පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක්

monson

Well-known member
  • May 7, 2007
    25,770
    28,909
    113
    පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක්

    වෙනූශාගේ පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක්

    සිසුන් පැය ගනන් සිරකර තියනවාලු

    2014 මාර්තු 04 11:18 a:m

    ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවලවිදුහ‍ලේ විදුහල්පති කාර්යාලයේ ඇති අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.
    එම කාමරය සම්බන්ධයෙන් තොරතුරු පාස‍ලේ සිසුන්ගෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබි ඇත. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය සඳුදා (03) පරීක්ෂාවට ලක්කර තිබේ.
    ඇතිරිලි දැමූ ඇඳකින් සමන්විත එම කාමරයේ ජනේල් පවා නැති බවත් එය අදුරු කාමරයයක් බවත් එහිදී ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
    කළුවර කාමරයට දමන බව සඳහන් කරමින් විදුහල්පතිවරයා විසින් පාස‍ලේ ළමුන්ව එම කාමරයට දමා පැය ගණනක් රඳවා තැබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට ළමුන් පවසා තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළෙය.
    එම කාමරය ළමුන්ට දඩුවම් දෙන්නට තැනූවක් නම් කොට්ට මෙට්ට දැමූ ඇදක් එහි ඇත්තේ කුමකට දැයි ගැටළුවක් බවට මේ වන විට පත්ව තිබේ.
    විදුහල්පති නිල කාර්යාලයේ ඇති ඒ කාමරය රහස් කාමරයක් ලෙස භාවිතා කරන්නක් බව දැනට කෙරී ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වයඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් තොරතුරු විමසා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ගයාන් කුමාර වීරසිංහ


    Source: http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=34891:2014-03-04-05-55-57&catid=64:2012-09-10-14-02-45&Itemid=87
     
    Last edited:

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ආශ්චර්යය බොලව් ආශ්චර්යය....................:shocked::shocked::shocked::shocked::shocked::shocked: