පැන මඩකඩිති ගීතයේ තේරුම

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    pana_mada_kadithi_ape_guruthuma.png

    මේ සිංදුවේ තේරුම මොකක්ද?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Igenagaththu lamai hoda than wala iddi e lamainta para pennapu guruwaraya tawamath supurudu parisi iskole yanawa kiyala kiyanne.
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    ගුරුවරු තම සිසු දරු දැරියන්ට හරි මඟ පෙන්වා දුන්නෝය. වැරදි මඟක යාමට නොදී ඔවුන්ව රැක බලා ගත්තෝය. රචකයා පවසන අන්දමට එසේ රැක බලා ගත් දරු දැරියන් අද සමාජයේ ඉහළ ස්ථර වලය. රචකයා එහිදී ඔහුගේ තරහව මේ නිර්මාණය සමඟ මුසු කරන්නේ එසේ ඉහළ ස්ථර වල වැජඹෙන ගෝලයින් ඔවුන්ට සිප් සතර ඉගැන්වූ ගුරුවරුන්ට නිසියාකාරව සැළකුම් නොකරන බව පවසමිණි. නමුත් ගුරුවරයාගේ සිතේ මේ හැසිරීම් පිළිබඳ කිසිඳු තරහවක් හෝ දුකක් නොමැත. ඔහු තවත් පරම්පරාවකට අකුරු උගන්වනු වස් පාසල් යයි. සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ… අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ලෙස දක්වමින් රචකයා පැවසීමට වෑයම් කරන්නේ එයයි.

    කෙසේ නමුත් මේ අද පවතින සමාජ ක්‍රමයට වඩා පෙර දවස බොහෝ සෙයින් වෙනස්ය. ගුරුවරයා යනු එකල සමාජයේ වැඩි ගෞරවයට පාත්‍රවූ චරිතයකි. ගමේ හොඳම නිවහන ගැමියන් වෙන්කළේ ගුරු ගෙදරටය. තමන්ගේ දරුවන්ගේ දෑස් පාදන විශ්ම දෙවියන් ඉස්කොලේ මහත්වරු බව ඔවුහු සිතූහ. නමුත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් බැව් නොරහසකි. දරුවෙකුගේ වරදකට පොඩි පහේ දඬුවමක් දී ඔහුව යහමඟට ගැන්මට උත්සාහ කළොත් අද බොහෝවිට ගුරුවරයාට නැවතීමට සිදුවන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේය.

    දෙවෙනි පද පෙළින් රචකයා කීමට උත්සාහ දරා ඇත්තේ අද අධ්‍යාපනයට සිදුව ඇති ඉරණමයි. ඉගෙනීමේ වටිනාකමක් නොදත් ඇතැම් පෙදෙස් වල සමහර සිසුහු පොත පතට ආයුබෝවන් කියා තම තමන්ගේ කර්තව්‍ය වල නියැළෙති. ඉගෙනීමෙන් ඵලක් නැතැයි සිතා ඔවුහු ඉක්මනින් මුදල් ඉපැයීමේ මං සොයති. එසේ සොයා ගිය, රචකයා මෙහි හඳුන්වාදෙන දරුවා යොමු වන්නේ බස් පොළේ රටකජු විකිණීමටය. දැන් පෙළ පොතේ සිටි සාමලා අමරලා එහි නැත. ඔවුහු බස් පොළේ කජු විකුණති. ඒ දරුවන්ට දැන් කුමාරෝද පොත් වලින් ඵලක් නැත. කජු&nbsp; ගොටු සාදන්නේ ඒ පොත් වල කොළ ඉරාය. එදා වේල සරි කරගෙන මේ සමාජයේ ජීවත් වීමට වෙර දරන බොහෝ පවුල් වල තත්වය එයයි. ඔවුන් එයට අකමැති වුවත් ඇතැම් විට කිරීමට දෙයක් නොමැත. මේ ක්‍රමය ඔවුන්ව එම තත්වයට පත් කොට ඇත.&nbsp;</span></p>
    #8220;උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ&#8230; වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ&#8230;&#8221;: වර්තමානයදී ශිල්පය පිලට වැටී ඇත.

    බොහෝ පිරිසකගේ ශිල්පය පිළිබඳ තැකීමක් නැත. රචකයා පවසන අන්දමට අවසානයේ ශිල්පය ගුරුවරයා වෙතට පැමිණ ඉල්ලීමක් කරයි. තමන්ව දැන් කිසිවෙකු ගණන් නොගන්නා නිසා තමාට වේවැලෙන් තරවටු කරන්න යැයි ශිල්පය ගුරුවරයාගෙන් ඉල්ලයි. ශිල්පයට මේ සිදුවන සිදුවීම් ගැන දුකය. තවත් අතකින් දැන් වේවැලෙන් තරවටු කිරීමට සිසුන් පන්ති කාමරයේ නොමැත. වරදක් කළත් තරවටු කිරීමට යාමටද දැන් නොහැකිය.

