පාස්පෝට් එක ගැන

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පාස්පෝට් එක ගැන

    රටකින් රටකට යන්න පාස්පෝට් එකක් එහෙමත් නැත්නම් ගුවන් ගමන් බලපත්‍රයක් ඕනෙ කියල පුංචි ළමයෙක් උනත් දන්නවනෙ. ඒත් අවශ්‍ය ලියවිලි ටික හරියට නොදැන පාස්පෝට් එකක් හදාගන්න ගියොත් කීප සැරයක් රස්තියදු වෙන්න සිද්ධ වෙනව. අනික තමන්ට අවශ්‍ය මොන විදිහේ පාස්පෝට් එකක්ද තමන්ගෙ අවශ්‍යතාවය මොකක්ද කියල හඳුනගෙනම පාස්පෝට් එකක් අයදුම් කරන එක පහසුවක්. නිල, සාමාන්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පාස්පෝට් වර්ග තුනක් තියෙනව. මේ කියන්නෙ සමාන්‍ය පාස්පෝට් එකක් හදාගන්න යන්න කලින් ඔබ දැනගෙන යන්න ඕන දේවල් ටිකක් ගැන.


    1. අවශ්‍ය ලියවිලි

    How-to-Get-a-Passport-aniwa-01.jpg



    Source – jeffersonstudios.co.uk
    ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් අවසර ලබාදුන් ස්ටූඩියෝ එකකින් (Authorized Studios) ඔබ ඡායාරූප ලබාගත් විට ඒවාට නියමිත අංකයක් ලබාගැනීම මඟින් අන්තර්ජාලය හරහා එම ඡායාරූප දෙපාර්තුමේන්තුව වෙත නිකුත් කෙරෙනු ලැබෙනව.

    උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්.

    ජාතික හැඳුනුම්පත සහ එහි පිටපතක් නොඑසේ නම් වලංගු රියදුරු බලපත්‍රය සහ එහි පිටපතක්.

    විවාහක නම් කසාද සහතිකය සහ එහි පිටපතක්.

    රැකියාව තහවුරු කිරීම සඳහා රැකියා ස්ථානයෙන් ලබාගත් සහතික කිරීමක් සහ එහි පිටපතක්.

    ඔබ පැරණි පාස්පෝට් එක කල් ඉකුත් වීම නිසා නව පාස්පෝට් එකක් ලබාගන්නවා නම් පැරණි පාස්පෝට් එක සහ එහි ජීව දත්ත සඳහන් පිටුවේ පිටපතක්.



    2. අයදුම්පත් ලබා ගැනීම

    How-to-Get-a-Passport-aniwa-02.jpg


    Source – google.com/maps
    ඉහත සියළු ලියවිලි සකසා ගෙන ගුවන් ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අයදුම්පතක් ලබා ගැනීමට ඔබ බත්තරමුල්ලෙහි පිහිටි ආගමන විගමන දෙපාර්තුමේන්තුවට පැමිණිය යුතුයි. කොළඹින් දුර බැහැර කෙනෙක් නම් පහත ස්ථාන වලින් ඔබට අයදුම්පතක් ලබාගන්න පුළුවන්.

    නුවර, මාතර, වව්නියාව සහ කුරුණෑගල පිහිටි ආගමන සහ විගමන ප්‍රාදේශීය කාර්යාල වලින් ලබාගන්න පුළුවන්.

    ඔබ ප්‍රදේශයේ පළාත් ලේකම් කාර්යාලයෙන් ලබාගන්නත් පුළුවන්.

    එහෙමත් නැත්නම් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මේ ලින්කුවෙන් අයදුම්පතක් බාගත කරගෙන ප්‍රින්ට් කරගන්නත් හැකියාව තියෙනව.


