පාස්පෝට්_ඉවරායිලු

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
පාස්පෝට්_ඉවරායිලු

ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර තොග අවසන් වීම හේතුවෙන්. අවසන් වරට තොගයක් ගෙන්වා ඇත්තේ 2015 වසරේදීයි. අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැහැ

ඒ අනුව මේ වනවිට සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ වෙනත් ක‍්‍රමවේදයකටයි. මැද පෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍රයේ ඊට අදාළ රටවල්වලට පහලින් සියලූ රටවල් සඳහා මෙම විදෙස් ගමන් බලපත‍්‍රය වලංගු වන බවට මුද්‍රණය කරන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසන්නේ එයද ඉතා අනතුරුදායක ක‍්‍රමයක් බවයි. ඊට හේතු වී ඇත්තේ මෙම මුද්‍රණය ඕනෑම පුද්ගලයෙකුට වුවද සිදු කළ හැකි වීමයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය ද මෙවැනි මුද්‍රණය කරන ලද විදෙස් ගමන් බලපත‍්‍ර පිළි නොගන්නා බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ. ඒ හේතුවෙන් මගියාගේ අනන්‍යතාව පිළිබඳ ගැටළුවක් මතුවීමට ද ඉඩ තිබෙනවා.

මෙවැනි ගමන් බලපත‍්‍රයක් සතු ශ‍්‍රී ලාංකික සංචාරකයෙකු ඕනෑම ගුවන් තොටුපලක රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ද එම රටවල ආගමන විගමන නිලධාරීන්ට අවස්ථාව පවතින බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ. ඒ හේතුවෙන් එම මගීන් ජාත්‍යන්තර ගුවන් තොටුපලවලදී අපහසුතාවට පත්වීමටත් ගුවන් ගමන ප‍්‍රමාද වීමටත් ඉඩ පවතින බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගේ සඳහන් කරනවා. මෙම තත්ත්වය දැඩි ලෙස බලපාන්නේ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික පංතියට අයත් ගුවන් මගීන්ටයි

සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර හා මැද පෙරදිග රටවලට අදාළ ගමන් බලපත‍්‍ර, ශ‍්‍රී ලංකාව තුළ නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර වර්ග අතර ජනප‍්‍රිය වර්ග දෙක වනවා. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු ලබා ගන්නේ සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රයයි. මැද පෙරදිග කලාපයේ රටවලට රැකියා සඳහා යන පිරිස් පමණක් අනෙක් බලපත‍්‍රය ලබා ගන්නවා. මාසිකව නිකුත් කරන සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර සංඛ්‍යාව 35,000කට ආසන්නයි. පිටු 64කින් යුත් එහි වටිනාකම රුපියල් 7500ක්. මැද පෙරදිග රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර ද මසකට 12,000ත් -15,000ත් අතර සංඛාවක් නිකුත් කෙරෙනවා. පිටු 48කින් යුත් එහි වටිනාකම රුපියල් 2500ක්.

ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මැද පෙරදිග රටවලට නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර ලක්ෂ දෙක හමාරක තොගයක් මේ වනවිට පවතිනවා. එහෙත් එම තොග ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස 04කට පමණයි. ඒ, මැද පෙරදිග රටවල ගුවන් ගමන් බලපත‍්‍රය මේ වනවිට සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රය ලෙස ද නිකුත් කිරීම හේතුවෙන්.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මෙම තොග අද දිනයේ ඇණවුම් කළ ද එහි ක‍්‍රියාවලිය සංකීර්ණ වීම හේතුවෙන් සියලූ රටවලට අදාළ බලපත‍්‍ර මෙරටට ලැබීමට අවම වශයෙන් මාස 05ක පමණ කාලයක් ගතවන බවයි. ඒ අනුව තවත් මාස කිහිපයකින් ශ‍්‍රී ලංකාව තුළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට නොහැකි වන තත්වයක් උද්ගත වනු ඇති බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසන්නේ.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට මෙම අවදානම පෙන්වා දී තිබුණද රජයේ බලධාරීන් මෙතෙක් ඊට විසඳුම් ඉදිරිපත් නොකිරීම මෙම අර්බුදයට ප‍්‍රධාන හේතුව බව ඔවුන්ගේ අදහසයි.

tumblr_inline_ogic51CCXQ1qb1icv_500.png

http://nethnews.lk/article/55410
 
lahirumalliya

Member
Jun 12, 2018
103
5
0
පට්ට මරු

පිහියෙන් ඇන මැරුවොත් පිහි තහනම් කරනවා..................
$ඉහල ගියොත් $ තහනම් කරනවා............
fb වැරදි නිසා ඒවත් තහනම් කරනවා.................
ගෑනුම් දූසනය කලොත් පිරිමින් තහනම් කරනවා................

එළවලු කාල ලෙඩ උනොත් එළවලු තහනම් කරනවා................
පාරෙ ගිහින් මැරුනොත් පාරේ යනඑක තහනම් කරනවා.........
තමුන්ගෙ වැරදි වහ ගන්නට සියල්ල තහනම් කරනවා.............
අපාගත වීම යටිහිත මාරය තහනම් කරනවා...............
 
shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    "මැද පෙරදිග රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර ද මසකට 12,000ත් -15,000ත් අතර සංඛාවක් නිකුත් කෙරෙන"

    "ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මැද පෙරදිග රටවලට නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර ලක්ෂ දෙක හමාරක තොගයක් මේ වනවිට පවතිනවා. එහෙත් එම තොග ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස 04කට පමණයි. "

    what type of fucking new is this???
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    "මැද පෙරදිග රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර ද මසකට 12,000ත් -15,000ත් අතර සංඛාවක් නිකුත් කෙරෙන"

    "ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මැද පෙරදිග රටවලට නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර ලක්ෂ දෙක හමාරක තොගයක් මේ වනවිට පවතිනවා. එහෙත් එම තොග ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස 04කට පමණයි. "

    what type of fucking new is this???

    oya kianne bro Middle East walata tianawane wenama PP ekak.. ekema All Countries kiyala print karala denawalu all countries PP stock nathi nisa.. ehema deddi PP stock eka tianne thawa 4 Months vtrai kiana eka
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hey common , if it is the sri lankan passport is it not printed in gov. press ? do they print in some other country seriously ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..රාජ්ය නිලධාරින් දැන් වැඩ කරන්ඩ බයයි FCID CID අරව මේවගෙ ලගින්ඩ වෙනව ඔව කරොත් ..ඒක නිසා කටවහගෙන වැඩ නොකර ඉන්නව ..ඕක තමයි පොන්න රනිල උදාකල වෙනස..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :lol::lol::lol::lol:

    ලංකාවෙ හිටියොත් කන්න දෙයක් නෑ . රට යන්න හැදුවොත් පාස්පෝටුත් නෑ . එක ලබ්බක්වත් කරන්නෙ නැතුව කොටින්ට සමාව දෙන්න දගලනව . . අන්දරේ රජ වෙලා වගේ :lol::lol::lol:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    hey common , if it is the sri lankan passport is it not printed in gov. press ? do they print in some other country seriously ??

    මෙහෙ එවුන්ට ප්‍රින්ට් කරන්න දුන්නොත් හොඳට තියෙයි ... :P හොර පාස් පෝට් (ඔරිජිනල්ම ඒව) රු 200 ගානෙ විකිනෙයි :P අපාරාධ කාරයන්ට රටින් පනින්න ඕනෙ උනාම, එක්කෝ අපේ රටට එන්න ඕනෙ උනාම, ලේසියටම වැඩේ වෙයි ෆුල් ජෙනුයින් විදිහටම ... අපේ එවුන්ට ප්‍රින්ට් කරන්න දුන්නොත් නරින්ට කුකුල්ලු බාර දුන්න වගේ ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..රාජ්ය නිලධාරින් දැන් වැඩ කරන්ඩ බයයි FCID CID අරව මේවගෙ ලගින්ඩ වෙනව ඔව කරොත් ..ඒක නිසා කටවහගෙන වැඩ නොකර ඉන්නව ..ඕක තමයි පොන්න රනිල උදාකල වෙනස..

    පාස්පෝට් නෑ, ලියුම් නෑ, කොච්චි නෑ, බස් නෑ. ඒත් ඇමතිලා ඉන්නවා, දවස ගානේ පත් වෙනවා. තව ටික දවසකින් මිනිස්සුන්ට ඇට දෙකත් නැතුව තමා යන්න වෙන්නේ. අවුලක් නෑ අරයා මොන ප්‍රශ්නේ තිබ්බත් රෑ 10 ට නිදාගන්නවනේ. අනික් එකා රෑ එලි වෙනකම් කොල්ලෝ ගහනවනේ:angry:
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පිහියෙන් ඇන මැරුවොත් පිහි තහනම් කරනවා..................
    $ඉහල ගියොත් $ තහනම් කරනවා............
    fb වැරදි නිසා ඒවත් තහනම් කරනවා.................
    ගෑනුම් දූසනය කලොත් පිරිමින් තහනම් කරනවා................

    එළවලු කාල ලෙඩ උනොත් එළවලු තහනම් කරනවා................
    පාරෙ ගිහින් මැරුනොත් පාරේ යනඑක තහනම් කරනවා.........
    තමුන්ගෙ වැරදි වහ ගන්නට සියල්ල තහනම් කරනවා.............
    අපාගත වීම යටිහිත මාරය තහනම් කරනවා...............

    :yes::yes::yes::yes::yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පාස්පෝට් නෑ, ලියුම් නෑ, කොච්චි නෑ, බස් නෑ. ඒත් ඇමතිලා ඉන්නවා, දවස ගානේ පත් වෙනවා. තව ටික දවසකින් මිනිස්සුන්ට ඇට දෙකත් නැතුව තමා යන්න වෙන්නේ. අවුලක් නෑ අරයා මොන ප්‍රශ්නේ තිබ්බත් රෑ 10 ට නිදාගන්නවනේ. අනික් එකා රෑ එලි වෙනකම් කොල්ලෝ ගහනවනේ:angry:

    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැහැ"

    තව අදීක්ෂණ ඇමති කෙනෙක් පත් කොරමු ඒව හොයල බලන්න...
    මෙච්චර කාලෙකට හරියට කළේ... බැංකුවට කෙලිය එක විතරයි
    .
     
    • Like
    Reactions: erozan