    අවසානයේ දක්වන්නේ මේ ගුරුවරයාට මේ සමාජ ක්‍රමයට අනුගත වීමට නොහැකි වූ බවයි. සමහර ගුරුවරුන්ට අනුගත වීමට හැකි වුවත් මේ ගීතයේ එන ගුරුවරයා එයට අපොහොසත් විය. ගුරුවරයා සන්තකයේ මිල මුදලක් නැත. ඔහු ඉගැන්වීමට මුදලක් අය කළේ නැත. දැන් ඔහු අසරණය. දීග දෙන වයසක සිටින තම දියණියට හොඳ දෑවැද්දක් ලබා දීමට ඔහු අපොහොසත්ය. මේ සමාජ ක්‍රමය තුළ හරිහමන් වත්කමක් නොමැතිව කාන්තාවක් කැන්දාගෙන යාමට කැමති වන පිරිමින් නොමළ ගේකින් අබ මිටක් සොයනවා වැනිය.

    එදා මුලු ගෙදරම සුවඳවත් කෙරූ සමන්පිච්ච කැකුළිය මිලින වී ඇත. මේ සියලුම ප්‍රශ්න ස්වාමියාගේ කරපිට පටවා දයාබර බිරිඳ ජීවිතයට ආයුබෝවන් කියා යන්නට ගොස්‍ ය. නමුත් තාමත් බිතු සිතුවමක් මෙන් ඇය තම ස්වාමියගේ සියලු දුක් කම්කටොලු දෙස නිහඬව බලා සිටී. මේ ලංකාව තුළ සිදුවූ සමාජ හා ආර්ථික වෙනස් වීම තුළ සැබෑ මානව හිතවාදි ගුරුවරයා මුහුණ දුන් ප්‍රශ්න ය.

    එමෙන්ම අධ්‍යාපන ක්‍රමය මුහුණ දුන් ප්‍රශ්නය. සමහර ගුරුවරුන් මේ තත්ත්වයන් හමුවේ වෙනස් වී තම ජීව්ත ඒ ආකාරයෙන් හැඩගස්වා ගත් නමුදු මේ ගීයේ එන පරිදි ඊට හැඩ නොගැසුණු සොඳුරු අව්‍යාජ ගුරුවරුන්ට උදාහරණද අද සමාජයේ බොහෝ ඇත.

    මහින්ද චන්ද්‍රසේකර මහතාගේ පද රචනයෙන් හැඩවූ රෝහණ වීරසිංහ මහතාගේ තනු නිර්මාණයෙන් සංගීතවත් වූ සුනිල් එදිරිසිංහ මහතාගේ හඬින් ගැයුණු මේ ගීතය එදා මෙදා තුර බිහිවූ සියලුම “ගුරු උතුමන්ලාට” උපහාරයක්ම වන්නේ එබැවිනි.

    view-source:https://blog.colombobeacon.com/පැන-මඩ-කඩිති-වැව්-තාවුලු-ව/
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    pana_mada_kadithi_ape_guruthuma.png

    මේ සිංදුවේ තේරුම මොකක්ද?
    කාලෙකට පස්සෙ ශිශ්‍යා ගුරුතුමා ගෙ ගෙදර ගිහින්.
    සර් තාම උගන්නනවා
    ඉගෙන ගත්ත උන්ට කෙල වෙලා. පිස්සු කෙලපු / කෙලෙහි ගුනයක් නැති උන් ගොඩ ගිහින්
    සර් ගෙ දුව ගෙදරට නාකී වෙලා
    නෝනා මැරිලා

    ඕක තෙරෙන්නෙ නැද්ද බන්
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    බොහෝ පිරිසකගේ ශිල්පය පිළිබඳ තැකීමක් නැත. රචකයා පවසන අන්දමට අවසානයේ ශිල්පය ගුරුවරයා වෙතට පැමිණ ඉල්ලීමක් කරයි. තමන්ව දැන් කිසිවෙකු ගණන් නොගන්නා නිසා තමාට වේවැලෙන් තරවටු කරන්න යැයි ශිල්පය ගුරුවරයාගෙන් ඉල්ලයි. ශිල්පයට මේ සිදුවන සිදුවීම් ගැන දුකය. තවත් අතකින් දැන් වේවැලෙන් තරවටු කිරීමට සිසුන් පන්ති කාමරයේ නොමැත. වරදක් කළත් තරවටු කිරීමට යාමටද දැන් නොහැකිය.