    3. අයදුම්පත පිරවීම

    How-to-Get-a-Passport-aniwa-03.jpg

    Source – immigration.gov.lk, projectsmart.co.uk
    නිසි ලෙස සම්පූර්ණ නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ශේප විය හැකි නිසා හැමවිටම ඔබේ අයදුම්පත නිවැරදි ලෙස සම්පූර්ණ කිරීමට වග බලාගන්න. මේ සඳහා ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් සපයා ඇති මේ උපදෙස් පත්‍රිකාවේ සඳහන් උපදෙස් පිළිපදින්න. සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක වලංගු කාල සීමාව වසර 10කි.



    4. අයදුම්පත භාරදීම

    How-to-Get-a-Passport-aniwa-04.jpg


    Source – bgr.in
    ඔබට අයදුම්පත් භාර දිය හැක්කේ ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ නුවර, වව්නියාව, කුරුණෑගල සහ මාතර ඇති ප්‍රාදේශීය කාර්යාල වෙත පමණයි.

    සියළුම රටවල් සඳහා පාස්පෝට් එක අයදුම් කිරීමේදී අයදුම්පත භාර දුන් දිනම පාස්පෝට් එක ලබාගන්න නම් රුපියල් 10,000/-ක මුදලක්ද, දින 14ක සාමාන්‍ය කාලයේදී ලබා ගන්න රුපියල් 3000/-ක මුදලකුත් ගෙවිය යුතුයි.

    සියළුම රටවලට වලංගු පාස්පෝට් එකක් ලබා නොගෙන ඉන්දියාව/ නේපාලය/ මාලදිවයින/ බංග්ලාදේශය/ ඉරානය/ ඉරාකය/ සිරියාව/ ලෙබනනය/ ජෝර්දානය/ එක්සත් අරාබිය/ සවුදිය/ ඕමාන්/ කටාර්/ කුවේට්/ බහරේන් සහ යේමනය යන විශේෂිත රටවල් සඳහා වෙනම පාස්පෝට් ලබාගන්නවා නම් එක්දින සේවය සඳහා රුපියල් 2500/-ක්ද සාමාන්‍ය සේවය සඳහා රුපියල් 1000/-ක මුදලක්ද ගෙවිය යුතුයි.



    5. පාස්පෝට් එක අස්ථාන ගතවීමකදී


    How-to-Get-a-Passport-aniwa-05.jpg


    Source – wayfarersworld.com, bizenglish.adaderana.lk
    ගුවන් ගමන් බලපත්‍රය නැති වූ විගස 011 532 9326 යන දුරකථන අංකයට අමතා හෝ 011-2885358 යන අංකයට ෆැක්ස් එකක් යොමු කොට ඒ බව දැනුම් දෙන්න. රජයේ කාර්යාල දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4 දක්වා මෙම දුරකථන මාර්ග විවෘතයි.

    ඔබ අතින් පාස්පෝට් එක අස්ථාන ගත වුනොත් ඒ පිළිබඳව පොලිසියට කල පැමිණිල්ලේ සත්‍ය පිටපතක් අයදුම්පත සමඟ ඉදිරිපත් කල යුතුයි.

    පාස්පෝට් එකේ වලංගු කාලය ඉක්මවා නොගිහින් තිබියදී අස්ථානගත වුවොත් අයදුම්පත් ගාස්තුවට අමතරව රුපියල් 10,000/-ක දඩයක් ගෙවිය යුතුයි.

    පිටරටකදී අස්ථානගත වී ඇත්නම් ඔබ ලංකාවට පැමිණීමට භාවිතා කල ඔබ සිටි රටෙන් නිකුත් කල තාවකාලික ගුවන් ගමන් පත්‍රිකාව සහ එහි පිටපතක් ඉදිරිපත් කල යුතු වෙනව.



    6. බාලවයස්කරුවන් සඳහා ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම

    Source – sheknows.com
    වයස අවුරුදු 16ට අඩු දරුවන් බාල වයස් ලෙස සලකන අතර පෙර පැවති නීතිය අනුව ඔවුන් දෙමාපියන්ගේ පාස්පෝට් එකට ඇතුලත් කල හැකිව තිබුණත්, 2015 අගෝස්තුවේ සිට බාලවයස්කරුවන් සඳහා වෙනම ගුවන් ගමන් බලපත්‍ර ලබාගත යුතු වෙනව.

