සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලුවොත් උන් සේරම ශුද්ධවන්තයෝ වෙනවා වගේ.
දැන් කාලයක් ටැක්ස් අඩු කරලා තිබුනා නේද? එතකොට වාහන ගෙන්නුවා නේද ඇති වෙන්න. ඒකට හරියන්න තෙලුත් ගෙන්නන්න එපැයි. සේරම සල්ලි පිටට නේද යන්නේ? ඩොලර් එක වැඩි වෙනකොට ඒකටත් කෑගහනවා. සල්ලි රටේ තියාගන්න හදනකොට ඒකටත් කෑගහනවා. දැන් මත්පැන්, දුම්වැටි වලත් බදු වැඩි කරලා. ඒකත් වැරදිද? සති දෙකකට කලින් කෑගහනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා. දැන් කෑ ගහනවා වාහන ගන්න සල්ලි නෑ කියලා. මහා විහිළුවක්.
ඔය කෑ ගහන එකෙක්වත් රට ගැන හිතලා වඩා කරන උන්ද කියලා මමනම් දන්නෙ නෑ. සේරටම ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවනම් එදිනෙදා රස්සාවක් කරන මිනිස්සු තම තමුන්ගෙ රස්සාව හරියට කරනවද කියලා ඒකට උත්තරේ 90% ක්ම නෑ. බස් ටිකට් එකේ ඉතුරු රුපියලේ ඉඳන් ඔෆිස් එකක වැඩක් කරගන්න ගියත් ගසා කන එක තමයි කරන්නෙ. එහෙම කරන අයම සහ ඒ අයගෙම දරුවෝ තමයි අන්තිමට පාරේ තොටෙයි, ඉන්ටනෙට් එකෙයි ආණ්ඩුවට බනින්නේ. දේශපාලනය කියන්නෙ සමාජයේම ප්රතිබිම්බයක් විතරයි. ඕක තේරුම් නොගෙන ඉතින් ආණ්ඩු පෙරලලා තමුන්ටවත්, රටටවත් ඇති වැඩක් නෑ.
පුලුවන්නම් අතේ තියෙන ගානට වාහනයක් ගන්න. නැත්තන් අපහු වාහන අඩු වෙනකම් සල්ලි තව ඉතුරු කරන්න. නැත්තන් ඉතින් ආණ්ඩු පෙරලලා වාහන මිලයි, බඩු මිලයි අඩු කරලා සේරම ප්රශ්න විසඳගන්න. මහින්ද උනත් ඒකට අකමැති වෙන එකක් නෑ මං හිතන්නෙ.
මචන්,වාහන ගන්න එපා නම් ඒකෙන් රටේ සල්ලි පිටරටට යනවනම් හරි ආන්ඩුවක් නම් ප්රවාහන විකල්පයක් ජනතාවට දෙන්න ඕනේ..අඩුම තරමින් 100% -200% බදු වැඩිකරන ගමන් බස් ගාස්තුව,දුම්රිය ගාස්තුව රුපියලකින් හරි අඩුකරලා කියනවනම් වාහන ගන්න එපා කියලා ඒක පිළිගන්න පුලුවන්.හැබැයි මෙහේ වෙන්නෙ කලින්ම බස් ගාස්තු,දුම්රිය ගාස්තු වැඩිකරල ඊට පස්සෙ වාහන ගන්නත් එපා කියනවා.දැන් ඔය හදපු අධිවේගී මාර්ගයේ ගොන් කරත්ත වලින්ද අපි යන්නෙ??

මම නම් කියන්නෙ තව වැඩි කරපන්...තව මාටියා ගහපන්...තව දුප්පත් මිනිස්සු තලා පෙලා දාපන්...
ඒ එක්කම ඔය කිව්ව වගේ වැඩකරන දේශපාලුවන්ට ඡන්දෙ දීපු එවුන්ටත් හෙනම ගහපන්......කාලකන්නි








