි මිදි සහ දෙහි ලෙලි එක් කර කලවම් කර මැකරෝනි ටිකත් එක් කරගන්න. මද ගින්නේ විනාඩි 15ක් පමන පිසගන්න.
- බටර් තවරාගත් බේකින් තැටියකට දමා සෙල්සියස් 150ට විනාඩි 30ක් බේක් කරගන්න.
http://www.aniwa.lk
