පැක් කරගනිල්ලා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    Covid Positive අයෙක් ඇසුරු කලොත් !

    ගෙදර කෙනෙක් පොසිටිව් වුණොත් අපිටත් නිවසේ හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ යන්න වෙනවා.
    ගෙදර නිරෝධායනය නොවී නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න වුණොත් ගෙනියන්න ඕන බෑග් එකට අවශ්‍ය දේවල් එකපාරටම කලබලේට මතක් වෙන්නේ නැහැනෙ.
    මේ ගැන අසුභවාදී වෙනවා නෙවේ.හැබැයි අපි කාට වුණත් යථාර්ථයට මුහුණ දෙන්න වෙනවනෙ
    ඉතින් අවධානමට පෙර සූදානම් වෙමු. 🤗🤗

    ගෙනියන්න ඕන බඩු මේ විදියට ලැයිස්තුගත කලා.

    තව අඩුපාඩු තියෙනවා නම් එකතු කරගමු.

    වැඩිහිටි කාන්තාවක්ට
    1. දවල්ට අඳින්න ඇඳුම් කට්ටල තුනක්.
    2.රාත්‍රී ඇඳුම් 2 - ඇඳුම් නම් පරණ ඒවා හොඳයි .සමහරවිට ඒවා විනාශ කර දමනවාලු
    3.යට ඇඳුම් අවශ්‍ය ලෙස.
    [ ඇඳුම් සෝදලා පාවිච්චි කරන්න පුළුවන් ]
    4.රබර් සෙරෙප්පු කුට්ටමක්
    5.ටූත් පේස්ට්, බ්‍රශ් එක.ෆේස් වොශ්, shampoo, conditioner
    Body lotion වගේ දිනපතා පාවිච්චි කරන ආලේපන
    6.පනාවක්.
    7. Mobile phone / tab / laptop with chargers
    8.කියවන්න පොත්.
    9. Sanitary pads
    10. තුවායක්
    11.නිය කටර් එක සහ වෙනත් ඒ සම්බන්ධ අවශ්‍ය උපකරණ ඇත්නම්
    12. Sanitizer
    13. රෙදි සේදුම් සබන් / දියර හෝ කුඩු
    14. පසුම්බිය Identity card සහ කිසියම් මුදලක් සහිතව
    මීට අමතරව දිනපතා ගන්න බෙහෙත් / ක්ලිනික් කාඩ්
    කණ්නාඩි කුට්ටම ( දාන අයට)
    මහන ගොතන කෙනෙක්ට ඒවායින් එකක්

    👉 #පිරිමි කෙනෙක්ට ඉහත ඒවගෙන් අවශ්‍ය දේවල් වලට අමතරව රේසරයක්
    බබාලට
    1. ඇඳුම් කට්ටල 4 ක් හෝ දරුවාගේ වයස අනුව.
    2.රාත්‍රී ඇඳුම්.
    2 diapers අවශ්‍ය අයට
    3. බෙහෙත් / ක්ලිනික් කාඩ්
    4 පොත් , පැන්සල් / සෙල්ලම් බඩු එකක් දෙකක්.
    5 toothbrush ,
    6.රබර් සෙරෙප්පු
    7. තුවායක්
    8. බබාලට බිස්කට් වගේ දෙයක් ( අමතරව බිස්කට් වත් දෙන්න වෙනවනෙ)
    තවත් කාරණයක් සුරතල් සතුන් ඉන්න අය,
    එයාලව pet care එකකට භාර දෙන්න පුළුවන් ද, කියලත් විස්තර දැනගෙන තියාගන්න .
    👉👉 ඒ වගේම රන් භාණ්ඩ එහෙම ගෙවල් වල තියෙන අය ඒවා මේ ටිකේ බැංකුවේ හරි තියන්න.
    ඉතින් තව මේ ලැයිස්තු වලට එකතුවෙන්න ඕන දේවල් මොනවද ?
    හැමෝටම නිරෝගිමත් කාලයක් ප්‍රාර්ථනා කරනවා . ඒ වගේම මේ වසංගතය ලෝකෙන්ම තුරන් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා!🙏

    #උපුටාගැනීමකි

    Image may contain: 1 person
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ගෙදරට අදින්න තියෙන්නෙ කලිසන් දෙකයි ටීෂර්ට් දෙකයි,
    රෑට නිදාගන්නෙ ඇදුම් නැතිවනෙ.
    ඇදුම් ටිකක් ගන්නවෙයිද සිංහලු
    ඒත් රෙදිකඩවලට යන්න බයයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මට ගෙදරට අදින්න තියෙන්නෙ කලිසන් දෙකයි ටීෂර්ට් දෙකයි,
    රෑට නිදාගන්නෙ ඇදුම් නැතිවනෙ.
    ඇදුම් ටිකක් ගන්නවෙයිද සිංහලු
    ඒත් රෙදිකඩවලට යන්න බයයි.


    අපෝ ගොඩයා, KCC එකෙ හැමවෙලෙම ඕවා දාලා තියෙන්නෙ

    අර KCC කියන එකේ නැද්ද මචන්, පොඩ්ඩක් බලන්න. ඔයා කිව්ව විදිහට මට හිතුනේ ඒකේ මේ වගේ ඒවා විශේෂිත ආරක්ශිත ක්‍රමයකට ඇති කියලා. :)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අර KCC කියන එකේ නැද්ද මචන්, පොඩ්ඩක් බලන්න. ඔයා කිව්ව විදිහට මට හිතුනේ ඒකේ මේ වගේ ඒවා විශේෂිත ආරක්ශිත ක්‍රමයකට ඇති කියලා. :)
    අම්මො රිදිලා තියන තරම, පස්සෙනුත් පන්නනවා.🤣
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කොයි වෙලාවෙ නිරෝදායනේ සෙට්වෙයිද මන්ද බන්, යාලුවො රට වටේ ඇවිදිනව, අපේ ගෙවල් වලත් ඇවිත් යනව. ගෙදරට වෙලා හිටියට වැඩක් නැති සීන් එකක් තියෙන්නෙ මුන් නිසා :sorry: පැත්තක හිටපු මටත් කන්දකාඩු යන්නපැක් කරගන්න වෙන සීන් එකක්තියෙන්නෙ..
     
    Last edited:
    • Sad
    Reactions: Carguy69