    අවසානයේ දක්වන්නේ මේ ගුරුවරයාට මේ සමාජ ක්‍රමයට අනුගත වීමට නොහැකි වූ බවයි. සමහර ගුරුවරුන්ට අනුගත වීමට හැකි වුවත් මේ ගීතයේ එන ගුරුවරයා එයට අපොහොසත් විය. ගුරුවරයා සන්තකයේ මිල මුදලක් නැත. ඔහු ඉගැන්වීමට මුදලක් අය කළේ නැත. දැන් ඔහු අසරණය. දීග දෙන වයසක සිටින තම දියණියට හොඳ දෑවැද්දක් ලබා දීමට ඔහු අපොහොසත්ය. මේ සමාජ ක්‍රමය තුළ හරිහමන් වත්කමක් නොමැතිව කාන්තාවක් කැන්දාගෙන යාමට කැමති වන පිරිමින් නොමළ ගේකින් අබ මිටක් සොයනවා වැනිය.
    ශිල්පය පරණ වෙලා කියන්නේ මොකක්ද?
    මේක පැහැදිලි කරගන්න තමයි දැම්මේ.
    මේක ශුවර් එකට ජෙප්පෙක් ලියපු ලිපියක්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    සැබෑ ගුරුවරු ගැන... දැන් 50%ක් වගේ ඉන්න ගුරුහොරු ගැන නෙමේ.
    මගේ යාලුවෙක අවුරුදු 2-3කලින් කිවුවා නෝපේ යන ගුරුවරු ඉන්නවලු.. අපේ කාලේ උපරිම අවුරුද්දට දවස් 10ක් ගුරුවරු පාසලට එන්නේ නැතුව ඇති
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    pana_mada_kadithi_ape_guruthuma.png

    මේ සිංදුවේ තේරුම මොකක්ද?
    තමුන්ගෙ දියුණුව ගැන බිඳක්වත් නොසිතා සිසුන්ගෙ ඇස් පාදන්න කැපවුණ ගුරුවරයෙක් ගැනයි මේ කියන්නෙ...
    මේ ගුරුතුමාගෙන් ශිල්ප ඉගෙනගෙන ඉහල තැන් වලට ගිය මුල අමතක ගෝලයින් කොච්චර හිටියත්, තමුන් ඉගෙනගත් දෙයින් තවමත් සිසුන්ට, නිවැරදි මාවත පෙන්වීමට කැපවෙන ආකාරය තමයි පළවෙනි පද පෙලෙන් කියන්නෙ...

    තමුන් ඉගෙනගත්ත පොත පතින් දැනුම ලබාගෙන ඉවරවෙලා තව කෙනෙකුට ඒ දැනුම ලබාගන්න අවස්ථාවක් නොදී, පොත් පත් විසිකරල දාන ගුණමකුවන් ගැන තමයි දෙවෙනි පදපෙළේ කියවෙන්නෙ,
    කුමාරෝදය වගේ පොත්, බෝතල් පත්තර කාරයින්ට විකුණල,
    ඒවයෙ පිටු වලින් කජු ඔතනව,
    ඒ පොත්, වේවැල් පහරකින් හරි පාසලක පහස ලබන්න ඉල්ලල ඉකිබිඳිනව...

    තුන්වන පදපෙළින් තමයි,
    තමුන්ගෙ ජීවිතේම පාසල වෙනුවෙන් කැපකරපු ගුරුවරයගෙ දැන් තත්වය පෙන්නල තියෙන්නෙ,
    මෙතෙන්දි සමන්පිච්ච කැකුළිය කියල හඳුන්වන්නෙ, කසාද බඳින්න විදිහක් නැතුව ගෙදරට වයස යමින් ඉන්න ගුරුවරයගෙ දුව....
    ඒකට හේතුවෙලා තියෙන්නෙ දෑවැද්ද... රන්මසු, පටපිලී, අභරණ උරණ වෙලා කියල කියන්නෙ ඒකයි...
    ලොකුහාමිනේ බිතුසිතුවමක් වෙලා කියන්නෙ, ගුරුතුමාගෙ බිරිඳ මේවෙනකොට මියගිහිල්ල...
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    කාලෙකට පස්සෙ ශිශ්‍යා ගුරුතුමා ගෙ ගෙදර ගිහින්.
    සර් තාම උගන්නනවා
    ඉගෙන ගත්ත උන්ට කෙල වෙලා. පිස්සු කෙලපු / කෙලෙහි ගුනයක් නැති උන් ගොඩ ගිහින්
    සර් ගෙ දුව ගෙදරට නාකී වෙලා
    නෝනා මැරිලා

    ඕක තෙරෙන්නෙ නැද්ද බන්
    ඉගෙනගත්තු උන්ට කෙලවෙන්නේ කොහොමද?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉගෙනගත්තු උන්ට කෙලවෙන්නේ කොහොමද?
    සාමා අමර කියන්නෙ යහපත් ඉගෙනුමට ලැදි ලමයෙක් කියලද, එහෙම නැති නසරානී කියලද ඔලුවට එන්නෙ. ලියපු එකා එහෙම meaning එක ගත්ත වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: PHBhagya