    මේ සඳහා දරුවාගේ උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්, දෙමවුපියන්ගේ ගමන් බලපත්‍ර හෝ දෙමව්පියන්ට ගමන් බලපත්‍ර නොමැති නම් ඔවුන්ගේ හැඳුනුම්පත් සහ දිවුරුම් ප්‍රකාශයක්ද, දෙමව්පියන්ගේ අවසරය සහිත ලිපියක්ද, පාස්පෝට් එක සඳහා ඡායාරූප ලබාගත් ඡායාරූප ශාලාවේ ලදුපතද අයදුම්පත සමඟ ඉදිරිපත් කල යුතුයි.

    දරුවා දරුකමට හදාගන්නට ගත් දරුවෙකු නම් ඒ සඳහා වූ උසාවි නියමය, දරුකමට හදාගත් බවට සහතිකය සහ ළමා හිමිකම් සහ ළමා රක්ෂණ කොමසාරිස්ගෙන් ලිපියක්ද ඉදිරිපත් කල යුතුයි.

    බාලවයස්කරුවන්ගේ පාස්පෝට් සඳහා අවුරුදු 3ක වලංගු කාලයකට ලබාගන්නේ නම් එක්දින සේවයට රුපියල් 5000/-ක මුදලක්ද සාමාන්‍ය සේවය සඳහා රුපියල් 2000/-ක මුදලක්ද ගෙවිය යුතුයි.

    වසර 10ක වලංගු කාලයකට ලබා ගන්නේ නම් එක් දින සේවය සඳහා රුපියල් 10,000/-ක්ද සාමාන්‍ය සේවය සඳහා රුපියල් 3000/-ක්ද ගෙවිය යුතුයි.

    විශේෂිත රටවල් සඳහා එක් දින සේවයට රුපියල් 2500/-කුත් සාමාන්‍ය සේවය සඳහා රුපියල් 1000/-කුත් ගෙවිය යුතුයි.



    7. වන්දනාකරුවන්ට නිකුත් කෙරෙන හදිසි සහතිකය

    Source – wikipedia.org
    ඉමජන්සි සර්ටිෆිකේට් එහෙමත් නැත්නම් හදිසි සහතිකයක් ඉන්දියාවට සහ නේපාලයට ගමන් ගන්නා වන්දනාකරුවන් සඳහා පාස්පෝට් එකක් වෙනුවට නිකුත් කෙරෙනව. මෙය වසර දෙකකට වලංගු වන ලෙස නිකුත් කරන අතර එහි කාලය අළුත් කරගත හැකියි.

    මේ සඳහා අයදුම් කරනවා නම් උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්, ජාතික හැඳුනුම්පත සහ එහි පිට පතක්ද ඔබ සතුව දැනටමත් ගමන් බලපත්‍රයක් තිබෙනවා නම් එය සහ එහි පිටපතක් ඉදිරිපත් කල යුතුයි.

    ජාතික හැඳුනුම් පත හෝ උප්පැන්න සහතිකය නොමැති නම්, පහත සඳහන් ලියවිලි වලින් එකක් හෝ කීපයක් අයදුම්පත සමඟ ඉදිරිපත් කල හැකියි.

    රියදුරු බලපත්‍රය සහ ඡායා පිටපතක්
    වැඩිහිටි අනන්‍යතා සහතිකය සහ ඡායා පිටපතක්
    විශ්‍රාම වැටුප් අනන්‍යතා සහතිකය සහ ඡායා පිටපතක්
    රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිකුත් කළ පිරික්සුම් ප්‍රතිඵලයේ ප්‍රතිඵල ලේඛනය සහ ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්
    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ විය හැකි වයස් සහතිකය (Certificate of Probable Age) සහ ඡායා පිටපතක්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් අනිවා.LK එක අප්ඩේට් වෙන්නේ නැහැනේ බන්.පට්ටම සයිට් එකක්.අපරාදේ.