පැකර් කැසිනෝ අතහරී...
කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිකිරීමට යෝජිත 'ක්‍රවුන්' කැසිනෝ ව්‍යාපෘතිය අත්හැර දමන්නට ඕස්ට්‍රේලියා කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් තීරණය කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය ඊයේ අනාවරණය කෙළේය.
ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය ඊයේ වාර්තා කළ ආකාරයට ඔහු සිය කැසිනෝ ව්‍යාපාර සහිත හෝටල් ව්‍යාපෘති මැකාවෝ හා ජපානය වෙත ගෙන යෑමට තීරණය කර තිබේ.
පැකර්ගේ මේ තීරණයට හේතු වී ඇත්තේ තම කැසිනෝ හා හෝටල් ව්‍යාපෘතියට විරුද්ධව පැන නැඟි විරෝධතා හා ශ්‍රී ලංකා රජය කැසිනෝ සූදුව පවත්වා ගෙන යෑම සඳහා නීතිමය අවසර ලබාදෙන බවට එක එල්ලේ නොපැවැසීම බව පැවැසේ.
ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය පවසන්නේ ජේම්ස් පැකර්ට අමතරව කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ආරම්භ කිරීමට යෝජිතව තිබූ කැසිනෝ සූදු සහිත සෙසු හෝටල් ව්‍යාපෘතිද නවතා දමා ඇති බවයි.
ඕස්ට්‍රේලියා ජේයෂ්ඨ පර්යේෂණ විශ්ලේෂකයකු වන බ්‍රයන් හැන් මේ පිළිබඳ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතිය අතහැරීමෙන් ආසියාවේ කැසිනෝ ව්‍යාප්ත කිරීමේ ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘතියට බාධාවක් එල්ල නොවන බවයි.
https://www.facebook.com/madyawediya

රැලට... අපරාදෙ කැසිනෝ පාරක් ගහන්න තිබ්බ එකත් නැති උනා