පැපුවා නිව් ගිනියාව (PNG) 16+

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    පැපුවා නිව් ගිනියාව මේ දිනවල ලංකාවෙ ටිකක් ජනප්‍රිය රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් යන අය පිටුවහල් කරන්නෙ පැපුවා නිව් ගිනියාවට :rolleyes::rolleyes:. පැපුවා නිව් ගිනියාව කියන්නෙ ටිකක් ජනප්‍රිය නැති රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් අපේ අය ලෝකෙ ජනප්‍රිය වෙනවා. ඒ වගේම පැපුවා නිව් ගිනියා අයටත් තව ටික කාලෙකින් අපිව එපා වෙලා වෙන රටකට යවයිද දන්නෙත් නැහැ. ඔස්ට්‍රේලියාවෙ අලුතින් පත්වෙච්චි අගමැති තුමා බෝට්ටුවලින් ඔසී යන සංක්‍රමනිකයන් ඔසී වලට ගන්නෙම නැහැය. උන් ඔක්කොම එක්කාසු කොරලා කොටස් වශයෙන් පැපුවා නිව් ගිනියාවට යවනවාය කියලා තිබුනා. කොහොම වුනත් ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න සරණාගතයින් වෙන රටවලට පිටුවහල් කිරීම ගැන ඔස්ට්‍රේලියාවෙම සමහර කොටස් අතර මතබේධ තිබෙනවා.


    මේ පැපුවා නිව් ගිනියා කියන රට ලංකාව වගේ හත් ගුණයක් විතර විශාල රටක්. ඔස්ට්‍රේලියා කියන මහද්වීපයට උඩින් ඉන්දුනීසියාවට යාබදව තමයි මේ රට පිහිටලා තියෙන්නෙ. ඉන්දුනීසියාවෙ කොටසක් තමය් පැපුවා දූපතේ අනික් කොටස. මේ දේශසීමා සම්බන්ධ අරගල අනූව දශකයේ තිබිලා දැන් නම් ඉන්දුනීසියාව සහ පැපුවා රට සාම ගිවිසුමකට යටත් වෙලා ඉන්නවා. මේ රට තරමක් ඈත කාලෙක ඉතිහාසයක් තියෙන රටක්. ක්‍රිස්තු පූර්ව පන්සියය ඒ කිව්වෙ අපේ රටේ ඉතිහාසෙ අනුව ගන්න බැලුවොත් විජය කුමාරයා ලංකාවට එන්නත් අවුරුදු දෙසීයකට විතර කලින් පැපුවා නිව් ගිනියාවෙ දියුනු වාසස්ථාන තිබිලා තියෙනවා.

    දැන් මේ රටේ ඉන්න ජනගහනය තරමක් අඩුයි.වපසරිය අනුව වර්ග කිලෝමීටර 462,000 මේ රටේ ඉන්න මුළු ජනගහනය මිලියන 7කට පොඩ්ඩයි වැඩි. අපේ රටේ වර්ග කිලෝමීටර 65,000ක් ඇතුලෙ මිනිස්සු මිලියන 21කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතින් බැලුවොත් අපේ රටේ ජන ඝනත්වය එහෙම නැත්තං එක ඒරියා එකක ඉන්න මිනිස්සු ප්‍රමාණය වැඩියි.


    Hiri-Moale-girl+1.jpg

    පැපුවා රටේ උත්සව අවස්ථාවක්.



    ඔස්ට්‍රේලියාවෙ ඇමරිකාවෙ පිටිසරබද පළත් වල ඉන්න අය කියන විදියට ඒ රටවල් ටිකක් පාලු ස්වභාවයක් ගන්නවා. සමහර වෙලාවට අක්කර සිය ගනන් තියෙන්නෙ එකම ජාතියෙ ගහ කොළ සහ පරිසරේ. වැඩිමනක් නෙමෙයි ඉන්දියාවට වන්දනාවෙ යන ආච්චිලත් කියන්නෙ එහෙ කෝච්චියෙ දවස් ගනන් යනකොට දවසක් නිදාගෙන ඇහැරුනත් දකින්න ලැබෙන්නෙ එකම ආකාරෙ දර්ශනලු. ඒ අතින් ලංකාව සුපිරි.

    මේ නව ගිනියාව කියන රට දෙවන ලෝක යුද්දෙදි බොහොම සක්‍රිය රටක්. දෙවන ලෝක යුද්දෙදි ජපානය හිටියෙ ජර්මනියෙ සපෝට් එකට..අමරිකාව එංගලන්තය, ඔස්ට්‍රේලියාවට විරුද්ධ පැත්තෙ. මේ නව ගිනියා රටේදි බොහොම තද යුද්ධ තිබිලා තියෙනවා දෙවන ලෝක යුද්ද කාලෙ. ඒ කාලෙදි ජපාන සෙබලු ජපානෙ ඉඳල නැව් නැගල ඇවිත් අමරිකන් ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික සෙබලු ඒ රටවල ඉඳලා නැව් නැගලා ඇවිත් මේ විසාල දූපතේදී යුද්ධ කරගෙන තියෙනවා.

    බොහෝ කාලයක් විවිධ ජාතින්ට යටත් වෙච්චි නවගිනියාව 1975 දි ඔස්ට්‍රේලියාවෙන් නිදහස ලබාගන්නවා. මේ රටේ මිනී කන ගෝත්‍රිකයෝ ඇතුලු විශාල ප්‍රමාණයක ගෝත්‍ර සංඛ්‍යාවක් තිබෙනවා. මේ රටේ තියෙන තවත් එක ලොකු අවුලක් තමයි පාරවල්. ගොඩක් මනුෂ්‍ය වාසයන් වලට මාර්ග පහසුකම නැහැ. පැපුවා නිව්ගිනියාව ලංකාව වගේ හත් ගුණයක් විශාල වුනාට එහෙ පාරවල් වල මුලු දිග කිලෝමීටර 8500ක් වගේ අගයක් ගන්නවා. ලංකාවෙ පාරවල් වල මුළු දිග සැලකුවොත් ඒක කිලෝමීටර ලක්ෂයකට කිට්ටු අගයක් ගන්නවා. මහා මාර්ග සහ දුම්රිය මාර්ග පහසුව නැති නිසා බොහෝ තැන්වලට යන්න වෙන්නෙ ගුවන් යානා වලින් සහ හෙලිකොප්ටර වලින්.

    ලෝකයේ වැඩිපුරම ගුවන් තොටුපලවල්තිබෙන රටක් තමයි පැපුවා නිව්ගිනියාව කියන්නෙ.. මේ රට ආර්ථික අතින් එතර්ම හොඳ තැනක තිබෙන රටක්නෙමෙයි. අන්තර්ජාල වාර්ථා අනුව පැපුවා නිව් ගිනියාව ගණිකා වෘත්තිය සහ ලිංගික අපචාර වලට නමගිය රටක්. ටිකක් මුදල් හදල් තියෙන අයට සංචාරය කරන්න නම් පැපුවා නිව් ගිනියා කියන්නෙ ලස්සන රටක්. නමුත් අනාථයින් විදියට ඒ රටට යැවෙන අයට මොනවා වෙයිද කියල නම් හරියටම කියන්න හැකියාවක් නැහැ.



    IMG_1969.JPG


    6Postcard---Miss-Air-Niugini.jpg


    මේ ඉන්නේ පැපුවා වල Miss PNG Traditonal 2002 :P

    2116098_orig.jpg

    ගවේශනය නොකල රට..

    මේ රට විශාල රටක්. ඒ කිව්වෙ සතා සීපාවා ගහ කොළ ආදිය තවමත් ඒ තරම්ම සිතියම් ගත වෙලා නැහැ. පැපුවා නිව් ගිනියාව ගිණිකඳු සහ ස්වාභාවික විපත් වලින්ද සපිරි රටක්. මිනිස්සුත් ගෝත්‍රිකයින් වශයෙන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ රටේ මිලියන හතක ජනගහනය භාෂා හත්සියයක් පමණ කතාකරනවා. රටේ ජනතාව බහුතරයක් දිළින්දන් විදියට තමය් පොත්වල තියෙන්නෙ. නමුත් ගෝත්‍රිකයින් කාල බීල ඇඳල ඉන්නවත් ඇති. දිළිඳු බව මනින එක නිර්නායකයක් තමයි ඒක පුද්ගල ආදායම. මේ රටේ බොහෝමයක් මිනිස්සුන්ගේ දෛනික ආදායම අමරිකානු ඩොලර් 1 කටත් වඩා අඩුයි කියල තමයි වෙබ් අඩවි වල විස්තර තියෙන්නෙ.

    මේ රට සැඟවිලා තිබුනාට ඒඩ්ස් කොළරාව, පාචනය වගේ රෝගවලින් අඩුවක් නැති රටක් . ඒ වගේම මේ මිනිස්සු ඉන්නෙ සාපේක්ෂව සුවල්ප ගානක් වුනාට මේ අය ටිකක් කලහකාරි පුද්ගලයෝලු. ඔවුන්ට පොලිසි පද්ධති සහ සෞඛ්‍යාරක්ෂණය ඔස්ට්‍රේලියාව විසින් පුරුදු පුහුනු කරනවා කියලයි ජාලගත තොරතුරු කියන්නෙ.


    අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා පනිමි.
    අසුවන විදියට ම පනිමි.
    මාව පැපුවාවට පිටු වහල් කෙරේවා...!!!!



    මේ මචං, මුං මානව භක්ෂකයො ද?
    එහෙම වුනොත් නං හොද තියන *කේ ටිංකිරි ගාගන්න වෙන්නේ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා පනිමි.
    අසුවන විදියට ම පනිමි.
    මාව පැපුවාවට පිටු වහල් කෙරේවා...!!!!



    මේ මචං, මුං මානව භක්ෂකයො ද?
    එහෙම වුනොත් නං හොද තියන *කේ ටිංකිරි ගාගන්න වෙන්නේ.

    මුන් මානව භක්ෂකයො
    හැබැයි ඒවගේම මුන් කිබුල්ලු මරණ කනවලු විනෝදාංශයක් වශයෙන් :baffled::baffled:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට කාලෙක්ට කලින් ඔහේ යන්න සෙට් වුනා.. මම ගියේ නෑ.. අම්මෝ දැන් තමයි හිතෙන්නෙ වෙලාවට නොගිහින් හිටියේ කියලා.. :)

    නියම පෝස්ට් එක මචං... :D රෙප් දෙන්න බැහැල්ලු... :sorry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට කාලෙක්ට කලින් ඔහේ යන්න සෙට් වුනා.. මම ගියේ නෑ.. අම්මෝ දැන් තමයි හිතෙන්නෙ වෙලාවට නොගිහින් හිටියේ කියලා.. :)

    නියම පෝස්ට් එක මචං... :D රෙප් දෙන්න බැහැල්ලු... :sorry:

    ඒ මොකෝ උබ බෝට්ටුවෙන් වත් පැන්නද ඔසී වලට :baffled:
    වෙලාවට ගියේ නැත්තේ .ගියානම් එක්කෝ AIDS හරි මොකක් හරි ලෙඩක් හැදිලා මැරෙනවා
    නැත්නම් උන් මරාගෙන කනවා :baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනෙ අම්මේ ඕන නෑ.....
    යන්නේ නෑ.....
    උන් පන පිටින් ඉන්න උන්ව කෑල්ල කෑල්ල කපල ලු කන්නේ.....

    තන් බලන්න ගිහින් @ දෙක නැති කරගන්නේ මොකට ද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    ඔය ගමන්ම කුට්ටමටත් ලනුවක් දාල බෙල්ලේ එල්ලගත්තානම් පංකාදු පහයි බොල.

    හැබැයි මේ පින්තූරේ දැක්කම දත්කිඹුලා අයියට යන්න හිටපු ගමන එපාවෙන්න ඇති......
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනෙ අම්මේ ඕන නෑ.....
    යන්නේ නෑ.....
    උන් පන පිටින් ඉන්න උන්ව කෑල්ල කෑල්ල කපල ලු කන්නේ.....

    තන් බලන්න ගිහින් @ දෙක නැති කරගන්නේ මොකට ද?

    උන්ගේම ළමයි මරල කනකොට අපි ගැන කුමන කතාද
    @දෙක විතරක් නැති වෙලා ඉතුරු උනොත් යහපති :P