සුපිරි නූල...

ඔය රෙජී අයිය කියන්නෙ රෙජිනෝල්ඩ් මෙන්ඩිස්...
එයා තමයි දැන් හොඳ දක්ශ නළුවෙක් වෙලා ඉන්න, ලක්ශ්මන් මෙන්ඩිස්ගෙ තාත්ත....
කාපෙරි මුඩුක්කුවට එන්ට්රන්ස් තිබිල තියෙනව කොටුවෙ මල්වත්ත රෝඩ් එකෙන්...
මල්වත්ත රෝඩ් එක පැත්තට ඉස්සර ආහාර දෙපාර්තමේන්තුවෙ ගබඩාවෙ ගේට්ටුවක් තිබිල තියෙනව.... දැන් චාමස් කාර් පාක් එක තමයි ඉස්සර ෆුඩ් ඩිපාට්මන්ට් එක...
කාපෙරි මුඩුක්කුවෙ ඉන්න කොල්ලො ඔය ඩිපාට්මන්ට් එකේ උන් එක්ක හරි හිතවත්...
මුන් පිට්පොකට් ගහල, හොරකම් කරල කෙලින්ම දුවන්නෙ ගබඩාව ඇතුලට... පස්සෙන් එලවගෙන යන උන්ව ගබඩාවෙ සිකියුරිටි එකෙන් ඇතුලට ගන්නෙ නෑ... අරූ ඉතිං මේ පැත්තෙ ගේට් එකෙන් ඇතුලට ඇවිල්ල අනික් පැත්තෙ ගේට් එකෙන් එළියට එනව....