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    සාමා අමර කියන්නෙ යහපත් ඉගෙනුමට ලැදි ලමයෙක් කියලද, එහෙම නැති නසරානී කියලද ඔලුවට එන්නෙ. ලියපු එකා එහෙම meaning එක ගත්ත වෙන්න පුලුවන්
    කොහොමහරි ටියුශන් ගුරුවරු වැරදියි, ටියුශන් නොකරපු ගුරුවරු හරි කියලද කියන්නේ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සාමා අමර කියන්නෙ යහපත් ඉගෙනුමට ලැදි ලමයෙක් කියලද, එහෙම නැති නසරානී කියලද ඔලුවට එන්නෙ. ලියපු එකා එහෙම meaning එක ගත්ත වෙන්න පුලුවන්
    යස්...
    මේ අදහසත් වෙන්න පුලුවන්...
    යහපත් කල්ක්‍රියාවෙන් ඉඳගෙන, ඉගෙනගත්ත අයට කෙලවෙලා කියන අදහස....
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේ සිංදුවේ තේරුම මොකක්ද?
    ගම්බද පාසලකි. ඒ පාසලේ සේවය කරන ඉස්කෝලෙ මහතෙකි. විශ්‍රාම යෑමට ආසන්නව මහලු විය එලිපත්තේ සිටින ඔහු හිමිදිරියේ බෑගය කරට ගෙන පාසල වෙත ගාටමින් සිටී. මේ දර්ශණය දකින්නේ ගැමි තරුණයෙකි. දුප්පතෙක් වුවත් පොහොසත් හදවතක් ඇති මෙකී තරුණයාගේ සිතුවිලි මේ ගීයෙන් ප්‍රකාශිත වේ.

    තමා කුඩාකල ශිල්ප ඉගැන්වූ ගුරුවරයා ගැන විශාල ගෞරවයක් මෙකී තරුණයාට ඇතිවේ. තමාට හොඳ නරක කියා දුන්නේ ඔහුය. නොමිනිසුන්ගෙන් මිනිසුන් වෙන්කර ගැනීමට ඉගැන්වූයේ ඔහුය. ජීවිතයේ අනේකවිද දුක් කම්කටොලු, බාදක ජයගන්නා හැටි කියා දුන්නේ ඔහුය. ඒත් තමා එදා ශිල්පයේ වටිනාකම නොහැදින කෑලේ පැන්න අයුරු සිහිවේ. මෙකී තරුණයා වෘත්තියෙන් රටකජු වෙලෙන්දෙකි. මෙකී ගුරුතුමාගෙන් ශිල්ප උගත් තමාගේ සමකාලීන මිතුරන් ඔහුට සිහිවේ.ඇතමුන් හොඳින් ඉගෙනගෙන සමාජයේ ඉහල තැන්වල වැජබෙන අයුරු ඔහුට සිහිවේ. තමා අද කඩපොලේ රටකජු විකුණා ජීවිකාව සරු කරගන්නේ එදා ඉගෙනීමට මුල් තැන නොදුන් නිසා බව සිහිවන ඔහු දැඩි ලෙස පශ්චාත්තාප වේ. එකී වේදනාව නිසා ගුරුතුමාගේ වේවැලින් තමාටම තලාගැනීමට තරම් සිතක් ඇතිවේ.

    දිනය අවසානයේ රටකජු කරත්තය තල්ලු කරගෙන පාසල ඉදිරි පිටින් යන මෙකී තරුණයාට තමාගේ ගුරුතුමා මුණගැසීමට සිතක් පහලවේ. ඔහු සිය පාසල් ගුරුතුමා සමග බොහෝ වේලාවක් සතු‍ටු සාමිච්චියේ යෙදෙයි. ඔහුට දැනගැනීමට ලැබෙන්නේ ගුරුතුමාගේ එකම දියණිය දෑවැද්ද සොයා ගත නොහී තනිකඩව සිටින බවයි. "කෝ අපේ ලොකු හාමිනේ?" තරුණයා අසන්නේ ගුරුතුමාගේ බිරිඳ ගැනයි. බිත්තියේ එල්ලා ඇති ලොකු හාමිනේගේ ඡායාරූපය පෙන්වන ගුරුතුමා පවසන්නේ ඇය මීට වසරකට පෙර මෙලොව හැර ගිය බවයි. ගුරුතුමාගේ දෑසින් එලියට පනින්නට වෙර දරන කඳුලු බිඳු දෙකක් දකින තරුණයාට සමස්ථ ගුරු ප්‍රජාව ගැනම ඇතිවන්නේ විශාල ස්නේහයක් සහ අනුකම්පාවකි.
     
    Last edited: