පැණි බේරෙන ඡායාරූප

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පැණි බේරෙන ඡායාරූප

    මොහු නමින් බ්ලේක් ලිට්ල් (Blake Little). ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ජිවත් වන සම්මානනීය ඡායාරූප ශිල්පියෙක්. ඔබ මොහු ගැන මීට පෙර අසා තිබෙන්නත් පුළුවන්. විවිධ තේමා යටතේ සිය දක්ෂතාවයන් මනාවට කැටි කරගනිමින් මොහු ගනු ලබන ඡායාරූප බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නවා සේම ප්‍රශංසාවටත් ඇගයීමටත් ලක් වෙනවා. මිනිස් ඡායාරූප ගැනීම සඳහා මොහුගේ ඇති විශේෂ හැකියාව නිසාම බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් වගේම සුප්‍රකට සමාගම් මොහුට ඡායාරූප ගැනීමේ වගකීම බාරදීමට නොපැකිලිව ඉදිරිපත් වෙනවා.
    photo.jpg

    Blake Little
    මොහු කලකට ඉහතදී තරබාරු පුද්ගලයකු ගේ ඡායාරූප මාලාවක් ලබාගත්තා. එම පුද්ගලයා වලසෙකු මීපැණි කන ආකාරයට ඡායාරූප ගැනීමට ඔහුට සිත්වුණා. මේ පුද්ගලයාගේ අත මි පැණි වලින් වැසි ඇති විට අතින් මි පැණි බේරෙන ආකාරය දුටු බ්ලේක් ට එහි ඇති අමුතුම කලාත්මක ගතියක් පෙනෙන්නට වුණා. මේ සමඟම ඔහු මීපැණි යොදාගෙන කළහැකි ඡායාරූපකරණයකට යොමු වුනා. මේ කටයුත්ත සඳහා ඔහු නොයෙක් වයස් පරතර වල සිටින පුද්ගලයන් යොදාගත්තා. අවුරුදු එකහමාරේ ළදරුවෙකු වගේම අවුරුදු 85ක් වයස කාන්තාවක් දක්වා වයස් පරාසය පැතිර තිබුණා. මි පැණි රාත්තල් 4500ක් පමණ මේ සඳහා යොදාගෙන තිබුණා. මේ කටයුත්ත සඳහා දායක වුණු පුද්ගලයන්ටත් අමුතුම ආකාරයේ අත්දැකීමක් ලැබුණා.
    මේ වසරේ පෙබරවාරි මස මේ ඡායාරූප ඇතුලත් “Preservation Monograph” ඡායාරූප පෙළ ඔහු විසින් එළිදක්වනු ලැබුණා.:P:P:P
    39.Lindsay_2013_36x46PigmentPrint-769x1024.jpg

    2.AngelinaandPaul_2014_36x48PigmentPrint-741x1024.jpg

    Isaiahupright2014Web_LG-766x1024.jpg

    10.Riot_2013_36x48PigmentPrintx-768x1024.jpg

    8.Chandrareclining_2014_48x36PigmentPrint-1024x690.jpg

    4.TheDancer_20121-759x1024.jpg

    9.Tao_2012_36x48Pigment-Print-768x1024.jpg

    1.TheAthlete_2012-768x1024.jpg

    preservation4-488x670.jpg

    interracial.jpg

    miele1.jpg

    Blake-Little-Photography-Preservation-78629.jpg